පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනී යාපනය ,පොම්බවේලි , වයි හංදිය මාර්ගය අසල පෙහොර උරයක දමා ගොස් තිබූ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (26) උදැසන සොයාගත් බව යාපනය පොලිසිය කියයි. 26 November 2017
කැනඩා ගමන පුත්තලමෙන් නිමාවේ නීති විරෝධී ලෙස කැනඩාව බලා යාමට තිල්අඩිය ප්‍රදේශයේ උත්සව ශාලාවක රැදී පුද්ගලයින් 26 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස නොවිසුදුණු විමර්ශණය ඒකකය කියයි. 26 November 2017
මහවිරු සතිය සමරන්න යාපනය සරසවියෙන් ඉල්ලීමක් කොටි සංවිධානය නායක වේලුපිල්ලේ ප්රභාකරන් සහ මහ විරු සමරුව අභිමානවත්ව සමරන්නැයි ඉල්ලා යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨය ප්රභාකරන්ගේ රුව සහිත පෝස්ටර් අලවා ඇතැයි 26 November 2017
වැලි ලොරිය ප්‍රපාතයට දෙදෙනෙක් රෝහලට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක්, හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේදී අද (25) අළුයම 01.50 ට පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එම ලොරියේ ගමන්ගත් දෙදෙනෙක් සුලු තුවාල ලබා ඇතැයි නානුඔය පොලිසිය කියයි. 25 November 2017
ඊජිප්තු වෙඩි තැබීමකින් 200ක් මරුට ඊජිප්තුවේ උතුරු සිනායි පළාතේ මුස්ලිම් පල්ලියක යාච්ඥාවල යෙදි සිටි පිරිසකට සටන්කාමීන් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් හා වෙඩි තැබීමකින් 200 දෙනකු මියගොස් ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 24 November 2017
ජනිපෙ වැඩ බලන ලේකම් කපිල ගමගේ ජාතික නිදහස් පෙරමුණේ වැඩබලන ප්‍රධාන ලේකම්වරයා ලෙස පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ දේශපාලන මණ්ඩල සභික නීතීඥ කපිල ගමගේ මහතා පත්කරගෙන තිබේ. 24 November 2017
දහඅට වංගුවේ දැඩි මීදුමක් මහියංගන - අහ අට වංගුව මාර්ගයේ හුන්නස්ගිරිය, උඩදුම්බර සහ හසලක ප්‍රදේශ අතර අද පස්වරුවේ (24) දැඩි මීදුම් තත්වයක් පවතින බැවින් කල්පනාකාරීව රිය පදවන්නැයි හසලක පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. 24 November 2017
මැතිවරණ කොමිසමෙන් හෙට විශේෂ තීන්දුවක් පළාත් පාලන මැතිවරණය සම්බණ්ධයෙන් විශේෂ තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම සෙනසුරාදා සවස රැස්වීමට නියමිත බව එහි අරංචි මාර්ග කියයි. 24 November 2017
විදේශ මුදල් පනතින් ජාවාරම්කරුවන් රකිනවා - පුබුදු විනිමය පාලන පනත අහෝසි කර අලූතින් ගෙන ආ විදේශ මුදල් පනත ජාවාරම්කරුවන් වෙනුවෙන් වාසි සලසන පනතක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය. 24 November 2017
ඡන්දය ඉල්ලා ජවිපෙන් උද්ඝෝෂණ මාලාවක් පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බල කරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. 24 November 2017
ලංකාවේ ඉඩම් මැනීමට ඇමෙරිකාවට දෙනවාට විරෝධය ශ්‍රී ලංකාවේ ඉඩම් මැන සිතියම් ගතකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ඇමරිකාවේ ආයතනයකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය දී තිබෙන බවත් එම කැබිනට් අනුමැතිය ලබන තිස් වැනිදාට පෙර ඉවත් නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවසීය. 24 November 2017
වංචාවට එරෙහි වෙනවාට විරුද්ධනම් තනතුරු අතහරිනවා දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 24 November 2017
නාන්න ගිය අයියා නගෝ ගිලී මරුට වවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය සහෝදරයින් දෙදෙනෙකු අද (24) දහවල් දියේ ගිලී මිය ගොස් ඇති බව මාමඩුව පොලීසිය පවසයි. 24 November 2017
අතුරුදන් වු තරුණයාගේ සිරුර ගොඩගනී බදුල්ල මහියංගන මාර්ගය අතරතුර හමුවන මහවැලි අන්තර් නිම්න ඇල මාර්ගයේ පැති බැම්ම මතින් දිවෙන මාර්ගයේදී බ්‍රහස්පතින්දා (23) මෝටර් රථයත් සමඟ ඇලට වැටීමෙන් පසුව අතුරුදන්වූ තරුණයාගේ මළ සිරුර ගැමුණූපුර ඇල මත පාවෙමින් තිබියදී අද (24) දහවල් ගොඩ ගත් බව පොලීසිය පවසයි. 24 November 2017
සූරියවැව පාසල් ප්‍රශ්න පත්‍ර අවුලක් පාසැල් වාර විභාගයේ 10 ශ්‍රේණියට අදාලව අද(24) ලබා දීමට නියමිතව තිබු ඉංග්‍රිසි ප්‍රශ්නපත්‍රය සුරියවැව විහාරගල ඉසුරු පාසලේ දී පසුගිය 21වැනිදා ලබා දී ඇතැයි දෙමාපියෝ කියති. 24 November 2017
කෘෂිකර්ම ගොඩනැගිල්ලේ බදු ගිවිසුම අමාත්‍යංශයේ නෑ ආන්දෝලනයට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම මේ වනවිට අමාත්‍යංශය සතුව නැතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “ලංකාදීප”යට පැවැසීය. 24 November 2017
මත්පෙති සමඟ පුද්ගලයෙක් සිංහපුර දී අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු වෙනුවට මත් ලෝලීන් භාවිතා කරන මත්පෙති තොග වශයෙන් අලෙවි කරන ජාවාරම්කරුවකු මත්පෙති 1475 ක තොගයක් සමඟ කොලොන්නාව සිංහපුර දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මුලස්ථානය කියයි. 24 November 2017
හිරුනිකාගේ ආධාරකරුවන් 6කට අත්හිටවූ සිර දඬුවම් දෙමටගොඩ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගොස් සිරකර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 6කට කොළඹ මහාධිකරණය අද(24) බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ අතර එය වසර 12කට අත්හිටවීය. 24 November 2017
ජනපති ඥාතියාගේ නිවසත් කොල්ලකයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඥාති සහෝදරියකගේ ඇතුළු නිවාස 40ක් පමණ කොල්ල කෑ බව කියන යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකු අද (24)තඹුත්තේගම කොන්වැව දී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය කියයි. 24 November 2017
සිම්බාබ්වේ හිටපු මුදල් ඇමති පොලිසියට බාරදෙයි සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේ වටා සිටි ‘අපරාධකරුවන්ට‘ එරෙහිව කරන ලදැයි පැවසෙන හමුදා ක්‍රියාන්විතයේ දී අත්අඩංගුවට ගෙන සිටි එරට හිටපු මුදල් අමාත්‍ය ඉග්නේෂියස් චොම්බෝ මහතා පොලිසියට බාර දී ඇතැයි වාර්තා වේ. 24 November 2017
පාසල් සිසුන්ට සපත්තු ගන්න වවුචරයක් පාසල් සිසුන්ට සපත්තු සඳහා වවුචර්පත් නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අනුව මෙම ව්‍යාපෘතිය 2018 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය. 24 November 2017
අවුරුදු 13ක දරුවෙක් අත්අඩංගුවට ග්රෑන්ඞ්පාස් ස්ටේට්පුර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා පවුම් 8 ක රන් මාලයක් සොරාගෙන එය උකස් තැබීමට උත්සහ කළ බව කියන අවුරුදු 13 ක පිරිමි දරුවකු අත්අඩංගුවට ගත් බව ග්රෑන්ඞ්පාස් පොලිසිය කියයි. 24 November 2017
රැකියා විරහිත උපාධීධාරීහූ මානව හිමිකම් යති ගුරු පත්විම් සහ සංවර්ධන නිලධාරි පත්විම් ලබාදිමේදි අසාධාරණ ආකාරයට කටයුතු කර ඇති බවට චොදනා කරමින් උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරීහූ පිරිසක් අද (24) දින මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිළි කළහ. 24 November 2017
බෝම්බ කතාව ගැන පියවර ගන්න වරප්‍රසාද කමිටුවට පුළුවන් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර එල්ල කළ යුතුයැයි විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනකු කරන ලදැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගැනීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට හැකියාව ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. 24 November 2017
පොලිස්පතිගේ නම විකුණා ස්ටිකර් ඇලවූ සිද්ධිය ගැන පරීක්ෂණ පොලිස්පතිවරයාගේ අනුදැනුම මත බව පවසමින් හැටන් නගරයේ පසුගියදා ති‍්‍රරෝද රථවල පොලිස් බල ප්‍රදේශය සඳහන් කරමින් කිසියම් පිරිසක් ස්ටිකර් ඇලවිම සම්බන්ධයෙන් නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පරික්ෂණයක් ආරම්භ කර ඇත. 24 November 2017
ඉන්දු - ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට සාකච්ඡා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති මිත්‍ර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරලීම සඳහා අනාගතයේ ගත යුතු ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවති සාකච්ඡාවන්හි දී අවධාරණය කෙරිණි. 24 November 2017
ඒකාබද්ධයේ මන්තී‍්‍ර රොෂාන්ට ජීවිත තර්ජන සංවිධානාත්මක පිරිසක් තමාට සහ තම පවුලේ උදවියට ජීවිත තර්ජන එල්ල කර ඇතැයි පොළොන්නරුව දිස්ති‍්‍රක් (එජනිස) මන්තී‍්‍ර රොෂාන් රණසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කියා සිටියේය. 24 November 2017
ඡන්දය කඩිනමින් ඉල්ලන යෝජනාවක් මැතිසබේට පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට පක්ෂ නායකයින් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබේ. 24 November 2017
බලපිටියට කිඹුල් උද්‍යානයක් ගාල්ල හා ඒ අවට ප්‍රදේශයන්හි දැඩි තර්ජනයක් වී තිබෙන කිඹුලන් සඳහා බලපිටියේ උද්‍යානයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව හික්කඩුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ඒ.වී.කසුන් තරංග මහතා පවසයි. 23 November 2017
වියලුවේ අනතුරකින් අඹුසැමි යුවලක් මරුට බදුල්ල මහියංගන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ මෝටර් රථයක් අටවන කිලෝමීටර් කණුව ආසන්නයේදී වියානා ඇලට පෙරලිමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි. 23 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026