(පාලිත ආරියවංශ )
මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක සිට වැලිමඩ දක්වා යන අතරතුරදී බදුල්ලේ බස් නැවතුම්පොලේ අතරමං වී සිටි දා හත් හැවිරිදි සාමනේර හිමි නමක් අද (11) උදෑසන පොලිසියට වැඩමවාගෙන ආ බව බදුල්ල පොලිසිය පවසයි.
වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම හිමිනම මෑතකදී දෙමාපියන් විසින් පැවිදි කර ඇති අතර පන්සලේ කිසිවකුටත් නොදන්වා සිය නිවස පිහිටි වැලිමඩ ප්‍රදේශයට යාමට බසයක නැග පැමිණ ඇති අතර මෙලෙස බදුල්ලේදී අතරමං වී බස්නැවතුම්පොලේ රැදී සිට ඇත.
‘ගෙදර මතක්වී පන්සලේ කිසියෙකුටත් නොදන්වා බසයක නැගී තමා පැමිණි බව සාමනේර හිමිනම පැවසු බව බදුල්ල වැඩබලන මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.
හිමිනම මව්පියන්ට බාරදීමට කටයුතු කරන බවද පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දුප්පත් දරුවන්ගේ දෙමව්පියන්ට මුදල් ඇති පන්සල් වලින් ජිවත ගැටගහගන්න උදව් කලොත් කොපමණ අගේද .එවිට මේ දරුවන්ට දෙමාපිය සෙනෙහස අහිමි වීම වැලකෙනු ඇත.සියයට අනූනවයක්ම තමන්ගේ දරුවන්ගේ බඩගින්න දකින්න අකමැති නිසා අකමැත්තෙන් උනත් දරුවන්ව පූජා කරනවා .
සනත් නන්දසිරිගේ සින්දුවක් මතක් වුනා. 'බෝ මළුවේ සිල් සුවඳට පැටලී....'. අපිට හාමුදුරුවරු ඕන. සියලුම ආගම් රැකෙන්නේ පුජ්‍ය පක්ෂයක් ඇති විටදී තමයි. අනේ ඒත් පවු කියලා හිතෙනවා මේ කතාව ඇහුවම.
17 කියන්නේ ඉතින් අතරමං වෙන වයසක් නම් නොවෙයිනේ.
මෙතන කාගෙවත් අයිතිය ගැන හෝ වෙනයම් කරුනක් ගැන නෙමෙ මම කතා කලේ. දරුවෙක්ගෙ හදවතක් ,මව්,පිය සෙනෙහස සහ ඔවුන්ගේ කෙලිලොල් වයස ගැනය්. හදවතක් තියෙන්නඕන හදවතක් තේරුම් ගන්න .
මගේ දරුවටත් 17යි. මේ වයසේ දරුවෙක් අතරමන් වෙන්නේ නෑ.
ලංකාවේ බොහෝ පවුල්වල ලාබාල දරුවන් සාසනේ පැවිදි කරන්නේ දුප්පත්කම නිසයි. මේ අය පවිදිවුවත්, මනසින් තවමත් තම දෙමව්පියන් සහ සහෝදර, සහෝදරියන් සමඟ ජීවත් වෙන්නට කැමති කුඩා දරුවන්ය. මෙවැනි කුඩා දරුවන් පැවිදි වෙනවානම්, තම නිවෙස අසල පන්සලක වැඩම කල යුතු යයි මා සිතමි. තවද, මා සිතන්නේ පැවිදි වීමේ අවම වයස වසර 20 ක් වත් විය යුතුයි කියයි.
ඔබ දුෂ්කර පැත්තක කෙනෙකු නොවන බව පෙනේ
කවුද මේ මෙයාව මහන..කරගත්තේ ? ඊටපස්සේ මොකද උනේ කියල හොයල බැලුවනම් , තියන හුඟක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබේවි ..
ජයන්ත මහත්තයෝ ඔබතුමා කල දේ මම අගය කරමි. සිවුරක් පොරවලා මව්පිය සෙනෙහසින් ගලවා නොදන්නා තැනකට වැටුනහම ඇතිවෙන දුක මනින්න පුලුවන්ද? ඕකතමයි, කිරි දරු අලි පැටවෙක් මවගෙන් වෙන් කරලා මිනිසුන් අතරට ගෙන ආපුහම අලි අම්මටත් දරුවටත් ඇතිවෙන දුක කොතරම්ද? අවුරුදු 17 කියන්නේ තවම පොඩි දරුවෙක්. මම දැක්කා වීඩියෝ එකක චුටි හාමුදුරුවෝ හඬනකොට ඊට වැඩිය අවුරුදු දෙකක් වැඩිමහල් පොඩි සාදු කෙනෙක් තුරුළු කරගෙන හිත හදන්න හදනවා.