(මොහොමඩ් ආසික්)
ලෝකයේ වෙනත් රටවල අකුරට වැඩකිරීම යනු නියමිත වේලාවට වැඩ කිරීම වුවත් ලංකාවේ අකුරට වැඩ කිරීම යනු වැඩ නොකර සිටීම වීම කණගාටුවට කරුණක් බව කතානායක කරු ජයසූරිය මහතා පැවැසීය.
144 වන ලෝක තැපැල් දින උත්සවයට සහභාගී වෙමින් කතානායක කරු ජයසූරිය මහතා එසේ කීය.
මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09) පැවැති 144 වන ලෝක තැපැල් දින උත්සවයට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගේ ආරාධනයෙන් කතානායක කරු ජයසූරිය මහතා සහභාගී විය.
මෙහිදී තව දුරටත් අදහස් දැක් වූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේද කීය.
‘‘තැපැල් සේවය ලෝකයේ පැරණි සේවයක්. එදා තැපැල් නිලධාරීන්ට විශාල පිළිගැනීමක් තිබුණා. ලෝකයේ බොහෝ රටවල තැපැල් සේවය මේ වන විට නවීන තාක්ෂණය සමගින් මෙන්ම නව අංගයන් එකතු කිරීම මගින් අලුත් ගමනක් යන්න පටන් ගෙන තිබෙනවා.
අපේ රටෙත් තැපැල් සේවයට නව අංගයන් එකතු කරලා ඒ වගේම නවීන තාක්ෂණය හඳුන්වා දීම මගින් මහජනතාවට බරක් නොවන ආකාරයේ තැපැල් සේවයක් බිහි කරන්න ඕන.
ඒ සඳහා දැනටමත් තැපැල් අමාත්‍යාංශය සිය නිලධාරීන් පෙරටු කර ගෙන කරගෙන යන ක්‍රියාදාමය පැසසුම් කළයුතුයි. අපේ රටේ බොහෝ දේවල් ගැන සතුටු වෙන්න පුළුවන් වුනත් සමහර දේවල් ගැන කණගාටුවක් ඇති වෙනවා. ඇතැම් ස්ථානවල මාර්ග අවහිර කරගෙන ටයර් පුළුස්සාගෙන විවිධ උද්ඝෝෂණ කරනවා. මේවා ගැන සතුටු වෙන්න බෑ.
ලෝකයේ අනෙකුත් රටවල අකුරට වැඩ කරනව කියන්නේ නියමිත වේලාවට ඇවිත් නියමිත පරිදි වැඩ කරලා කියමිත වේලාවට පිටත්ව යාමයි. අටට වැඩ පටන් ගන්නවානම් අටට ඇවිත් හතරට අවසන් වනවානම් හතරට අවසන් කර යාමයි. නමුත් අපේ රටේ අකුරට වැඩ කිරීම යනු වැඩ නොකර සිටීම වීම කණගාටුවට කරුණක්‘‘ බවද කතානායකවරයා මෙහිදී කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ වෙන්න තව පරම්පරා හත් අටක්වත් ඉන්න වේවි.
ඔය අකුරට වැඩ කියන්නේ පොතේ හැටියට වැඩ කියන එකනේ. ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්නේ අපිද? ඔබතුමලානේ. තැන් තැන් වල කියව කියව ඉන්නේ නැතුව පොත වෙනස් කලානම් ඉවරනේ. එතකොට ඒ පොතේ හැටියට වැඩ කරයි. එකට විරුද්ධව වැඩකලොත් එක නීති විරෝධියි නේද?
හරි දෙයක් කරන්න අපේ රටේ කවදාද පුළුවන්. ඔය අකුරට වැඩකරන විදිය පටන්ගන්න ඕනේ ඔබතුමා මුල්පුටුවේ ඉන්නා තැනින්. ඔක්කොම කචල් පටන් ගන්නේ ඔතන ඉන්න උදවිය. රටේ සියලුම ජනතාව ඔබතුමා සමග. පටන් ගමු ............
අකුරට වැඩ කරන්නේ පාසල් යන දරුවයි පොඩි මිනිසායි පමණයි. ලොකු කට්ටිය අකුරට වැඩකෙරුවත් නැතත් වැටුප අඩුවක් නැතිව ලැබෙනවා. ඉතින් මොකටද? මහන්සි වෙන්නේ
අපේ රටේ රජයේ සෙවයේ සිටින වැඩිදෙනා දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්.ඉතින් ඔවුන් වැඩකරන්නේ එම පක්ෂවල න්යායපත්රවලට අනුව පක්ෂ කියන ආකාරයට.එසේ කලාම අකුරට වැඩ කරනවා කියන්නේ වැඩ නොකර සිටීමට
නිවාස,පාසල,වැඩ කරන ආයතනය මේවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවනම් සෑහෙන දුරට මේ ආකල්පය වෙනස් වෙන්න පුළුවන්.