(නිමල කොඩිතුවක්කු)
ඒකාබද්ධ විපක්ෂය සැප්තැම්බර් 05 වනදා කොළඹදි සංවිධානය කර තිබූ විරෝධතා රැළියට තමන් විෂ සහිත කිරි පැකට් බෙදා දුන් බවට චෝදනා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර යන මහත්වරුන්ට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා එන්තර් වාසි යවන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සදහා තම නීතීඥවරුන්ට උපදෙස් ලබා දි ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි අද(10) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබර් රහුමාන් මහතා මෙසේද කීවේය.
‘‘මේ අය මට කරපු චරිත ගාතනයට එරෙහිව මම නීතිමය පියවර ගන්නවා. මේ සම්බන්ධයෙන් මම මේ වනවිටත් පොලීසියට පැමිණිලි දෙකක් දාලා තියෙනවා. එම පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ සිදුකරන ලෙසට මම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
මේ ඒකාබද්ධ විපක්ෂයේ අය අද අපිට මේ වගේ අභූත චෝදනා නගනවා. මේ විදියට මිනිස්සුන්ට මඩ ගහන්න දෙන්න බැහැ. දැන් මේ ගැන රස පරීක්ෂණ වාර්තාවත් නිකුත් වෙලා තියෙනවා.
මේ අය බලන්නේ කෙහොම හරි ජාතිවාදි ප‍්‍රශ්න ඇති කරලා දේශපාලන වාසි ලබාගන්නයි. අද ජනතාව මෝඩයට අන්දන්න මේ අයට බැරි වෙලා තියෙනවා. මේ වගේ ජාතිවාදය අවුස්සන වෛරි ප‍්‍රකාශ සදහා ඉඩනොදෙන ලෙසට අපි මාධ්‍ය ආයතන මගිනුත් ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය.

( ඡායාරූපය චතුර එස් කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුවේ තැම්බිලා ජරාව කාලා ගිරිය ලඟට එනතුරු අමු කිරි බිවුවාම බඩ යන්නේ නැද්ද? ඊට පස්සේ අහක ඉන්න මිනිස්සුන්ට චෝදනා කරනවා.
අනික අර නම ගහපු කෑම පැකට් එක................
මොකටද අනුන්ගේ මගුල් වලට අත දන්නා ගියේ !
මෙයා පකිස්තාන් පාර්ලිමේන්තුවෙන් ආපු කෙනෙක්වත්ද?