බිඟුන් මේනක ගමගේ
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් පිහිටු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විනාශ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා චෝදනා කරයි.
ජනාධිපතිවරයා 2015 ජනවාරි 8 සිවිල් සංවිධාන ඇතුළු ලක්ෂ හැට දෙකක ජනතාවට දුන් ප්රතිඥාවලට පසුපස හරවා දේශපාලන ගමනක් යද්දී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එයට දැඩි විවේචනයක් එල්ල කළ බවත් එනිසා ඔහු විවිධ ක්‍රියාමාර්ගවලින් සිය සංවිධානය විනාශ කිරීමට උත්සාහ කරන බවත් මහාචාර්යවරයා සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ලිපි ලේඛන සම්බන්ධයෙන් කටයුතු කළ සාමාජිකයකුගේ නොමනා ක්‍රියා නිසා ඔහුව සංවිධානයෙන් ඉවත් කිරීමට සිදු වූ නමුත් ජනාධිපතිවරයා පසුගිය නිව්යෝර්ක් සංචාරයට ඔහුව සහභාගී කරගනිමින් තම බලය අවභාවිත කිරීමට කටයුතු කර ඇති බවට මහාචාර්ය විජේසූරිය චෝදනා කළේය.
තමාට ජනපති ධූරයට එන්නට අත දුන් බලවේග ඈත්කර ගැනීමෙන් නොනැවතී ඒවා විනාශ කරන තැනකට ජනාධිපතිවරයා වැටීම කණගාටුවට කරුණක් බවත් එමගින් සැබෑවටම සිදුවන්නේ ජනාධිපතිවරයාගේම විනාශය බවත් ඒ මහතා සඳහන් කළේය.
මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන චරිත තුනම අසාර්ථක නායකයන් හැටියට ජනතාව අතර සන්නාම ගත වී අවසන් බවත් විවිධ වෘත්තිකයන් ඇතුළු සමාජ කණ්ඩායම් නව දේශපාලනයක් වෙනුවෙන් පෙරට ඒම සුබවාදී ලකුණක් බවත් මහාචාර්ය විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔබතුමාලගේ ධර්මය. අපිව රවට්ටන එපා.
දැන් ඕවා කියලා බේරෙන්න බැහැ. මේ රට අද වැටී ඇති තත්වයට ඔබතුමාත් වගකිවයුතුය. ඒ වෙනුවෙන් ජනතාවගෙන් සමාව ගතයුතුය. තවත්නම් තීරණයක් ගන්න බැරි පොදු අපේක්ෂකයෝ ගෙනැල්ලා රට තවත් ප්‍රපාතයට ඇද දමන්න එපා.
සිරිසේන ජනාධිපතිවරයා හැට දෙලක්ෂයක් ජනතාවට පිටුපස හැරෙව්වේ නි.පක්ෂයේ නායකත්වය බාරගත් දිනයේ සිටය. ඔහුව 2015 පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත්කර ගත්තේ ස්වාධීනව තම රාජකාරී කටයුතු කිරිමට මිසක පක්ෂයක් ප්‍රවර්ධණය කිරිමට නොවේ. අද ඔහු වටේ සිටින දේශපාලන අනාථයන් කිහිප දෙනෙක් ඔහුව මෙහෙයවන තත්වයකට ඔහු පත්වී ඇත. රටේ බහුතර ජනතාවගේ අපේක්ෂා බිද වැට්ටුවා පමණක් නොව කණගාටුදායක අනාගතයකට ඔහු දැනුවත්වම රට මෙහෙයවන බවක් පෙනේ.
අවුරුදු 30ක් යුද්ධය සහ ත්‍රස්තවාදය නැතිකිරීමේ දේශපාලන නායකත්වය සහ බටහිරට ගැතිනොවීම අසාර්ථක නායක කමේ ලකුණක්නම් සාර්ථක නායකයකුවීම සඳහා සුදුසුකම් මොනවාද කියා මහාචාර්යතුමාගෙන් අහන්න කැමතියි.
අනාගත ජනාධිපති කමට කෙනෙක් ව ඔබතුමාම නම් කරොත් හොඳයි
පැදුරෙන් බිමට වැටෙන්නේ නැහැ මහාචාර්යතුමෝ!!!!
මෙච්චර කල් කරේ රට නැත්තටම නැති කරල ව්නාශම කරල දාන එක නෙමෙයිද? තව සාධාරණයක් ගැන කියවන්නත් එනවා........
පණ්ඩිතයන්ට ඒදන්ඩේ යන්න බැරි බව අපේ මහාචාර්ය තුමා (අ)සාර්ථක නායකත්ව ගැන කියන්න ගිහින් ඔප්පු කරා.
මේ රටට හෙන කැටල දැං නන්දෙඩෙව්වට වැඩක් නෑ. ඔබලා ඔබලාගේ රාජකාරිය හරියට කරල උගත් තරුණ පරපුරක් බිහිකරන්න එක එකාට කඩේ යන්නේ නැතිව අඩුගානේ එතකොට මේ රටේ මහජනතාවට දුක නැතුව කතිරෙ ගහන්න අපේක්ෂකයෙක් හරි උන් අතරින් බිහිවෙයි. මේ රටේ හැම එකාම තමන්ට නියමිත වැඩේ හැර අනිත්වැඩ ඔක්කොටම හොට දානව ඒ නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.
මේ අපේ රටේ ඉන්න පොතේ උගතුන්ගෙන් කෙනෙක්. ඒ උනාට ප්‍රයෝගික ජීවිතය ගැන දැනුම බින්දුවයි. මෙයාල දන්නේ පොත්වල ලියල තියෙන දේ කියන්න මිසක ප්‍රායෝගික ප්‍රශ්නවලට උත්තර සපයන්න නෙමෙයි. ඒ උනාට අපේ රටේ ලොකුවට උගත්කමක් නොතිබුණු නායකයෝ ප්‍රායෝගික ප්‍රශ්නවලට ඉතාම හොදින් පිළියම් යෙදුවා. උදාහරණ විදියට ඩි එස් මහත්තය, ප්‍රේමදාස මහත්තය , මහින්ද මහත්තය හැදින්විය හැක.
ආණ්ඩු වෙනසක් වුනොත් බඩේ පාර වදින්නේ මේයාලට ..ඉතින් කලබල වෙන එක සාධාරණයි ..ඩොලර් වලින්නේ ලැබෙන්නේත්..
ඔබතුමාල ඇතුළු සෝභිත හිමි උත්සාහ ගත්තෙ මේ රටට යහපතක් උදා කරදීමටයි...... .නමුත් මෙම අදහස් දාන අය දිහා බැලුවම පේනව පාට පක්ෂ මිසක් ඔලුවෙ වෙනදෙයක් නැ කියල .
බලයට ආවේ 62 ලක්ෂයගේ ඡන්දෙන් නොවේ ලක්ෂ දෙකහමාර ඡන්දෙන්. අංක ගණිතේ දන්නා අය ඉන්නවානම් ඡන්දවලින් ලක්ෂ දෙකහමාරක් අඩුකර මහින්ද මහතාගේ ඡන්ද ගොඩට එකතුකර බලන්න කොහොමද කියලා.
කේවට්ටයත් දැන් ගණන්කාරයෙක් වෙලානේ!