ඉන්දිකා රාමනායක
අඹේපුස්ස යුද හමුදා කඳවුරෙන් මීට මාස දෙකකට පෙර සොරාගෙන ගොස් තිබු ටී 56 ගිනි අවිය සහ පතුරම් ගැබ හෝකන්දර ප්‍රදේශයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.
මෙම ගිනි අවිය ඉකුත් අගෝස්තු 2 වැනි දා හමුදා සෙබලකු විසින් සොරාගෙන ගොස් එය හමුදාවෙන් පලා ආ සෙබළකු වෙත රුපියල් ලක්ෂ දෙකක මුදලකට අලෙවි කර ඇති බවද පොලිසිය කියයි.
ගිනි අවිය සොරාගත් සැකකාර සෙබළා හා ගිනි අවිය මිලදී ගත් හිටපු සෙබළා ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද (9) අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd