ඇල්ලේ සහ හපුතලේ පවුල් 42ක් ආරක්ෂිත ස්ථානවලට නාය යෑමේ අවධානම නිසා ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 42ක් ඉවත් කර ඇතැයි අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි. 30 November 2017
මීරියබැද්දේ පවුල් 158ක් ඉවතට මිලිමීටර 185කට අධික වර්ෂාපතනයත් සමඟ නායයෑමේ අවදානමක් ඇතැයි නම් කිරීම නිසා කොස්ලන්ද මීරියබැද්දේ පවුල් 158 ක් පමණ ඉවත් කළ බව අපදා කළමනාකරණ නිලධාරීහු කියති. 30 November 2017
බෝට්ටුවෙන් රට යන්න හැදූ 31ක් දැලේ නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඉතාලිය,ඕස්ටේ්රලියාව හා නවසීලන්තය බලා යාමට සුදානමින් සිටි 31 දෙනකු අද (30) පස්වරු 3.00 ට පමණ ආරච්චිකට්ටුව නගුල්එළිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පවසයි. 30 November 2017
පොලිසියේ නිවාඩු අවලංගුයි පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සහන කටයුතු සහ විශේෂ රාජකාරි වෙනුවෙන් සියලූ පොලිස් නිලධාරීන්ගේ නිඩාඩු අවලංගු කරන ලෙසට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝග කර ඇත. 30 November 2017
මැතිවරණ කොමිසම රැස්වේ සීමානිර්ණ ගැටළු සම්බන්ධයෙන් කරුණු දක්වමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම ඉවත්කර ගැනීමෙන් පසුව දිවයින පුරා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මේ වන විට මැතිවරණ කොමිසම හදිසියේ රැස්වී තිබේ. 30 November 2017
‘හෝර්ටන් තැන්නට-යාලට එන්න එපා‘ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ සංචාරය සඳහා යාමෙන් වළකින්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 30 November 2017
පළාත් පාලන මැතිවරණයේ පළමු පැමිණිල්ල ලැබේ පළාත් පාලන මැතිවරණයට අදාලව පළමු පැමිණිල්ල අද(30) තම සංවිධානයට ලැබුණු බව පැෆරල් සංවිධානය පවසයි. 30 November 2017
විපතට පත් වුවනට සහන සලසන්න ජනපතිගෙන් උපදෙස් ධාරාණිපාත වර්ෂාව සහ දැඩි සුළං නිසා පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) උපදෙස් දී තිබේ. 30 November 2017
පළාත් පහක විදුලි සැපයුමට හානි දිවයිනට බලපෑ සුළං තත්ත්වය නිසා බස්නාහිර, දකුණ, නැගෙනහිර, සබරගමුව හා ඌව පළාත්වල ස්ථාන රාශියක විදුලි සැපයුමට හානි සිදුව ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කියයි. 30 November 2017
සහන සලසන්න හමුදාවේ 2000ක් පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ති‍්‍රවිධ හමුදාවේ 2000ට අධික භට පිරිසක් යොදවා ඇතැයි හමුදාව කියයි. 30 November 2017
හමුදාව සතු ඉඩමක් මුදාහැරෙයි යාපනය පලාලි කඞ්ඩුවාන් ඔට්ටාපලම් ප්‍රදේශයේ හමුදාව සතුව තිබු අක්කර 29 ක ඉඩම් ප්‍රමාණයක් වසර 27කට පසු හමුදාව විසින් අද(30) යාපනය දිසාපතිවරයා වෙත බාර කෙරිණි. 30 November 2017
දළ පුට්ටුවාගේ සිරුර වෙදදුරු හඳුනාගනී ගල්ගමුව කැලෑවක වැවක් අසල තිබී සොයාගත් ඇත් මළ සිරුර මාස දෙකකට පෙර අතුරුදන්වූ දළ පූට්ටුවාගේ බවට මරණ පරික්ෂණයේදි තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි. 30 November 2017
සත්තු වත්තේ ගස් තුනක් කඩා වැටෙයි සත්වෝද්‍යානයේ රූස්ස ගස් තුනක් මුලින්ම ගැලවී ඇති බවත් එක් රූස්ස ගසක් මකුළු රිළවාගේ කූඩුව තුළට කඩා වැටී ඇති බවත් මකුළු රිළවාට කිසිදු ආපදාවක් නැති බවත් දෙහිවල සත්වෝද්‍යානයේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය. 30 November 2017
සීමානිර්ණ ගැසට්ටුව අවලංගු කරන පෙත්සම ඉල්ලා අස්කරගනී සීමා නිර්ණ ගැසට්ටුව අවලංගු කරන්නැයි කියා ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී. 30 November 2017
කාලගුණ විපතින් හයක් මරුට අධික වැසි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන වනවිට පුද්ගලයින් හය දෙනකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 30 November 2017
අදත් මහ වැසි සහ සුළං දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30) දිනයේත් තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2017
හබරණ බස් - කාර් අනතුරින් දෙදෙනෙක් මරුට ත්‍රිකුණාමලය සිට දඹුල්ල බලා ධාවනය වූ කාරයක් හා මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ පොද්ගලික බස් රථයක් අද (30) හබරණ දී මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇති බව හබරණ පොලීසිය පවසයි. 30 November 2017
කොත්තමල්ලි කන්ද අවදානම් අඩියේ හල්දුම්මුල්ල, කිරිමැටිය, කොත්තමල්ලිකන්ද නාය යාමට ඉතා ආසන්න තත්ත්වයේ පවතින බවත් ඒ හේතුවෙන් අවට පවුල් 10ක් ඉවත් කරන ලද බවත් හල්දුම්මුල්ල පොලිසිය පවසයි. 30 November 2017
ගංඟා තුනක් පිටාර මට්ටමේ - ගංවතුර අවදානමක් පවතින වර්ෂාපතන තත්ත්වය අනුව නිල්වලා, ගිං සහ කළු යන ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2017
‘පෙත්සම අස්කර ගැනීමට පෙත්සම්කරුවෝ එකඟ වුණා‘ - ඇමැති ෆයිසර් පළාත් පාලන සභික සංඛ්‍යාව සම්බන්ධ ගැසට් නිවේදනයට එරෙහිව අභියාවනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවෝ එකඟවු බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 30 November 2017
හපුතලේ පවුල් 94ක් ඉවතට නාය යාමේ අවදානමක් හේතුවෙන් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවුල් 94ක් ආරක්ෂිත ස්ථානවලට ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 30 November 2017
ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සලසන බව අගමැති කියයි ආපදාවට පත්වූවන්ට අවැසි සියලු සහන සලසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(30) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 30 November 2017
ධීවරයින් තිදෙනකුගේ සිරුරු හමුවෙයි ගාල්ල ඇතුළු නිරිතදිග මුහුදු තීරයට බලපෑම් කළ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අනතුරට පත්ව මියගිය ධීවරයන් තිදෙනකුගේ සිරුරු හමු වී ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 30 November 2017
දිස්ත්‍රික් 6කට නායයෑමේ අනතුරු ඇඟවීම් පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. 30 November 2017
ආවා කල්ලියේ මහමොළකරුවන් තුනක් කොළඹින් අත්අඩංගුවට පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කය නොසන්සුන් කළ ආවා කල්ලියේ මහමොළකරුවන් බවට සැකකෙරෙන තිදෙනෙකු යාපනය පොලීසියේ විශේෂ වැටලීම් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන යාපනයට රැගෙන ආ බව යාපනය පොලිසිය පවසයි. 30 November 2017
වැසි සමඟ කඳු වැටීමෙන් මාර්ග රැසක ගමනා ගමනයට බාධා කඳුකර ප්‍රදේශයට ඇද හැලෙ තද වර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීම නිසා බදුල්ල ප්‍රදේශයේ මාර්ග රැසක් අවහිර වී ඇතැයි දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකය කියයි. 30 November 2017
උඩරට දුම්රිය නවතී කැළඹිලි සහිත කාලගුණික තත්ත්වය නිසා පස් කඳු සහ ගල් කඩාවැටී උඩරට දුම්රිය මග අවහිර වීම හේතුවෙන් බදුල්ල සහ නානු ඔය කොළඹ දුම්රිය ගමන් නවතා දමා ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරි එස්.එම්.අබේවික්‍රම මහතා පවසයි. 30 November 2017
අගමැතිගෙන් අද මැතිසබේදී විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (30) විශේෂ ප්‍රකාශයක් කරයි. 30 November 2017
දළ ඇතාට වෙඩි තැබු අයෙක් අත්අඩංගුවට දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු (48) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 30 November 2017
පළාත් හතරක පාසල් අද වසයි අධික සුළං සහ වර්ෂාව නිසා බස්නාහිර,ඌව, දකුණ සහ මධ්‍යම පළාත් වල ඇති වී තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පළාතේ සියලුම පාසල් 30 වැනි දා වසා දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා කියයි. 30 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026