බිඟුන් මේනක ගමගේ
ලෝක තැපැල් දිනයට සමගාමීව ශ්රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳු මුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
කඳු මුදුනේ තිබෙන යුද හමුදා සුබසාධක වෙළෙඳසැලෙන් සැමරුම් පත් හා මුද්දර මිලදී ගත හැකි බවත් දෙස් විදෙස් සංචාරකයන්ට මතක සැමරුම් තැපැල්පතක් යොමු කිරීමට එමගින් අවස්ථාව උදා වන බවත් දෙපාර්තමේන්තුව පවසයි.
දෛනිකව නුවර එළිය තැපැල් කාර්යාවලයට පැමිණෙන යුද හමුදා වෑන් රථයකින් අදාළ සැමරුම් පත් යොමු කිරීම සිදුකරන බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිදුරුතලාගල කඳු මුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කරනව , නමුත් එහෙට තියා මෙහෙටවත් වෙලාවට තැපැල් එන්නේ නැහැ , පාර්සල් උස්සනවා , මේවා විහිලු
නරක ද?මුහුද මැදත් එකක් සවි කර ගත්තොත්...
ඉතා අගයකලයුතු ආකර්ශනීය අදහසක්...! ජයවේවා...!!
කොහොමත් ඔය දෙපාර්තුමේන්තුව පවත්වාගෙන යන ආකාරයට තැපැල් පෙට්ටියක් කෞතුකාගාරයේ තැන පත් කලොත් හොඳයි. වැඩි කලක් නොයා එතන තමා නවතින්න වෙන්නේ.
පුදුම අදහස් තමයි අපේ උදවියට පහල වෙන්නේ.
දෙවිගොල්ලන්ගේ ප්රයෝජනයට වෙන්න ඇති.
මම කැමති යි මේ අදහස ට.
කාගේ අදහස්ද මේවා.
පිදුරුතලාගල, ලංකාවේ උසම තැන දැනට තියෙන බුදු පිලිමයට මොකද කරන්නේ.?
එච්චරයි අඩුවකට තිබ්බේ. දැන් එ්කත් හරි. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය ඒ තරමටම ඉහළයි. ලිපියක් රෙජිස්ටර් කරගන්න යන්න ඕනේ තරම බලන්න.