(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල තීරණය කෙරෙන මිල සූත්‍රය පිලිබඳ තමන්ටත් නොතේරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) පැවසීය.
ඉන්ධන මිල සූත්‍රය දැනගැනීමෙන් ජනතාවගේ මොලේ මෙයටත් වඩා අවුල් විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඉන්ධන මිල සූත්‍රය පිලිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කෙරෙන හෙට (10) දිනයේද ඉන්ධන මිලෙහි අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු කීය.
පෙබරවාරි මුල වනතෙක් ලෝක තෙල් මිල අඩුවේයැයි විශ්වාස තැබිය නොහැකි බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
ලෝක තෙල් මිල වැඩිවීම සහ රුපියලේ අගය තෙල් මිල කෙරෙහි සෘජුවම බලපාන බවත් මිල සූත්‍රය ප්‍රකාශ කිරීම පිළිබඳ ලබන සතිය වනවිට මාධ්‍ය හමුවක් කැ`දවීමට අපේක්ෂා කරන බවත් මංගල සමරවීර මහතා එහිදී වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සුත්තරේ හදන්නේ මුදල් අමාත්‍යාංශය, මුදල් ඇමති, මහා භාණ්ඩාගාරය, ඛණිජ තෙල් සංස්ථාව එකතු වෙලා නෙමෙයිද? කාගේ හෝ පුද්ගලික සුත්‍රයක් ද ඕක? මුදල් ඇමතිතුමාට නොතේරෙන අපිට තේරෙන සූත්රරේ.
එතකොට කාටද දන්නේ නැ තේරෙන්නේ? මේ රට කව්ද පාලනය කරන්නේ දන්නේ නැ හරිම කණගාටුයි.
මූලින්ම හොයලා බලන්න ඕනා හදපු කෙනාටවත් ඕක තේරෙනවද කියලා.
නොතේරෙන නිසා තමයි රටට මෙහෙම දෙයක් වුනේ. විෂයන් භාර ඇමතිලාට කරන වැඩේ ගැන තේරුමක් නැහැ. මේ පුංචි රට ගොඩ ගන්න බැහැනේ
මේක මිල වැඩි සුත්‍රයක්! අපි ඉල්ලුවේ මිල අඩු සුත්‍රයක්
මිල සුතය හැදුවේ අංගොඩ සෙටි එකක් ඒක කියාත්මක කරන්නෙ දියවන්නාවෙ සෙටි එකක් ඒක නිසා තමයි ඔබවහන්සේට වගේම රටේ ජනතාවට වත් මෙක පෙන්වන්න ඛැරිවෙලා තියෙන්නේ #@@###$
ආර්ථික විද්‍යාව, මුල්‍ය කළමනාකරණය ගණකාධිකරණය වැනි විෂයන් ගැන අවබෝදයක් සහ සුදුසුකම් නැති අයට ඔය සූත්‍ර ගැන දැනුමක් නැහැ තමය්. හැබය් ඉතින් ඇමතිකම් දරන්න කිසිම සුදුසුකමක් ඕනේ නැහැනේ නේද????
"ඉන්ධන මිල සූත්‍රය දැනගැනීමෙන් ජනතාවගේ මොලේ මෙයටත් වඩා අවුල් විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය." ඔබට නොතේරුනාට එයට අවශ්‍ය ඉගෙනුම ඇති ඕන තරම් ශ්‍රී ලාංකිකයින් ඉන්නවා. කරුණාකර ආර්ථික විද්‍යාව, ගණිත ශාස්ත්‍රය සහ සාමාන්‍ය දැනීම තිබෙන කෙනෙකුට මුදල් ඇමතිකම පවරා ෙදන්න
මෙතුමා දන්නේ රට පවා දෙන්නඊ අපිව කන්නඊ විතරමඊ
ගණිතය අසමත් අයට සූත්‍ර තේරෙන්නේනෑ
මොන සූත්‍රය හැදුවත් කැබිනට් එක අනුමත නොකලොත් ක්‍රියාත්මක කරන්න බැහැනේ.නොතේරෙනවා නම් කැබිනට් එකේදි අනුමත කිරීමට පක්ෂවුනේ ඇයි ඇමතිතුමා. 2.මේ රටේ වගාකල හැකි මිරිස් ලූනූ අල පළතුරු හා අලින්ට කෑමට කැලයට දමන එළවලු ආනයනය නැවැත්වීමට සූත්‍රයක් සදා ඉන්ධන සහනයක් ඇතිකරන්න.රුපියල අවප්රමානවීමත් අඩුවේවි.
මෙයට මිල සුත්‍රයක් නෙමෙයි සමගාමී සමිකරණයක්වත් තේරෙන කෙනෙක් නෙමෙයි............
මංගලට තේරෙන්නේ වෙන වෙන සූත්‍රෙන්. මේ වගේ උගත්තු හදපු සංකීර්ණ සුත්‍ර තේරෙන්න ඉගනගෙන නැහැනේ. අඩුම තරමේ උසස්පෙළ වාණිජ අංශයෙන් වත් කරානම් තේරේවි.
අවංක ප්‍රකාශය ගැන පළමුව ස්තුතිය ප්‍රකාශ කරනවා නමුත් ඔය වැනි කුඩා සරල සුත්‍රයක් වත් තේරෙන්නේ නැතිනම් , රටක මුදල් ඇමතිකමක් දරන්නේ කොහොමද ? කරුණාකර මුල්‍ය අංශයේ දැනුමක් ඇති හර්ෂ ද සිල්වා වැනි කෙනෙකුට ඕක පවරලා ඔබතුම මොක්කක් හරි ඔබතුමාගේ දැනුමට ගැලපෙන ඇමතිකමක් තොර ගන්න , ඔබතුමාගේ දැනුම මදි කම නිසා වන්දි ගෙවන්න වෙලා තිබෙන්නේ බදු ගෙවන අපිට , රටේ ආර්ථිකය දිනෙන් දින පිරිහෙනවා
කරැණාකරලා මට අවශ්ථාවක් දෙන්න, නියම මිල සුත්‍රයක් හදලා දෙන්න. තෙල් මිලට ගන්න මිලට ($) ඝෘජු වියදමි එකතු කරලා එකය ආයතනයේ පොදුවියදමි ගැලපුවාම හරි. නමුත් සංසථාව හා අමාත්‍යංශය කෙලින පිස්සුවලට අදාල වියදම් මහජනතාව දැරිය යුතු නැත.
බන්දුල මන්ති තුමා ගෙන්වත් අහලා බලමු...
සේරම සුත්තර කාරයෝ.
ඔබට නොතේරෙන බොහොදෙවල් අපිට තේරෙනවා එමනිසා ඔය සූත්‍රය පරසිද්ද කොරන්න.
බල්ලාගේ වැඩේ බුරුවා බාරගත්තම ඔයටික තමයි වෙන්නේ. වැඩේ තියෙන්නේ ගුටිකන්නේ බුරුවන් නෙවෙයි මහජනතාවයි.
කොහෙන් හිනාවෙන්නද මන්ද? දන්නේ නැත්නම් අස් වෙලා ගෙදර ගියානම් නේද හොද මිනිසුන්ගේ ජිවිත, සහ සල්ලි වලින් තවත් නොකා