බිඟුන් මේනක ගමගේ
මෙරට පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීමට රුසියානු රජයේ සහය ලබා ගන්නා බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර සාමකාමී කටයුතු සඳහා පරමාණු බල ශක්තිය උපයෝගී කර ගැනීම සඳහා වන සහයෝගිතා ගිවිසුමකට ඉදිරියේදී එළඹීමට නියමිත බවත් ඒ අනුව දෙරටේ නියෝජිතවරුන් මේ සඳහා වන මුලික එකඟතා වලට එළඹි ඇති බවත් ඇමැතිවරයා පවසයි.
තීරණ ගැනීමේදී අවශ්‍ය තාක්ෂණික සහය සහ යටිතල පහසුකම් සැපයීම හා පරමාණු බලශක්තිය භාවිතයෙන් විදුලිය නිපද වීම සඳහා වන මුලික පහසුකම් සැපයීමේදී සාමුහිකව වැඩකිරිම ගැන එම එකඟතාවයේදී මූලික අවධානයක් දී ඇති බව ද නිරෝෂන් පෙරේරා ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරමාණු බලශක්තිය වගේ ක්‍රම ක්‍රමයෙන් ලෝකයෙන් තුරන් වෙලා යන අන්තරාකාරී හා අවදානම් බලශක්ති ප්‍රභේදයකට යොමු වෙනවාට වැඩිය සුර්ය බලය සුලන් හෝ මුහුදු රල වැනි සුනිත බලශක්ති ප්‍රභේදයක් වෙත යොමු වීම ඉතා වැදගත් කරුණක්.
ඉර පායන, ජලය ගලන ගංගා, සුළඟ ඇති වෙරල තිරයක් ඇති අපේ කුඩා රටට මොටද පරමාණු බලය.
පරමාණු බලශක්තිය සම්බන්ද දැනුම අවශ්‍ය වෙන්නේ පරමාණු බලශක්තිය නිපදවන්නම නෙමේ, සියලු රෝහල් වල විකිරණශීලි උපකරණ එක්ස් - රේ වගේ යන්ත්‍ර නිතිපතා තත්ත්ව පරික්ෂාව, රටට ගෙන්වන සියලු විකිරණශීලි අමුද්‍රව්‍ය සහ උපකරණ පරික්ෂාව ගෙන්වීමට අනුමැතිය දීම සහ රටේ විවිධ ප්‍රදේශවල විකිරණශිලිතාවය මැනීම ඇතුළු අපට නොපෙනෙන සේවාවන් රැසක් පරමාණු බලශක්ති අධිකාරිය මගින් වෙනවා, අපට ඒ සදහා ලොව දියුණු රටවලින් දැනුම සහ තාක්ෂණය , යාවත්කාලින වීම් අවශ්‍යමයි.
සත්‍යපාල නම් පාසල් නොගිය අය පිරි රටකට මොන පරමාණු ශක්තිද ? ඔන්න ඔහේ ගල් අඟුරු ඩිසල් වලින්ම යැපෙමු.