රංජිත් රාජපක්ෂ
හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ බැද තිබෙන වැහිලිහිණි කුඩු කඩා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇතැම් සුපිරි සංචාරක හෝටල් වලට අලෙවි කිරිමේ ජාවරම සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති.
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දෙසට කිලෝමීටර ½ පමණ එපිටන් පිහිටි දැනට ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය වන්නේ සිංගිමලේ දුම්රිය උමං මාර්ගයයි. එය දුර කිලෝමීටර් 1 කට ආසන්නය.
එම දුම්රිය උමං මාර්ගය හරහා දිනකට විශාල පිරිසක් ගමන් කරන අතර උමං මාර්ගයෙන් එපිට පිහිටි තේ වතු යායවල් වලට පිවිසිමට ඇති කෙටිම මාර්ගය මෙම දුම්රිය උමං මාර්ගය හරහා පිහිටා ඇත.
දිවා කාලයේ වුවද පන්දම් හා ටොච් දල්වා ගෙන එම දුම්රිය උමං මාර්ගය තුලින් විශාල පිරිසක් ගමන් කිරිම හමුවේ රාත්‍රී කාලයේ තවත් ජාවාරම්කරුවන් පිරිසක් එම උමගේ බැද තිබෙන වැහිලිණි කුඩු කඩා අලෙවි කිරිමේ ජාවාරමක් ආරක්ෂක අංශවල පවා අසු නොවි සිදු කරන බව එම දුම්රිය උමං මාර්ගයෙන් දිනපතා ගමන් කරන මගීහු පවසති.
සිංගිමලේ රක්ෂිතය හරහා ඉදිකර තිබෙන මෙම උමං මාර්ගයේ ලක්ෂ ගණනින් වැහිලිණි කුඩු බැද තිබෙන අතර , එම වැහිලිහිණි කුඩුවල රාත්‍රී කාලයේ වැහිලිහිණියන් ගත කරයි.
ඇතැම් කුඩු වල වැහිලිහිණි පැටවුන්ද විශාල වශයෙන් සිටින අතර එම ජාවාරම්කරුවන් රාත්‍රී කාලයේ දුම්රිය ධාවනය නොවන අවස්ථාවල වැහිලිහිණි කුඩු කැඩීමේ ජාවාරම ජයටම සිදු කරගෙන යන බවඑම දුම්රිය මාර්ගය හරහා ගමන් ගන්නා ජනතාව කියා සිටියි.
වැහිලිහිණි කුඩු කැඩිම සඳහා උණ බට වලින් සකස් කර ගන්නා ලද ඉණිමගවල් සදා උමං මාර්ගයේ ගල මුදුණේ පවා බැද තිබෙන වැහිලිහිණි කුඩු තියුණු ආයුධයක් යොදා හුරා කඩා ගන්නා බව ප්‍රදේශවාසින් කියා සිටියි.
එම කුඩුවල සිටින වැහිලිහිණි පැටවුන් සහ බිත්තර දුම්රිය මාර්ගයට දමා කුඩු පමණක් ජාවාරම්කරුවන් රැගෙන යන බවත්, එසේ කඩා ගන්නා වැහිලිහිණි කුඩු අධික මිලකට රැගෙන යාමට පිටතින් ජාවාරම්කරුවන් හැටන් ප්‍රදේශයට පැමිණෙයි.
සිංගිමලේ බිංගයේ පමණක් නොව උඩරට දුම්රිය මාර්ගයේ වැහිලිහිණි කුඩු බැද ඇති සැම දුම්රිය උමං මාර්ගයකම වැහිලිහිණි කූඩු කැඩිමේ ජාවාරම සිදු කරන බවද පැවසෙයි.
ඇතැම් සුපිරි සංචාරක හෝටල්වල මෙම වැහිලිහිණි කූඩු වලින් විශේෂ සුප් වර්ගයක් පිළියෙළ කරන බවත්, එම සුප් කොප්පයක් විශාල මුදලකට අලෙවි කරන බවත් එම සුප් බිම සඳහා සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක් ඇති බවත් පැවසේ.
ඡායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අල්ලන එක සිම්පල් වැඩක්.ඔතන වයර් රහිත කැමරා සවි කරන්න ඕනේ ඒ වගේම සිවිල් පිට ඔය හෝටල් වලට ගිහින් කුරුළු සුප් ඇනවුම් කරන්න ඕනේ.හොරු නිකන්ම හොයා ගන්න පුළුවන්.කරය්ද ඒ විදිහට???
වනසත්ව ආරක්ෂක දෙපාර්තමේන්තුව කවු හරි මතක් කරන කම්ද මොකුත් නොකර ඉන්නේ? මෙම වැහිලිහිණි කූඩු වලින් විශේෂ සුප් වර්ග හදල විකුණන සුපිරි සංචාරක හෝටල්වල බලපත් පවා තහනම් කල යුතුයි. මේ සුප් බොන්නේ ලෝකෙම එකම කට්ටියක් විතරයි.
කෝ වනජීවී...? පව් කුරුල්ලන්ටත් නිදහසේ ඉන්නවත් දෙන්නේ නැති තිරිසන්නු... අලි මදිවට වැහිලිහිණි...
ඕවා බොන උදවිය ඊළඟ ආත්මේ උපදින්නේ නපුංසක වෙලා තමයි.
රක්ෂිතයේලු... වනජීවී උප ඇමතිතුමා වෙත බාරකරමි...