(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා මරණයට පත්කිරීම ඇතුළු ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාට තුවාල සිදු සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ අධිකරණයේ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වූයේ පිළියන්දල විද්‍යාල මාවතේ පදිංචිව රත්නපුර මහා රෝහලේ දියවැඩියා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරිය වූ නිලානි කාවිංගා මහත්මියයි.
එම සැකකාර වෛද්‍යවරිය මේ වනවිටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීලා එලවන අයට හොඳ පාඩමක්.
විශේෂඥ වෛද්‍යවරියක් උනත් අද සමාජයෙන් ගැරහුම් ලබන තැනැත්තියක්. දෙමවුපියන් සමාජයට හොද පුරවැසියෙක් දුන්නත් අද තත්වය දෙමවුපියන්ගෙ දෙනෙත්වල කදුළු.
එම වෛද්‍ය වරිය මොකද කළුබෝවිල රෝහලේ ඉන්නෙ කිසිම තුවාලයක් නැතිව.
අපිට අපි ගැනම මහා දුකක් සහ කලකිරීමක් ඇතිවෙනවා. අපේ දරුවොන්ට හෙට ජීවත්වෙන්න අපි හදපු අපූරු ලෝකය. නීතියක් නැති ලෝකය. සාධාරණයක් නැති ලෝකය. හික්මීමක් නැති ලෝකය. හැදියාවක් නැති ලෝකය. හොරු, මිනීමරුවන්, දූෂකයන් රජකරන ලෝකය. දොස්තරව බේරගන්න දොස්තරලා දඟලනවා, පොලිස් නිලධාරියෙක් නිසා පොලිසිය අමුතු ජවයකින් නඩුව ගෙනියනවා. නීතිඥයෝ සල්ලි වෙනුවෙන් වරදකරු නිදහස් කරගන්න දඟලනවා. පොලිසිය නීතිය නමනවා. මොන සමාජයක්ද මේ. අපි තනපු ලෝකය සම්බන්ධව අපේ දරුවෝ හෙට අපිට සාප නොකරාවි. ඔව්න්ද නිතැතින්ම ඒ ක්රමයේම පංගුකාරයන් වේවි. මක්නිසාදයත් හෙට මේ ලෝකය තව තවත් මේ ක්‍රමය තුලින්ම අලුත් අලුත් ක්‍රම බිහිවෙන නිසාවෙනි. ක්‍රමය වෙනස් කිරීමට අපහට තවත් සීමිත කාලයක් ඉතුරුවී තිබේ. මතු පරපුරට නැවුම් ලෝකයක් සැදීම අප කාගේත් පරම වගකීම විය යුතුයි.
නුවන්, එයාටත් අපේ දේශපාලකයන්ට වගේ සමාන වරප්‍රාසාද. හැබැයි තාම නම් සංගමයෙන් අනතුරු, වර්ජන දකින්නට නම් නැහැ. කොටුව දුම්රිය ස්ථානයේ සිද්ධියට බයවෙලා වගේ.
නීතියෙන් ගැලවෙන්න දෙන්නම නරකයි.
වැරදි වාර්තාවක් දුන්න දොස්තර ගැනත් නීතිමය පියවරක් අනිවාර්යයෙන් ගත යුතුය.
වෛද්‍යවරිය කළුබෝවිල රෝහලේ තබාගැනීමට හේතුව කුමක්ද? අධිකරණ වෛද්‍යවරයා යවා නිසිලෙස පරීක්ෂා කරවිය යුතුය. බන්ධනාගාරයට නියම වූ අපරාධකරුවන්ට හෝ සැකකරුවන්ට එයින් බෙරී සිටීමට ඔව්න්ට උදව්කරන රෝහලේ අනික් වෛද්යවරුන්වද අදාළ නීති යටතේ අත්අඩංගුවට ගත යුතුය.
නුවන් මටත් මේ පුවත දැක්කම හිතුනෙම ඕක
අහිංසක පවුලකට දුන්න දුක් ගින්දර නිවන්න ආත්ම ගණනාවක් යයි.
කෝ මේ රටේ නීතිය ? ඇයි මේ අපරදකාරී රිමාන්ඩ් කරන්නේ නැත්තේ ?මෙයා ට තියන අමාරුව මොකද්ද ?
අය්යෝ නුවන් ඔය ලංකාවේ නෙමේද ඉන්නේ. දොස්තර විතරක් නෙමේ වැරද්දක් කලාම විශේෂයෙන් දේශපාලකයෝ (ලොකු ලොකු ය කිසිම හේතුවක් නැතිව ඉක්මනට අසනීප වෙනවා.)කෙලින්ම ලොකු ලොකු ඉස්පිරිතාලවල නවතින්නේ ඇප දෙනකම්ම .
ඉතාම නින්දිත ලෙස නීතිය හෑල්ලු වෙනවා
මේ සිද්ධියෙදී පොලිසිය සහ පොලිසියේ කෙනාගේ පවුලේ අය ඇයි මෙච්චර කලබල වුනේ. අනිවාර්යයෙන් නැති වුන පොලිසියේ කෙනාගේ හරි වාහනය එලෙව්වා කියලා සැක කරන එයාගේ පුතාගේ මොකක් හරි දෙයක් පොලිසිය යටගහන්න හදනවා වෙන්න පුලුවන්. මතකනෙ අර කොටකෙතන සිද්ධිය වෙලවේ ඩින්ඵ් නොතිබුනා නම් අහුවෙන්නේ වෙන මනුස්සයෙක්. එහෙම පොලිසියක් අපිට තියෙන්නේ.
ඔන්න ප්‍රතිඵල!! කාන්තාවන්ටත් මත්පැන් නිකුත් කරන්න මානව හිමිකමේ නාමයෙන් සමහරුන්ට පහුගිය කාලේ තිබුනේ පුදුම උවමනාවක්නේ. සමහරු ගැසට් නිවේදන පවා නිකුත් කලා. ඔන්න දැන් මත්පැන් බීලා විතරක් නෙමයි පාරේ යන මිනිස්සුන්වත් මරලා දාන පහත් තත්වෙට පත්වෙලා. අපි මේ රටේ කලින් අහපු දේවල්ද මේ?
මේවට මහලොකු වෛද්‍ය සංගම්වලිනුත් උත්තර නෑනෙ. තමන්ගේ කුලයේ එවුන් මොන වැරැද්ද කලත් ඉවසනවා. බැරිවෙලාවත් වෙන කෙනෙක් අතින් වෛද්‍යවරයා මැරුනානම් බලන්න තිබ්බ නාට්‍ය ටික. පොඩි වෙච්ච වාහනේ ලෙඩ්ඩු ටික සනීප වෙලා ගෙදර යනකන්ම, තියාගෙන ඉදිවී හොස්පිටල් එකේ. මේවට සාධාරණය ඉටු වේවි අධිකරණයෙන් හෝ බන්ධනාගාරයේදී.
ඇප දෙනකම් රෝහලේ මැයට අපක්ෂපාති වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට වහාම බන්ධනාගාර රෝහලට මාරු කර යැවිය යුතුයි. මෙවෙනි අවස්ථාවලදී ක්‍රියා කිරීමට ස්වාධීන වෛද්‍ය මඩුල්ලක් සිටිය යුතුය. නීතිය එක පන්තියකට පමණක් වෙනස් වීම සාමාන්‍ය ජනතාවට කරන බලවත් අසාධාරණයක්.
වෙන අයට මෙහෙම කරන්නේ නැහැ නේද. රටේ නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන්න
මෙයාලට රෝහලේ සිටීම ගෙදර හිටියා වගේ බන්ධනාගාර නිලධාරීනියන්ට තමා අපහසු ස්ථානයක රැදී සිටින්න සිදු වන්නේ.
GMOA මොකද නිශ්ශබ්ද? සාධාරණය කොහෙද? අහක යන ප්‍රශ්න GMOA එකට ලොකුයි.