(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ 20 වැනි සංශෝධනයේ ඇති 38 න් 36 ක් ජනමත විචාරණකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
ඒ අනුව 20 වැනි සංශෝධන පත්‍රයේ ජනපති බලතල අහෝසි කෙරෙන සියලුම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කර ඇත.
පනත් කෙටුම්පතේ නාමය දැක්වෙන පළමු වගන්තිය සහ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල භාෂා පාඨය බලගැන්විය යුතු බව දැක්වෙන අවසන් වගන්තිය වන 38 වගන්තිය පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
මෙම 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් වලට අදාල තීන්දුව කතානායකවරයාට යවා ඇති බව දක්වමින් නියොජ්‍ය කතානායකවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනතක් වත් හරියට හදාගන්න බැරි පාර්ලිමේන්තුව තවත් විහිලුවක් වෙයි
අපිට අලුත් ව්‍යවස්ථා ඕන නෑ. තිබ්බ එක අපේ රටට හොඳයි.
JVP එකෙත් ඉන්නේ කබ්බෝ නේ පනතක් වත් හරිට හද ගන්න බැරි.
අර ගිරිය කඩාගෙන කෑගහන එක මිසක් යමක් ප්‍රයෝගිකව කරන්න ගියාම අනාගන්න බව සහෝදරවරු නැවත වතාවක් රටට ඔප්පු කරලා පෙන්නපුවට අපේ හද පිරි මෙව්වා එක
මෙම සංශෝධනයට පාර්ලිමේන්තුවට ප ලාත් සබාවට හා පලාත්පාලන ආයතන වලට පත්වීමට අධ්‍යාපන සුදුසුකම්.වයස්සීමා සහ පත්වියහැකි වාර ගණනත් ඇතුල්කලානම් ඉතාම වටිනවා
19ත් වැරදි ගොඩක් තියෙනවා. එකෙන් රටේ නයකයෝ දෙන්නෙක් නිර්මාණය කරලා තියෙනවා. රටකට ඉන්න පුලුවන් එක නායකයයි. දැන් මේ රටේ ප්‍රශ්න වලටත් මුල ඒකයි. එවගේම ප්‍රදේශිය සබා පනත ගෙනල්ලා 4000ක් වගේ හිටපු එක 8000කරලා අනවශ්‍ය වියදමක් ඇති කරා.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල නව ව්‍යවස්ථාවකින් පලක් නැත අනිවාර්යෙන් පටහැනි විය යුතුය ...............
JVP එකට මාර ක්‍රෙඩිට් එක. එයාලගේ හැකියාව මේකෙන්ම පේනවා. රවීගේ පලවෙනි අයවැය වගේ. හෙඩින් එකයි ගරු කතානායක තුමයි විතරයි ඉතුරු වුනේ.
දැනට තියෙන ව්‍යවස්ථාවට වැඩ කරලා රට ගොඩ අරගෙන ඕනෑම උනොත් අලුත් ව්‍යවස්ථාවක් හදන්න. තියෙන ව්‍යවස්ථාවට වැඩ කරන්න ඉගෙන ගත්තොත් අපේ රටට හොඳය්. නැත්නම් වෙන රටවලට හොඳය්.
අවුරුදු 40ක් තිස්සේ ජේආර්ගේ ව්‍යවස්ථාව විවේචනය කරපු අය ජවිපෙ සංශෝධනයක් ගෙනාවම ඒකට විරුද්ධ වෙනවා. දේශපාලන කුහකයෝ නොවී කවුරු ගෙනාවත් හොඳ දේ අනුමත කරන්න.
ව්‍යවස්ථාව නොවයි ප්‍රශ්නේ 225 පත් කරන අපෙයි ප්‍රශ්නේ . ඔය 225 ට අඩුම ගැනේ ස.පෙළ සමත් මොලේ තියෙන ,රටට ආදරේ අය යවන්න ඕනේ.