(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව ලබාදුන් නියෝග අත්හිටුවමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය විසුරුවා හැරි අධිකරණය පෙර දුන් නියෝග යළි ක්‍රියාත්මක කිරීමක කරන ලෙස නියෝග කළේය.
විත්ති පාර්ශවයෙන් කළ කරුණු දැක්වීමක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝග තාවකාලිකව අත්හිටවූ අතර අද (8) යළි නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මීට පෙර දුන් නියෝග ක්‍රියාත්මක කරන ලෙසයි.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතට අනුව නීතිපතිවරයාට නඩු පැවරීමට බලය පැවරී ඇත්තේ එම කොමිසම හමුවේ අනාවරණය වූ කරුණක් සම්බන්ධයෙන් පමණක් බවත්, මෙම පරීක්ෂණයට අදාළ නියෝග ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් නොව ඊට පරිබාහිර කරුණු සම්බන්ධයෙන් වන බැවින් එවැනි නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් විත්ති පාර්ශවයෙන් මීට පෙර තර්ක කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් ප්‍රවෘතියක් බලන විට යට අදාල පරණ ප්‍රවෘති දර්ශනය වනලෙස වර්ධනය කරන්න. ජාත්‍යන්තර වෙබ් නිවුස් වල යන්නේ ඒ ආකාරයෙනුයි.