(නිමන්ති රණසිංහ )
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය ට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දුන් බව කියන ලක්සිරි අමරසිංහ නැමැති ඒජන්සි කලමණාකරවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (10) අත්අඩංගුවට ගෙන ඇත.
නේවි සම්පත් යන අයට මැලේසියාව බලා පිටත්ව යාමට ආධාර අනුබල ලබා දි ඇත්තේ ද මෙම පුද්ගලයා බවට ද කරුණු අනාවරණය වි ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙයාට කලින් තවත් ප්රභූ කෙනක්ව අත්අඩංගුවට ගන්නා බව පම්බෝරි ගැහුවා නේද. එයාර්පෝර්ට් එකේදී අත්අඩංගුවට ගන්නා බවත් කිව්වා. රටේ නීති රීති සේරම හාල්මැස්සන්ට තමා. විජය කළාට ලැබුණු සංග්රහය හොඳ උදාරණයක්. තාජුඩීන්ගේ සිද්ධියේත් හාල් මැස්සන් තමයි හිරේ ගියේ. ප්රභූලා තාම නිදැල්ලේ.