(රන්ජන් කස්තුරි)
දිවයින පුරා ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු තිබෙන අතර ඒවා මේ වසර අවසානයට පෙර සම්පූර්ණ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මීට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට(16) සිට නොවැම්බර් මස 10 වැනි දින දක්වා බත්තරමුල්ල ඉසුරුපායෙහි පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වේ.
මීට අමතරව එකම පාසලේ වසර අටකට වැඩි කාලයක් සේවය කරන විදුහල්පතිවරුන් වෙනත් පාසල්වලට මාරු කර යවන බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු ඉකුත් කාලයේදී සම්පූර්ණ නොකිරීම නිසා සුදුසුකම් සහිත විදුහල්පතිවරුන්ට එම ධුර අහිමි වී තිබූ අතර ඇතැම් වැඩබලන විදුහල්පතිවරුන් දීර්ඝ කාලයක් එකම පාසලේ සේවය කිරීමටත් සිදුව තිබෙන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලට නම් නව විදුහල්පතිවරයකු එව්වත් වැඩක් නැහැ. පරණ, අරටු බැහැගත් ගුරුවරුන් කණ්ඩායම මාරු නොකර... මොකද ඔවුන් මොන විදුහල්පතිටවත් වැඩක් කරන්නට දෙන්නේ නැහැ. තමන්ගේ ටියුෂන් සංවර්ධනය ගැන පමණයි හිතන්නේ... ඒ සඳහා ඔවුන් මුළු පාසලම අවුල් කරනවා. මේ පාසලේම අවුරුදු 25 ,20 ,15 ,ඉන්න ගමන්... ඒ වගේම ගිය වසරේ පාසල් ළමුන් යොදවා උද්ගෝෂණය කරවූ ගුරු කණ්ඩායමට එරෙහිව තවම මුලික විමර්ශනයක්වත් නැහැ. මොවුන් පාසලට පිළිලයක්.. මේ සැරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක තනතුරු පුරවන එකත් ගැටළුවක් වෙලා. සුදුස්සන්ට දීමට ඉහත පුද්ගලයින් අකමැතියි. උද්ඝෝෂණයට සහය දීපු අැම්බැට්ටයන්ම පත් කරන්න ඕනෑලු. මේ තත්වයන්ට මැදිහත් නොවන අධ්‍යාපන අමාත්‍යාංශයක් හෝ ඇමතිවරයකු තවදුරටත් මහජන මුදලින් නඩත්තු කල යුතුද?
වැදගත් පියවරකි. දේශපාලන හෝ වෙනත් හිතවත්කම් මත පත්වීම් දෙන්න එපා. දරු පරපුරක් දිනවන්න විදුහල්පති කෙනෙක්ට වැඩ කරන්න පුළුවන්. සුදුසුකම් තිබුනත් දුෂිතයන් පත් කරන්න එපා. අධ්‍යාපන බලධාරීන් සතුටු කරන පුද්ගලයන්ට විදුහල්පතිකම් දීම තුලින් රටේ අධ්‍යාපනය විනාශ කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයතු කර ඇත. මෙවරවත් සාධාරණව සුදුස්සන්ට පත්වීම් ලබාදෙන්න කටයුතු කරන්න. දුෂිතයන්ට අධ්‍යාපනය විනාශ කරන්න ඉඩ දෙන්න එපා දෙවියනි.