(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියේ ප්‍රවාහන බලපත්‍රයේ වැරදි කිපයක්ම තිබෙන බව පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණවල දී තහවුරු වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ.
වැලි ප්‍රවාහනය කිරීම සඳහා නිකුත් කර තිබූ එම බලපත්‍රයේ දෝෂ කිහිපයක්ම තිබෙන බව බැලු බැල්මට පැහැදිලිවම පෙනෙන්ට තිබිය දී අත්අඩංගුවට ගත් වැලි ලොරියත් එහි රියැදුරාත් අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කිරීම බරපතළ ගැටලුවකැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (10) පැවැසීය.
වැලි බලපත්‍රයේ දෝෂ ගණනාවක් තිබියදීත් ලොරිය සහ සැකකරු නිදහස් කිරීම පිළිබඳව තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
මේ සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බවද වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට තෙබුවන පොලිස් ස්ථානය අධීක්ෂණය කරන පොලිස් අධිකාරිවරයා ද ඊයේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් පැවසේ.
ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම හෝ තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත වැලි ලොරිය සහ සැකකරු මුදා හැරියේදැයි යන්න හෙළිකර ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා යටතට පැවරීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම ඒකකයේ සහකාර පොලිස් අධිකාරී කිංස්ලි ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් තෙබුවනට පිටත් කර යවනු ලැබීය.
වැලි බලපත්‍රයේ තිබූ වැරදි සොයාගෙන ඇත්තේ තෙබුවන පොලිසියට ගොස් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ පොලිස් කණ්ඩායම විසිනි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ විශේෂ උපදෙස් මත එහි සහකාර පොලිස් අධිකාරි කිංස්ලි ගුණසේකර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
තමා විසින් අත්අඩංගුවට ගන්නා ලද වැලි ලොරියක් උසාවියට ඉදිරිපත් නොකර ඉහළ නිලධාරීන් විසින් නිදහස් කරන ලදැයි කියමින් තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන ඉකුත් 03 වැනිදා දහවල් සිය රාජකාරි ගිනි අවිය ද රැගෙන තෙබුවන නගරයේ පැය දෙකකට ආසන්න කාලයක් ඊට විරෝධය පළකර තිබිණි.
මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූ අතර මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා විසින් රුපියල් පනස් දහසක ශරීර ඇපයක් මත මුදා හරිනු ලැබීය.
පොලිස් සැරයන්වරයාගේ සේවය ද මේවනවිට අත්හිටුවනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වැලි ලොරිය නිදහස් කල පොලිස් ස්ථානාධි තුමාගේ නම දන්නා කෙනෙක් ඉන්නවද?
මේ තීරණය අරගන්නත් මෙච්චර කාලයක් ගියා.
පොලිස් සැරයන්ට සාදාරනය ඉටු වේවා!
මේ පොලිස් නිලධාරියා නීතිය දැනගෙන තමා ලොරිය අත්අඩංගුවට ගත්තේ.
බලපත්‍රය හරිනම් සැරයන්වරයා ඕක අල්ලනේ නැහැනේ. එයා බබෙක් නොවෙයිනේ කොටි අත්අඩංගුවේ ඉදලා ආපු රණවිරුවෙක් , අසාධාරණයට එරෙහි කෙලින් වැඩකරන මිනිස්සුන්ට තමයි හෙන පාත් වෙන්නේ.
විමර්ශනය කිරීම ඉතා හොඳ ක්‍රියාවක්.
මේ සිද්ධිය ගැන මහා ලොකු පරීක්ෂණ ඕනෑ නැහැ . වැලි ලොරිය අල්ලපු වේලාවෙන් පස්සේ ස්ථානාධිපතිගේ ජංගම දුරකතනයට ආපු කෝල් චෙක් කලාම ඔක්කොම එළිවෙනවා.
එතකොට මේ ස්ථානාධිපති හරි කියලා ප්‍රකාශ කරපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන දැන් මොකද කියන්නේ.?
එතකොට මාධ්‍ය ප්‍රකාශකතුමා බලපත්‍රය හරියි කිව්වේ කොහොමද? එයාවත් විමර්ශනය කරොත් හොඳයි. ඔය කතාව කිව්වේ මාධ්‍ය හමුවක නීතිය සහ සාමය ඇමැතිත් ඉන්න තැන.
ගින්දර නැතිව දුමක් එන්න නැහැනේ. අර සැරයන්වරයා පදනමක් නොමෙතිව, සිය රාජකාරි ගිනි අවිය ද රැගෙන, මහ පාරේ විරෝධය පලකරන්න නැහැනේ. මේ ආණ්ඩුවත්, පොලීස් දෙපර්තුමෙන්තුවත් අවදි වන්නේ ඔළුවට උඩින් වතුර ගියෙන් පසුව තමා.
අපේ කට්ටිය අයි මේ වැලි ලොරි ප්‍රශ්නයට ඔච්චර කලබල වෙන්නෙ. තෙබුවන විතරක් නෙවෙයි ඕක හැම තැනම නිතර සිදුවෙන දෙයක්. එක පෙර්මිට් එකෙන් ට්‍රිප් දහයක් විතර අදිනවා. ප්‍රශ්නයක් උනොත් මන්ත්‍රී තුමාට කියනවා. එච්චරයි...!
මෙන්න අලුත්ම තත්වය. ස්ථානාධිපතිගේ දුරකථනය ගං වතුරට ගසාගෙන ගොස් ඇත. සියලුම දුරකථන සමාගම්වල දත්තද ගං වතුරෙන් සේදී ගොස්ය. සැරයන් තුමා අවේලාවේ රාජකාරී කිරීම සහ අහිංසක වැලි මුදලාලිගෙන් ප්‍රශ්න කිරීම වරදකි. ඒ නිසා ඔහුව නැවත කොටි ඉන්නා පළාතකට අරිමු. එතකොට සියලුම ප්‍රශ්න විසඳේ.
බලන්න, සත්‍ය හෙළිදරවු වෙන්න මේ රටේ කොච්චර කාලයක් යනවද? පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව යම් පරීක්ෂණයක් කරනවානම් ඉස්සෙල්ලම සේවය අත්හිටුවලා ඉන්න ඕනේ. එහෙම කරලත් නෑ. නීතියත් අයාලේ, රටත් අයාලේ.
මෙතන වෙලා තියෙන්නේ වැලි හිමිකරුවා සහ පොලිස් ස්ථානාධිපති තර්ක කරනවා, වැලි පර්මිට් එකේ තියෙන කාලය සවස 6.00 සිට උදේ 6.00 දක්වා වලංගු නිසා පර්මිට් එක 28 වෙනිදා රෑ 12.00 ට අවසාන නොවී පසුදා උදේ 6.00 වෙනකම් වලංගුය කියල. සාජන් මහත්තය කියන්නේ රෑ 12.00 න දවස ඉවර නිසා වලංගු කාලය ඉක්මවා පැය 4.0 ක් ගතවෙලා නිසා වැලි ලොරිකරු වැරදිකරු කියා. මේ වචන හරඹය දමල ස්ථානාධිපති වැලි ලොරියේ හිමිකරුට කියනවා මේ පර්මිට් එක පසුදා උදේ 6.00 වෙනකම් වලංගු කියල භූවිද්‍යා එකෙන් ලියුමක් ගෙනෙන්න කියල. මේක දඩ මස් ගොරකා කිරීමක්. ඕන පොඩි එකෙක් දන්නවා දවස කියන්නේ රෑ 12.00 සිට පසුදා රෑ 12.00 කියන එක කියල. දැන් අවංකව රාජකාරිය කල සාජන් මහත්තය තමා අමාරුවේ වැටුනේ. ඔහුට සාධාරය ඉටුවී යුතුයි.
මේ සැරයන්වරයාගේ සේවය නැවත ස්ථාපනය කල යුතුයි. නැතහොත් මේ සිද්ධිය පොලිසියට කැළලක් වනු ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන දේවල් වැඩිය ගණන් ගත යුතු නැත. බොහෝවිට ඔහු පවසන්නේ පොලිසියේ තීරණ සැමවිටම නිවැරදි කියායි.
මේ ගල් වැලි හා පස් ලොරි වලින් රථවාහන පොලීසිය මුදල් ගරනා බව රටේ බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසක්. මෙය නොදන්නේ පොලිස්පති තුමා සහ අනෙකුත් ඉහල නිලධාරීන් පමණයි.