දුමින්දගේ අභියාචනය කල් යයි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වී මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම් ලබන මාර්තු 29 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීරණය කළේය. 27 November 2017
සිවාජිලිංගම්ලා උත්සව පැවැත්විය යුත්තේ හමුදාව වෙනුවෙන් - පාඨලී උතුරේ දේශපාලනය කරන්නේ හමුදා විසින් එම ප්‍රදේශ මුදාගත් නිසා බැවින් සිවාජිලිංගම්ලා සමරු උත්සව පැවැත්විය යුත්තේ මිය ගිය හමුදා විරුවන් වෙනුවෙන් යැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. 27 November 2017
මාගම්පුර විරෝධතා නඩුව කල් යයි හිමි නමක් ඇතුළු පුද්ගලයින් 39 දෙනෙක් අම්බලන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර සිට පසුව සියලු දෙනා ඇප ලබා සිටියදී අද (27) යළි නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ කැඳවිණි. 27 November 2017
පොහොට්ටුව දිස්ත්‍රික් 3කට ඇප මුදල් තැන්පත් කරයි පළාත් පාලන මැතිවරණයට අද(27) නාම යෝජනා කැඳවීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක තුනක ආසන 16ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත. 27 November 2017
ජනපති දකුණු කොරියාවට දින තුනක නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. 27 November 2017
වෛද්‍යවරයාට මරු කැඳවූ අනතුරේ පරීක්ෂණ ගැන සැකයක් අලුත්ගම බෝගම දී විශේඥ වෛද්‍යවරයෙකුට මරු කැඳවමින් සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන් පක්ෂග්රාහී නොවී නිසි අන්දමින් පරීක්ෂණ සිදු කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා වීරඟුල පොලිසියට නියම කළේය. 27 November 2017
ගාල්ලේ පළාත් පාලන ආයතන 5 කට පොහොට්ටුව ඇප තැන්පත් කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 5 ක් සඳහා අද (27) දහවල් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා හමුවේ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කැරිණි. 27 November 2017
දෙමසකට පසු බොරැල්ල තරුණයාගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට බොරැල්ල සරණපාල හිමි මාවතේ දී තරුණයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සිද්ධියෙන් මාස දෙකකට පසු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 November 2017
පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ඇරඹෙයි පළාත් පාලන ආයතන 93ක් සඳහා මැතිවරණයට පැවැත්වීමට නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) පෙරවරුවේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. 27 November 2017
වෑන් රිය වාහන 10ක ගැටෙයි මාතර වැල්ලමඩම මාළු වෙළෙඳසල අසලදී අද (27) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන ත්‍රීරෝද රථ හතරක හා යතුරුපැදි හයක ගැටී පුද්ගලයින් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 27 November 2017
දැරණියගල ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට දරණියගල රංවල , මාලිබොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු හා කාන්තාවක් ඝාතනය කර ඇයගේ දරු දෙදෙනාට තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (27) වත්තක සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 27 November 2017
ආවා කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට අපරාධයක් සඳහා කඩුවක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටි ආවා කල්ලි සමාජිකයින් දෙදෙනකු අද (27) අලුයම චාවකච්චේරි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 November 2017
ලක්ෂ 6 ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට කල්පිටිය පොලිස් වසමට අයත් සෝට්ටුපිටිවාඩිය ධීවර ගම්මානයේ දී රුපියල් ලක්ෂ 6 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 38 ක් සන්තයේ තබා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 27 November 2017
මහවිරු සොහොන ඉදිකරනවාදැයි අගමැති සොයයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් විසින් ඔහුගේ විමධ්‍යගත අරමුදලින් රුපියල් මිලියන 4ක් කිලිනොච්චිහි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරන මහවිරු සොහොන ඉදිකිරීම සඳහා යොදාගෙන ඇත්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත. 27 November 2017
යතුරු පැදි-බස් අනතුරින් දෙදෙනකු මරුට යාපනය-නුවර ඒ09 මාර්ගයේ චාවකච්චේරි පූනාවිල් ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ යතුරු පැදියක් හා බස්රථයක් ගැටී යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනකු මිය ගිය බව චාවකච්චේරි පොලිසිය කියයි. 27 November 2017
ඒකාබද්ධ විපක්ෂයේ සහාය ජනපතිට - බන්දුල බැඳුම්කර මගඩිය හෙළිදරව් වීම නිසා කෝපයට පත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නගන විවිධ අවලාදවලට එරෙහිව ජනාධිපතිවරයා සමඟ එකට සිට ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. 27 November 2017
මිතුරාගේ නිරුවත් ඡායාරූප ගත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ජංගම දුරකතනයකින් මිතුරකුගේ නිරවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරි බව කියන කුරුණෑගල පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 26 November 2017
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ධුරයට වෛද්‍ය අනිල් ජාසිංහ නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කරනු ලැබ ඇත. 26 November 2017
අධිවේගයේ අනතුරින් මොරටු ක්‍රීඩා අධ්යක්ෂ රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවා ලැබූ මොරටුව විශ්ව විද්‍යාලයේ ශාරීරක අධ්‍යාපන අධ්යක්ෂ කේ කේ ආර් රත්නමුදලි මහතා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි. 26 November 2017
හිස හරහා ගිය තුවක්කු බටය ඉවත් කරයි බිබිල ඉඟිනියාගල ප්‍රදේශයේ දෙදරු මවකගේ හිස් කබල පසාරු කරගෙන ගිය යකඩ බටයක් මහනුවර ශික්ෂණ රෝහලේදී කළ පැය හයක පමණ ශල්‍යකර්මයක් පසු ඉවත් කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් අද (26) සමත්වූහ. 26 November 2017
මාතර කාන්තාවන් දෙදෙනකු මරාදාලා මාතර නාවිමන උතුර තුන්බෝධිය ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු සිය නිවසතුලදී මරා දමා සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. 26 November 2017
පුංචි ඡන්දය ගැන දෙමළ ප්රගිතිශීලී සන්ධානයේ තීරණයක් නෑ ඉදිරි පළාත් පාලන මැතිවරණයට දෙමළ ප්රගතිශීලී සන්ධානය තරග කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්රිෂ්නන් මහතා ලංකාදීපයට පැවසීය. 26 November 2017
පුත්තලමේ ඉඩම් මංකොල්ලයක් - ඇමැති රංගේ බණ්ඩාර පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සැකසීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ඉඩම් මිලදී ගැනීමේ දී දැඩි අවධානයකින් කටයුතු කරන්නැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 26 November 2017
කෝටි දෙකක හසීෂ් අල්ලයි අලෙවි කිරීමට සූදානම් කොර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් හසීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 34ක් සමඟ ධීවරයකු තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයේදී මන්නාරම විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ. 26 November 2017
2019 වනතුරු දකුණු මහ ඇමැති මමයි - ශාන් විජේලාල් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස් තම තමන්ගේ නඩු හබ වලින් බේරීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මුවා වෙමින් නව පක්ෂයක් තනන්ට කටයුතු කරමින් සිටින බවත් ඒවා අසාර්ථක උත්සාහයන් බවත් දකුණු පළාත් මහ ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි. 26 November 2017
පළාත් පාලන සංශෝධිත ගැසට්ටුව හෙට නිකුත් කරයි පළාත් පාලන ආයතන ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දී ආයතන 40 කට අදාලව සිදුවී ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කොට සංශෝධිත ගැසට් නිවේදනයක් හෙට (27) නිකුත් කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා තීරණය කර තිබේ. 26 November 2017
පුංචි ඡන්දයේ නාමයෝජනා නිවේදනය හෙට ආයතන 93 ක ඡන්ද විමසීම පැවත්වීමට මැතිතවරණ කොමිසම තීන්දුකර තිබේ. 26 November 2017
නේපාල මැතිවරණය ඇරැඹේ නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීම සඳහා නේපාල වැසියෝ අද (26) ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළහ. ප්‍රචණ්ඩත්වයත් අස්ථාවරත්වයත් පසෙකළා නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීම නේපාල වැසියන්ගේ අරමුණ වී තිබේ. 26 November 2017
ප්රභාකරන්ගේ උපන්දිනයට සිවාජලිංගම් කේක් කපයි යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයේ එල්ටීටීඊ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ බවට සැලකෙන ගෙවත්තේ අද (26) උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් කේක් කපා උපන්දින සැමරුමක් සිදු කොට ඇත. 26 November 2017
ජෝර්ජියාවේ හෝටලයක ගින්නෙන් 11 දෙනකු මරුට ජෝර්ජියාවේ කළු මුහුද ආසන්නයේ සංචාරක හෝටලයක ඇතිවූ ගින්නක් හේතුවෙන් 11දෙනකු මියගොස් 21ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ 26 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026