(නිමල කොඩිතුවක්කු)
රුපියල අවප‍්‍රමාණය වීමෙන් රටේ ආර්ථිකය කඩා වැටී නොමැති බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, තමන් ඇතුළු පිරිස බලයේ සිටින තාක් ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික ඔස්තාර්වරුන් කුමක් පැවසුව ද අර්බුද හා අභියෝග හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද කීවේය.
‘‘ රුපියල අවප‍්‍රමාණය විමත් සමඟ සමස්ත ශ්‍රී ලාංකීය ආර්ථිකය කඩා වැටෙන බවට ඒකාබද්ධ විපක්ෂය මේ රටේ යම් මතයක් ඇති කිරිමට උත්සාහ ගනිමින් සිටිනවා. ආර්ථිකය කඩා වැටෙනවා කියා මේ අය උදේ, දවල් රාත‍්‍රී මන්ත‍්‍ර ජප කරනවා.
ඔවුන්ගේ පාළන සමයේ මේ රටේ සිදුවූ මහා ආර්ථික කඩා වැටීම පිළිබඳ ඊයේ පෙරේදා ඉපදුණු අත දරුවන් වගේ ඔවුන් අමතක කරලා තියෙනවා.
2015 ජනවාර 08 වැනි දා අපේ ආණ්ඩුව බාරගත්තේ රාජය මූල්‍ය ආර්ථික කාල බෝම්බයක්. අතීතය ගැන මම නම් කතා කරන්න අකමැතියි. ඒත් අතිතය අමතක අත දරුවන් විශාල ප‍්‍රමානයක් පාර්ලිමේන්තුවේ සිටින නිසා මේ අයට ඒ අතීතය අපි මතක් කළ යුතුයි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයේ හිටිය කාලේදී තමයි ආර්ථිකය හොඳටම කඩා වැටුණේ?
අනේ බිම නං නිදාගන්න එපා. කූම්බියෝ මොලය කාවි. වටිනා මොලයක්.
බොරුවට එකේ එකේ කොළ පෙන්නුවට ප්‍රශ්නේ විසදෙන්නේ නැත........... ඩොලරයේ මිල ඉහළ යනවිට වැඩි වන ඉන්ධන මිල පාලනය කිරීමට ඉන්ධන වලට ගහන බද්ද අඩු කර එක බැලන්ස් කරන්න , නැතිනම් තෙල් මිල ඉහළ යනවිට සෑම භාණ්ඩයක්ම මිල ඉහළ යන නිසා, මධ්‍යම සහ පිඩිත පන්තියේ ආර්ථිකය කඩ වැටීම වැලක් විය නොහැක, ඔබතුමාලට නම් එක ප්‍රශ්නයක් නැත , මොකද පාර්ලිමේන්තුවේ දිනපතා තරු පහේ හෝටලයක මෙන් කෑම සකසන්නෙත් ඔබතුමාලගේ වී 8 වලට පැට්‍රොල් ගහන්නේත් ජනතා මුදලින් නිසා ,
රුපියල බාල්දු වුනාම ඔයාලාගෙ ආර්ථිකය කඩා වැටෙන්නේ නැතිවුනාට රටේ ජනතාවගේ ආර්ථිකය ජනතාවත් සමගම කඩා වැටිලා.
ප්‍රස්තාර වගු ලස්සනට පෙන්නුවාට වැඩක් නැහැ. අපේ අතේ සතයක් නැහැ.