(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම මාගම්මනදී, පිටිපන දකුණේදී සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකු මයික්‍රො වර්ගයේ ගිනි අවි දෙකක් හා උණ්ඩ තුනක් සමඟ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශමිල දේශප්‍රිය හෙවත් යකඩා, නලින් ගුණරත්න හෙවත් නරියා හා රංජන ප්‍රේමලාල් හෙවත් පැන්ටා යන තිදෙනාය.
මොවුන් තිදෙනා ඉකුත් 04 වැනි දින අතුරුගිරියේදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක් වූ බණ්ඩාරගම බණ්ඩා සමඟ එක්ව අපරාධ රැසක් සිදු කළ අය බවද, රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ රුපියල් කෝටි එකහමාරක මුදලක් කොල්ලකෑමේ සැකකරුවන් බවද පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd