පළාත් පාලන ආයතන 248 කට නාම යෝජනා කැඳවයි පළාත් පාලන ආයතන 248 ක මැතිවරණය පැවැත්වීම සඳහා වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය මැතිවරණ කොමිසන් සභාව මගින් අද (4) නිකුත් කෙරිණි. 04 December 2017
ගලේවෙලදී පාම්තෙල් පොල්තෙල් කරයි ගලේවෙල එනමල්පොත හතේ කනුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බව කියන ෆාම් තෙල් පොල්තෙල් කිරීමේ මහා පරිමාණ කම්හලක් අද (04) සොයාගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් අංශය පවසයි. 04 December 2017
ලෝගි වතුයායේ කම්කරුවෝ විරෝධයක ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ වතුකම්කරුවෝ පිරිසක් අද (4) හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලෝගි වතුයාය ප්‍රදේශයේදි උද්ඝෝෂණයක නිරත වූහ. 04 December 2017
ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ ආ 4ක් අත්අඩංගුවට කේරල ගංජා ළඟ තබාගෙන සිටි තරුණයන් සිව්දෙනෙකු හැටන් සුරාබදු කාර්ලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 04 December 2017
රන්දෙනිය වැවේ නිධන් හැරූ සිව් දෙනෙක් අත්අඩංගුවට දඹුල්ල රන්දෙනිය වැවේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 04 December 2017
දළදා මාළිගාවේ ඉඩමක නිධන් හාරති දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ ප්‍රදේශයේ ඉඩමක මාස කීපයක සිට නිධානයක් හෑරීම සඳහා ගලක් විදිමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 04 December 2017
පොදු සමා කාලයේ ඉවත්වීම් නොලැබු 2019 ක් අත්අඩංගුවට පොදුසමා කාලයේ යුද හමුදාවෙන් නීත්‍යානුකූල ඉවත්වීම් නොලද හමුදා නිලධාරීන් සහ සාමාජිකයන් 2019 දෙනෙකු අද (3) වැනි දා වනවිට අත්අඩංගුවට පත්ව තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය. 03 December 2017
කන්දකැටියේ සැරයන්වරයකුට පහර දීලා රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටි කන්දකැටිය පොලීසියේ සැරයන්වරයකුට කිසියම් පුද්ගලයකු විසින් පහරදීමෙන් පසුව තුවාල ලැබූ සැරයන් මීගහකිවුල රෝහලටත් පසුව බදුල්ල මහ රෝහලටත් ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. 03 December 2017
උඩරට දුම්රිය ගමන් සුපුරුදු පරිදි පස්කඳු හා ගල් කඩා වැටීම හේතුවෙන් නානුඔය දුම්රිය ස්ථානයට සීමා කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (03) යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 03 December 2017
හම්බන්තොට පවුල් 336කට පීඩා අධික වැස්ස හා සුළඟ හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 336 ක 1250 දෙනකු පමණ පිඩාවට පත්ව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා අද (03) පැවසීය. 03 December 2017
පුංචි ඡන්දෙට මාතලේ ප්‍රා.සභා රැසක පිල් මාරු කිරිම් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ පිල් මාරුකිරීම් පිළිබඳ මාතලේ දිස්ත්‍රික්යේ ප්‍රාදේශිය සභා රැසක හිටපු මන්ත්‍රිවරු රැසක් රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 December 2017
දළ පූට්ටුවාගේ දළ බව සැකකරන පෙන්ඩන් - සුරයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට වෙඩි තබා මරා දැමුණු දළ පූට්ටුවාගේ දළ වලින් සැකසු බවට සැකකරන පෙන්ඩන් දෙකක් සමඟ සුරයක් සන්තකයේ තබා ගෙන සිටි ග්‍රාම නිළධාරිවරු දෙදෙනෙක් නිකවැරටිය කොඨඨාස බුද්ධි එකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබුහ. 03 December 2017
ගාල්ලේ 28,700කට පීඩා හදිසි ආපදා හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් අට දෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 03 December 2017
වැස්සෙන් බදුල්ලේ පුද්ගලයන් 4670කට පීඩා බදුල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල වර්ෂාවත් සමඟ පැවති ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව ගොස් ඇති බවත් ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1213ක පුද්ගලයන් 4669ක් පීඩාවට පත්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහාකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත මහතා අද (4) පැවසීය. 03 December 2017
හෙළිකොප්ටරයක් වැස්ස නිසා හේනේගමට ගොඩ බස්වයි ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු හා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ඇතුලු හය දෙනෙකු රැගෙන කොළඹ බලා පියාසර කළ පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා අද (2) සවස 5.00ට පමණ හේනේගම මධ්‍ය විද්‍යාල ක්‍රීඩාපිටියට ගොඩ බස්වනු ලැබිණ. 02 December 2017
ශ්‍රිලනිප සංවිධායකවරු 20ක් පත්වීම් ලබති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව සංවිධායකවරු 20 දෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්විම් ලිපි ලබා ගත්හ. 02 December 2017
හිටපු කොටිත් පොහොට්ටුවෙන් එනවා - හිටපු උතුරු මැද මහ ඇමැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව පොදුජන පෙරමුණේ උතුරු ප්‍රදේශයේ සංවිධාන කටයුතු බාර හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (02) අනුරාධපුරයේදි පැවසීය. 02 December 2017
වැස්සෙන් ඉඹුල්පේ නිවාස 9 කට අර්ධහානි 31 ක් අවතැන් තද වර්ෂාව සහ සුළං හේතුවෙන් බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 02 වැනිදා වනවිට නිවාස නමයකට අර්ධ හානි සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 31 දෙනෙකු අවතැන්ව ඇති බව ඉඹුල්පේ ප්‍රාදේශීය මහලේකම් කීර්ති ජයසිංහ මහතා පැවසීය. 02 December 2017
සිරිපා වන්දනා සමය ඇරඹෙයි මෙවර සිරිපා වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ මාස හයක කාලයක් තැන්පත් කරතිබු සධාතුක කරඬු, සුමන සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණ 02දා උදෑසන එළඹුන සුබ නැකැත් වේලාවන් තුනක දි මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් සිරිපා මළුව වෙත වැඩම කරවීම සිදු විණි. 02 December 2017
උඩවේරිය කන්දෙන් පවුල් 45 ක් ඉවත් කරයි හල්දුම්මුල්ල වීරකෝන්ගම උඩවේරිය කන්ද නාය ගිය කොටසට ආසන්නයේ පදිංචිව සිටි පවුල් 45 ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවැසීය. 02 December 2017
වෑන්රිය පෙරළී 6 ක් තුවාල ලබති බදුල්ල කලුගහකදුර මාර්ගයේ කලුගහකදුර කප්පරගල ප්‍රදේශයේ දී අද (02) උදෑසන 10.00 ට පමන එම මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඒ අසල වූ අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරළිමෙන් එහි ගමන් ගත් හයදෙනෙකු තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුලත් කල අතර අසාධ්‍යය තත්වයේ පසුවූ දෙදෙනෙකු බදුල්ල පළාත් රෝහල වෙත මාරුකර කවා ඇතැයි පොලීසිය පවසයි. 02 December 2017
ගාල්ලේ කාලගුණය යහපත් තත්ත්වයට අද උදැසන 10 වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ කාලගුණික තත්වය යහපත් අතර හැරී ඇතිබව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 02 December 2017
ජීව අත්බෝම්බ දෙකක් නිල්ලඹින් සොයාගනී ටයිප් අසූදෙක වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් නිල්ලඹ පරණ හල්ඔය ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබයදි ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් ඊයේ (1) රාත්‍රි සොයාගෙන තිබෙනවා. 02 December 2017
බළන්ගොඩ බදුල්ල මාර්ගයේ පැත්තක් ගිලාබසී දින කීපයක සිට ඇදවැටුණ වර්ෂාව හේතුවෙන් බළන්ගොඩ කිරිඳිගල ප්‍රදේශයේදී බදුල්ල කොළඹ මාර්ගයේ එක්පසක් ගිලා බැසීමට ලක්ව තිබේ. 02 December 2017
මුහුදෙන් නවසීලන්තයට යන්න ගිය 32 ක් රිමාන්ඩ් නිති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නවසිලන්තයට යාම සදහා බහුදින යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදි නාවික හමුදාව සහ ආරච්චිකට්ටුව පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන හලාවත වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රදිප් රොද්‍රිගෝ මහතා වෙත ඉදිරිපත් කල සැකකරුවන් 32 දෙනා ලබන දෙසැම්බර් 5 දින දක්වා බන්ධනාගාර ගත කිරිමට බන්ධනාගාර නිළධාරින්ට නියෝග කෙරුණි. 02 December 2017
දකුණු ආසියාවේ වයස්ගතම මාතාව දිවියෙන් සමුගනී වයස අවුරුදු 115 ක් වූ පේඩිගේ අනුලාවතී මාතාව අද ( 01 ) මෙලොවින් සමු ගත්තාය. ඇය මියයන තෙක්ම ජිවත් ව සිටියේ අරණායක ගැවිලිපිටිය ප්රදේශයේය. 01 December 2017
ප්‍රා.ලේ හා දි.ලේ කාර්යාල සෙනසුරාදා ඉරිදා විවෘතයි පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වු නිවාස හා දේපළවලට හානි සිදුවු පවුල් සඳහා වන්දි ලබාදීමේ කටයුතු සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරන බව රජය දැනුම් දෙයි. 01 December 2017
ආපදා මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළට තද වැසි හා සැඩ සුළං සමඟ ඇති වූ කාලගුණයේ වෙනස්වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 11ක් දක්වා ඉහළ ගොස් තිබේ. 01 December 2017
මාතලේට නව ශ්‍රීලනිප නායකයෙක් නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (1) ජනපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය බාර ගත්තේය 01 December 2017
ජයන්ත විජේසේකර ශ්‍රිලනිපයට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු මෙන්ම නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ද වන ජයන්ත විජේසේකර මහතා අද (1) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. 01 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026