මහින්දගේ රියදුරු යුද හමුදා කපිතාන්ට ඇප හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (22) නියෝග කළාය. 22 November 2017
ජනපති 28 දකුණු කොරියාවේ සංචාරයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 28 වැනි දා තෙදින නිල සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. 22 November 2017
ඊපිආර්එල්එෆ් නියෝජිතයන් තමිල් අරසු කච්චි පක්ෂයට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානයේ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය හා එක් වෙමින් සිටින බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 22 November 2017
හොරට කාන්තාවන් රට යැවූ කතකට සිර දඬුවම් ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් සහ වසර පහකට අත්හිටවූ මාස 6 ක සිර දඬුවමක් නියම කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය. 22 November 2017
‘ඊ නිවුස් තහනමට ජනපතිගේ සම්බන්ධයක් නෑ’ - කැබිනට් ප්‍රකාශක ලංකා ඊ - නිවුස් වෙබ් අඩවිය තහනම් කිරිමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය. 22 November 2017
ගැසට් පත්‍රය පිළිබඳ ප්රශ්නය අධිකරණයට ගියේ ඡන්දය කල්දාන්නයි - පැෆරල් සීමා නිර්ණ ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නම් මීට පෙර වාරණයක් ගැනීමට තිබුණු බව පැෆරල් සංවිධානය කියයි. එමෙන්ම යම් ප්‍රශ්නයක් තිබුණේ නම් සීමානිර්ණ කමිටුව රට වටා යන අවස්ථාවේ ඒවා නිරාකරණය කර ගන්නට තිබුණු බවත් එසේ නොකර මේ අවස්ථාවේ අධිකරණය 22 November 2017
මොරගහකන්දේ ජලය වැව්වලට දෙන්නැයි ඉල්ලති මොරගහකන්දේ රඳවා ඇති ජලය වැව්වලට මුදා හරින්නැයි බලකරමින් පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක වැසියෝ පිරිසක් අද (22) මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති කාර්යාලයට පැමිණ ඉල්ලීමක් කළහ. 22 November 2017
වසර 22 කට පසු විත්තිකරු පෝරකයට මීරිගම,නාල්ල,ජම්බුගස්වත්ත ප්‍රදේශයේ දී එවකට 20 හැවිරිදි තරුණයකුට පිහියකින් ඇන ඝාතනය කළ විත්තිකරුවකුට වසර 22 කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (22) මරණීය දණ්ඩනය නියම කළේය. 22 November 2017
වමේ කේන්ද්‍රයෙන් සුජීවට ප්‍රශ්න පත්‍රයක් පොලීසිය හා රහස් පොලීසිය බාර එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකුට බවත් නීතිපති හා අධිකරණය බාර එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකුටම බවත් එසේනම් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කියන පරිදි අපරාධ ගැන සොයාබලන ලෙසත් වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පොරේරා මහතා පවසයි. 22 November 2017
විදේශ අධ්‍යාපනය - රැකියා විකුණූ වංචාකාරී කෝටිපතියා අත්අඩංගුවට බලපත්‍ර රහිතව විදේශ අධ්‍යාපනය ලබා දීමේ ආයතනයක් පවත්වාගෙන ගෙන ගිය බව කියන කෝටිපති ව්‍යාපාරිකයකු අද (22) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 22 November 2017
ජානිපෙ ප්‍රධාන ලේකම් අස්වෙයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් පි‍්‍රයන්ජිත් විතාරණ මහතා සිය තනතුරෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. 22 November 2017
සීමා නිර්ණ ගැසට් පත්‍රයට වාරණයක් පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 22 November 2017
නුවර -කොළඹ දුම්රියේ කාර්මික දෝෂයක් මහනුවර සිට කොළඹ බලා ධාවනය වන සිඝ්‍රගාමී දුම්රිය වල්පොළ දුම්රිය හරස් මාර්ගය අසල දී කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදරිය කියයි. 22 November 2017
නිරිතදිග වෙරළබඩ තද සුළං බලපිටියේ සිට පුත්තලම දක්වා මුහුදු කලාපය පැයට කිලෝමීටර 70 -80 තරම් තද සුළං තත්වයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරනු ලැබූ ඉදිරි පැය 9 සදහාවූ කාලගුණ නිවේදනයේ සදහන්කර තිබේ. 21 November 2017
ගාල්ලේ පාරවල් රැසක් යටවෙයි ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන මහ වැසි සමග ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්යක්ෂ දම්පත් රත්නායක මහතා (21) පැවසීය. 21 November 2017
රොගට් මුගාබේ ඉල්ලා අස්වේ දශක හතකර තම පාලනය අවසන් කරමින් සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ අද (21) එරට ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්විය. බි්රතාන්යයන්ගෙන් නිදහස ලබාගැනීමෙන් අනතුරුව රොබට් මුගාබේ 1987 වසරේදී එරට අග්‍රාමාත්‍යධුරයට පත්වූ අතර 1987 වසරේ ජනාධිපතිධුරයට පත්විය. 21 November 2017
දුම්වැටි ගෙනා චීන කාන්තාවන්ට දඩ තීරු බඳු නොගෙවා සුක්ෂම ලෙස බැග් වල අසුරා මෙරටට දුම්වැටි 13200 ක් රැගෙන ආ චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 21 November 2017
ආවා හිටපු නායකට සිරදඬුවම් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා යාමේ චෝදනාවට වරදකරු වූ ආවා කල්ලියේ නායක නිෂා වික්ටර්ට වසර එකහමාරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ.ජූඩ්සන් මහතා අද(21) නියෝග කළේය. 21 November 2017
ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. 21 November 2017
මන්ත්‍රී වරප්‍රසාද කඩවී දැයි සොයන්න තීරණය කරයි බැඳුම්කර කොමිසමේ දී හෙළි වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරිමෙන් ඔවුන්ගේ වරප්‍රසාද කඩවී ඇත්දැයි සොයා බැලීමට එම කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කමිටුවට යොමු කිරිමට තීරණය කළ බව කතානායක කරු ජයසුරිය මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 November 2017
කැප්පෙටිපොළ දිසාව චේගුවේරාට වඩා ප්‍රබලයි - නීතිඥ ලාල් ද අල්විස් ජාතික වීරයින් වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදිකරන ලෙස මගේ රට, අපේ පැතුම පදනම රජයෙන් ඉල්ලීමක් කරයි. 21 November 2017
උඩරට දුම්රිය මග යථා තත්ත්වයට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය පීලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 21 November 2017
පේරාදෙණිය සරසවි සිසුහු පෙත්සමක් අත්සන් කරති සම සෞඛ්‍ය සිසුන්ට පේරාදෙණිය හා මහනුවර රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනිම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දි අද (21) ආරම්භ කෙරිණ. 21 November 2017
සුනාමි කටකතාවක් නිසා මුලතිව් පාළුවට යයි මුලතිව් ප්‍රදේශයට සුනාමි අවදානමක් ඇති බවට කටකතා පැතිරීම හේතුවෙන් අද(21) උදෑසන මුලතිව් නගරය පාළුවට ගොස් තිබිණි. 21 November 2017
අ‘පුර රෝහලේ වර්ජනය අවසන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද,පරිපුරක සේවා සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරින් අද (21) ආරම්භ කළ වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් කළ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවිර මහතා පවසයි. 21 November 2017
පේරාදෙණි සරසවිය සිංගප්පූරු සරසවියක් සමග ගිවිසුමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සිංගප්පූරු නැන්යන් විශ්ව විද්‍යාලය අතර ජලය පවිත්‍ර කිරීමේ අවබෝධතා ගිවිසුමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාථන මංදිරයේදි අද (21) අත්සන් කෙරිණි. 21 November 2017
උඩරට මැණිකේ පීලිපනී බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 107 සැතපුම් කණුව අසලදි පීලිපැනිමට ලක්වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 21 November 2017
දැරියක් අපයෝජනය කළ අයෙක්ට 15 වසරක සිරදඬුවම් යාපනය මනල්කාඩු ප්‍රදේශයේ දැරියක ලිංගික අපයෝජනය කර ගැබ් ගැන්වීමේ සිද්ධියකට වරදකරුවූ පුද්ගලයකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා වසරක 15 ක බරපතල වැඩසහිත සිරදඬුවමක් නියම කළේය. 21 November 2017
පොලිස් උප පරික්ෂකවරයෙක් වෙඩි තබා ගනී මුල්ලේරියාව පොලිස් නිවස්නයේ දී උප පොලිස් පරික්ෂකවරයකු (56) සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මිය ගොස් ඇතැයි පොලිස් මුලස්ථානය කියයි. 21 November 2017
මාගම්පුර වරාය සේවක දෙමාපියන්ගේ විරෝධතාවයක් හම්බන්තොට මාගම්පුර වරායේ සේවක සේවිකාවන්ගේ දෙමාපියන් සිය දරුවන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලා මාගම්පුර වරායේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට අද (21) සාමකාමී විරෝධතාවයක නිරත වුහ. 21 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026