(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙඹුවන පොලිස් ස්ථානාධිපති තමා විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් නිදහස් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් උරණවී නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි සැරයන්වරයා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය.
රුපියල් පනස් දහසක ශරීර ඇපයක් මත සැරයන්වරයා මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුයේ පොලිස් සැරයන් සහන් ගුණවර්ධන මහතාය.
ඉකුත් 3 වැනිදා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත් දෙයියනේ මේ මනුස්සය තාම හිරේද හිටියේ? විජයකලාට ඇප දුන්නේ වෙන රටකින්ද එතකොට?
සහෝදරයා ඔබට ජය.
එතකොට වැලි ලොරිය නිදහස් කරපු එක්කෙනාට ප්‍රමෝෂන්ද? අනේ අපේ රටට ගිය කලක්.
එතකොට අර වැලි ලොරිය අයිතිකාරයන්ට සහ එය නිදහස් කරපු අයට මොකද වෙන්නේ. යට යනවද?