( ඔගස්ටීන් ප්‍රනාන්දු සහ ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ වසර හතරක සේවාකාලයෙන් පසු සේවා තහනමකට ලක්වූ කම්කරුවෙකු අද (15) පස්වරුවේ එම ප‍්‍රාදේශීය සභා භූමියේ ඇති අඩි අසූවක් උසැති ජලටැංකිය මත නැග උපවාසයක් ආරම්භ කළේය.
මෙසේ උපවාසයේ නිරතවූයේ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවෙකු ලෙස වසර 4ක් සේවය කළ දැනට වැඩතහනමකට ලක්ව සිටින ආරච්චිකට්ටුව පදිංචි ආර්ග සුනිල් ශාන්ත නැමති දෙදරු පියෙකි.
තමන්ට සිදු වු අසාධාරණය ගැන ඔහු මෙසේ සඳහන් කළේය.
මම මේ ප‍්‍රාදේශීය සභාවේ වසර 4ක් සේවය කළා. අපේ උත්සව අවස්ථාවක් වෙලාවේ ලේකම්තුමා සමග වචන හුවමාරුවක් සිදුවුනා. වැරදි හැසිරීම ඇතුලූ තවත් හේතු ගනනාවක් දාලා ලේකම්වරයා මගේ වැඩ තහනම් කලා.මමත් බිරිදත් දරුවන් දෙදෙනාත් ජීවත්වන්නේ අමාරුවෙන් අමාරුවෙන් දරුවෝ පාසල් යනවා. ස්ථීර රැකියාවක් නෑ. මම වරදක් කළානම්මාව දොට්ට දැම්මා නම්ලේකම් වරයාත් අයින්වෙන්න ඕනා හැමෝටම නීතිය පොදු වෙන්න ඕනා.
මෙම අවස්ථාවේ ලේකම්වරයා ප‍්‍රාදේශීය සභාවේ නොසිටි අතර එම ස්ථානයට පැමිණි ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතා උපවාසකරු ජලටැංකිය මතින් බස්සවා ගැනීමට මහත් පරිශ‍්‍රමයක් දැරුවත් එය ව්‍යර්ථ විය. ප. ව 5. 30 වන විටත් ඔහු සත්‍යග‍්‍රයේ නිරතව සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරිය දේවකාරිය සේ සලකා තම තමන්ගේ තරාතිරම අනුව තැනේ හැටියට හැසිරීමත් ඉතා වැදගත්.
මමත් මහ නගර සභාවක ලේකම් කෙනෙක් ලෙස සේවය කලා. එම ආයතනවල ඉන්නේ බොහෝවිට සබාවේ සිටින හෝ සිටිය නියෝජිතයන්ගේ නෑයක් හෝ හිතවතුන්. ඔවුන්ට කිසිම නීතියක් රීතියක් නැහැ සියලු රාජ්‍ය නිළධාරීන්ගේ විනය පාලනය කරන. ආයතන සංග්‍රහය ඔවුන්ට වලංගු නැහැ. එහි දැක්වෙනවා ඉහල නිළධාරීන්ට අවනත නොවීම විනය විරෝධී කියලා. මොහු රාජ්‍ය සේවය අපකීර්තියට පත්කරන අයෙක්.
මේ තමා රාජ්‍ය ආයතනවලට ඉන්න අනිත් පිළිල හැමෝම නොවුණත් දේශපාලන ගොටුවලින් එන බොහොමයක් කම්කරු, කාර්යාල කාර්ය සහායක, රියදුරු සේවකයින් හිතාගෙන ඉන්නේ නීතිය හෝ ආයතන සංග්‍රහයක් කියල දෙයක් නැහැ කියල. වැඩක් කරගන්න බෑ ඕනි විදියට.