අනීෂා මානගේ
දකුණු පළාත් ඇමැතිවරයකු කූට ලේඛන සකස් කරමින් පළාත් සභාවේ මුදල් රුපියල් මිලියන දහයක් වංචා කර ඇතැයි පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් මහතා කියයි.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ අද (14) තංගල්ලේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
දකුණු පළාත් සභාවේ රැස්වීමකදී දකුණු පළාත් සභාවේ කෙරුණු කූට ලේඛන මගින් රුපියල් මිලියන දහයක් වංචා කළ ඇමැතිවරයෙක් ගැන ප්‍රකාශයක් කලා. නමුත් ප්‍රධාන ඇමැතිවරයා සම්බන්ධ වෙලා ඒක මාධ්‍යවේදීන්ට කියලා ප්‍රචාරය වෙන එක නැවැත්තුවා.
මම මේ ගැන පළාත් සභාවේ ධීවර අමාත්‍යංශයේ ලේකම්ගෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලලා තියෙනවා. අදට දින 21ක් වෙලා තියෙනවා. මම එය ලබා දීල නැහැ. නමුත් මගේ ළග තොරතුරු තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ නොදුන්නත් මම එය හෙළි කරනවා .
දකුණු පළාත් සභාව තුළ විශාල මුදල් අවභාවිතයක් සිදු වෙලා තියෙනවා. කූට ලේඛන සකස් කරමින් විශාල මුදල් සම්භාරයක් ප්‍රධාන ඇමැතිතුමා ප්‍රධාන සමහර ඇමැතිවරු විනාශ කරමින් ඉන්නවා. මේ ආණ්ඩුවෙන් අලුත් උසාවියක් හදලා තියෙනවා. ඔබතුමාලා වංචා කරන්න. ඒ උසාවියේම තියලා දඬුවම් දෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලන්ද කොල්ලෝ...?
ලඟදීම කැබිනට් ඇමැතිවරයෙක් වේවි... නොම්මර එකේ සුදුසුකම සපුරලා තියෙන්නේ. ඔබට සුබ අනාගතයක්...
ප්‍රබල යැයි කියාගන්න රටක ජනාධිපතිවරයකුත් කූඨ ලේඛන සකසලාලු. එහෙව් එකේ මෙහෙ ඕකත් කජ්ජක්ද? දේශපලයෝ ඔක්කොම හොරු,