(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මීරිගම ගනේගොඩදී අද 7 සවස පැවසූයේ “දියුණු සංස්කෘතියක් අපිට තිබුණු නිසාම අපි තවම සම්පූර්ණයෙන් පිරිහී නැහැ. අපේ රටේ තියෙන දුප්පත් කමේ හැටියට සොරකම් මිනිමැරුම් වෙනවා අඩුයි. ඒ වගේම රට තවම නරකම පාතාලයට වැටී නැති නිසා රට ගොඩ නගන්න පුළුවන් වුවත් රටට ඔබින දේශපාලන නායකත්වයක් නැතැයි” යනුවෙනි.
රතන හිමියෝ මේ බව ප්‍රකාශ කළේ සෙත් ජය ජය පදනම සංවිධාන කළ ගනේගොඩ සිරිමල්වතු විහාරයේ පැවති ජනහමුවේදී ගම ගොඩ නගන වැඩ පිළිවෙළ හඳුන්වා දීමේ අවස්ථාවේදීය.
රතන හිමියෝ මෙසේද පැවසූහ.
“ පාලකයෝ මොනදේ කළත් අපිට කමක් නැහැ. අපි එකතු වෙලා අපේ ගම ගොඩ නගනවා කියන විශ්වාසය ඇති කරන්න අදහස් පළ කරන්න මම පැමිණියා. අපේ රට හරිම ලස්සන රටක්. කැනඩාව හොඳයි එංගලන්තෙ හොඳයි කිව්වාට ලංකාව හොඳයි. කොච්චර නියං තිබුණත් සදාහරිත කොළ පාට තියෙනවා.
අපේ රටේ තියෙන දුප්පත්කමේ හැටියට සොරකම් මිනිමැරුම් වෙනවා අඩුයි. ඊට හේතුවී තියෙන්නේ දියුණු සංස්කෘතියක් අපිට තිබීමයි. ඒ නිසාම අපි තවම සම්පූර්ණයෙන් පිරිහිලා නැහැ. ආර්ථිකය හොඳට තියෙන රටවල මීට වඩා හොරකම් මිනිමැරුම් සිද්ධ වෙනවා. රට තවම නරකම පාතාලයට වැටී නැහැ. මේ රට ගොඩ නගන්න පුළුවන්. එය කරන්න බැරි එකම හේතුව රටට ඔබින දේශපාලන නායකත්වයක් නැතිකමයි. පාසලට හොඳ විදහල්පතිවරයකු, පන්සලට නායකත්වයක්, තියෙන නිසා දියුණු වෙනවා. ගමට නායකයෙක් ඕන කරනවා.
නමුත් මුළු රටට හොඳ නායකයෙක් හොයා ගන්න බැරි වෙලා නිසා රටක් විදියට අපි අනාථයි. මේ රට ගොඩ නගන්න යෝධ නායකයෙක් තවම හොයා ගන්න බැරි වෙලා. මේ රට ගොඩ නගන්න අපේ තියෙන සම්පත් පාච්ච්චි කරලා රට දියුණු කරන්න පුලුවන්. රටට ලැබෙන ඉර එළිය පවා සම්පතක්.
කොන්ක්‍රීට් නගර හැදුවොත් හිමාලය සිසාරා එන මහා සුළං පහර අපිට කවදාවත් වැස්ස ලැබෙන්නේ නැහැ. කාන්තාරයක් බවට අපේ රට පත් වෙනවා. අපේ පාලකයෝ හදන්නේ අන්න ඒ වගේ අපේ රට අනාගතයේ කාන්තාර රටක් කරන්න තමයි මෙගා සිටි මෙගා නාඩගම හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා හදන්නේ. ඇත්ත වශයෙන්ම එය කාලකන්නි කමක්. මේ මෙගා සිටි මෙගා නාඩගම වෙනුවට ස්වභාව ධර්මයත් එක්ක යන අතීතයක් අපිට තිබුණා.
ආදායමක් නැතැයි කියන තේ අක්කර ලක්ෂයකින් පාඩුයි කියා හෝටල් හදන්න දෙන්න හදනවා. මෙම වතු ආර්ථික වටිනාකමක් ඇති කැළයක් බවට පත්කිරීම ඊට වඩා වැදගත්. ඇමරිකාව පරමාදර්ශයට ගන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම කියනවා ට්‍රම්ප්ගෙන් ඉගෙන ගන්න කියලා” යැයි උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දැක්වූහ.
සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ළඟදීම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවද රතන හිමියෝ පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් කපා කොටා මරණ විධියට ලෝකයේ ඉන්න මිලේච්ච ජාතියක් නේද අපි කියලා හිතෙනවා.
2020 වෙනකොට ඉතුරු ටිකත් වේවි බලාගෙන ඉන්න.
අනේ මුන්වහන්සේට මොනවා කියන්නද?
ඇත්ත කතාව හාමුදුරුවනේ... අපි තවම සම්පූර්ණයෙන්ම පිරිහිලා නැහැ. නමුත් අපේ උන්නාන්සේලා අරහේ තාප්පවල නගිනවා, බිත්ති පෙරලනවා, වැටවල් කඩනවා, සිවුරු ඉරාගන්නවා, සමහරු උදේ ඉඳන් රෑ වෙනකල් ඡන්ද මීටිංවල බෙරිහන් දෙනවා... තව සමහරු කුණුහරුප නොකියා කියනවා.. අන්තිමේ හිරේ විලංගුවේ ලගිනවා, මන්ත්රීකම් ගන්න ඕනෑම ජඩ වැඩක් කරනවා, තව සමහරු මමයි බුදුන් කියකියා දේශනා කරනවා, නමුත් බුද්ධ ශාසනේටයි සිවුරටයි ගරුකරන අපේ මිනිස්සු මේ හැමෝටම සාදු සාදු කියකිය වඳිනවා.. තවම පිරිහිලා නැති නිසා. හිතලා බලන්නකෝ ධර්මයේ හැසිරෙමින් ශාසනේ ආරක්ෂා කරන්නේ කීයෙන් කීදෙනාද කියලා... අබුද්ධස්ස කාලේ මෙව්වට අපි ඉතින් මොනවා කරන්නද?..
අහෝ ගරු ඔබවහන්සේට අමතක වුණාද? ඔය නිකරුනේ බලන් ඉන්න කට්ටියට මතක් කරන්න... අපේ අවුරුදු 2500 කට අධික දීර්ඝ ඉතිහාසය... හදපු වැව්... දාගැබ්.. වීරයන්ගේ නම්... පොඩි ඉතිහාස සිහිනයක් පෙන්වන්න.. ඒවායින් අපට සෑහෙන ආඩම්බරකමකුත් එනවනේ, නේද?
කාර් පර්මිට් එක විකුණපු ඔබ වහන්සේගේ බ දැන් අපිට එපා..
රට පිරිහෙනකම් මෙච්චර කල් බුදියගෙනද හිටියේ හාමුදුරුවනේ? මෙගා සිටි අපේ රටට ගැලපෙන්නේ නැහැ කියල ඕන කෙනෙක්ට තේරෙනවා ........ මේ සැරේ නම් ජනතාව රැවටෙන්නේ නැහැ.
මෙහෙම යන කොට සම්පුර්ණ පිරිහීම අද හෙටම එයි.
එසේ නම් එය සම්පුර්ණ කිරීම පිණිස ඔබ වහන්සේ ගනු ලබන ක්‍රියා මාර්ග දැන ගැනීමට කැමතියි.
පාලකයෝ මේ රට සුරා කාල කරපු විනාශය ඔබ වහන්සේත් කියන්නේ කමක් නැහැ කියලද ? කෝ නඩු ටිකට මොකද වුනේ ? පොරොන්දු වෙලා පෙරලියක් කලේ ඒකට නේද ? කල පව් වලට කාටවත් සමාවක් දෙන්න අපිට බැහැ නේද ?
ඒක ඇත්ත. හැබැයි පිරිහෙන්න පටන් අරන්. හැමදේම දේශපාලනිකරණය කලාම, පිරිහෙනවා තමා. පුජ්‍ය පක්ෂය සිටිය යුත්තේ උපදේශක මට්ටමේ මිස එදිනෙදා දේශපාලනයේ නොවේ.
අපිනං පිරිහිර නැහැ , රටේ තත්ත්වයට ඔබතුමත් වගකියන්න ඕනේ.....
ඔය ටික ටික එලියට ඇවිත් ආයිත් අපිව ගොනාට අන්දන්න නේද හදන්නේ ????
අපි නෙමෙයි ඔයගොල්ලෝ පිරිහිලා
මෙයාට රටේ අගමැති තනතුර දීල බලමු
ඡන්දෙ ලං වෙන කොට තව ගොඩාක් ජාති කියයි. තව පොතකූත් ලියයි.
සම්පුර්ණයෙන්ම පිරිහිලා නැතිව ඇති එත්, උපරිමයෙන්ම පිරිහිලයි තියෙන්න. රට ලස්සන උනාට ඒ සුන්දර රට, තක්කඩි දේශපාලකයෝ, පුජකයෝ, නිලධාරී පැලැන්තිය එකට එකතුවෙලා රටේ නුගත්, අඥාන ජනතාව නොමග යවමින් සමාජය මිලේච්ජයින්ගේ තෝතැන්නක් බවට පත් කළා. නමුත්, ඔලු ගෙඩි ගණනින් අධමයින්ගේ ප්‍රමාණය වැඩි වුවත්, තවමත් මානව දහම හඳුනන සුළු පිරිසක් හෝ සිටින මේ රටේ සිටින බව සත්‍යයක්.
අපේ හාමුදුරුවනේ ඉතුරුටිකත් පිරිහෙන්න කලින් මේ ආණ්ඩුව පෙරලමු.