පොහොට්ටුව රත්නපුරටත් ඇප තියයි රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ටම පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (6) අද ඇප මුදල් තැන්පත් කළේය. 06 December 2017
බිරිය මැරූ සැමියාට දස වසරක සිරදඬුවම් සිරුරට භූමි තෙල් දමා බිරියක ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක වරදකරු වූ පුද්ගලයකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා බරපතල වැඩ සහිත දස වසරක සිරදඬුවමක් අද (6) නියම කළේය. 06 December 2017
හදවත් සැත්කම් පෞද්ගලික රෝහල්වල කරන්න කැබ්නට් අනුමැතිය කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර දෙකෙහි අලූත්වැඩියා කටයුතු අවසන් වනතුරු හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල් වලදී සිදුකර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 06 December 2017
උමාඔය නඩුව අසද්දී බදුල්ල මහාධිකරණය ඉදිරියේ නිහඩ විරෝධයක් උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවු නිවාස හා වගාහානි වෙනුවෙන් මෙතෙක් සාධාරණ වන්දියක් ලබානොදීමට එරෙහිව අද (6) අධිකරණයේ නඩු වාරය යන අතරතුරදී නිහඬ විරෝධතාවයක යෙදී සිටිති. 06 December 2017
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට මුල්ගල් තැබෙයි පොළොන්නරුවේ ඉදිවන දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (6) පෙරවරුවේ සිදු කෙරිණි. 06 December 2017
අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඉවතට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 December 2017
ඡන්ද වැඩ එස්ඩීඅයිජි චන්දන වික්‍රමරත්නට බාරවෙයි මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත් කර තිබේ. 06 December 2017
ගෝඨා අත්අඩංගුවට නොගන්නැයි නිකුත් කළ අතුරු තහනම යළි දිගුවෙයි පොදු දේපල පනත අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(6) තීන්දු කළේය. 06 December 2017
නාමයෝජනා ඉල්ලුම තුන් ගුණයකින් වැඩිවීමෙන් එජාපය අර්බුදයක මැතිවරණ කොට්ඨාසවලට ඉදිරිපත් කළ යුතු නාම යෝජනා සංඛ්‍යාව මෙන් තුන් ගුණයක්ද ඉක්මවන පිරිසක් අපේක්ෂකත්වය ඉල්ලීම නිසා එක්සත් ජාතික පක්ෂ ජාතික නාම යෝජනා මණ්ඩලය අර්බුදයකට මුහුණ පා සිටින බව එජාප ආරංචි මාර්ගවලින් පැවසේ. 06 December 2017
සන්ධානයේ පක්ෂ වෙන වෙනම තරගයට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ වෙන වෙනම තරග කිරීමට විධායක සභා රැස්වීමේදී තීන්දු කෙරුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය. 06 December 2017
අඹගමුව පෙත්සමෙන් ඡන්දයට බලපෑමක් නෑ -ෆයිසර් අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මැතිවරණ පැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පළාත් පාලන ඡුන්දයට කිසිදු බලපෑමක් සිදු නොවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (5) පැවසීය. 06 December 2017
හාල් - පොල් රටින් ගෙන්වීමට කැබිනට් තීරණයක් ජීවන වියදම පාලනය සඳහා සහල් සහ පොල් මද පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 06 December 2017
නිවේදනය නොතකා මුහුදු ගිය ධීවරයින් 25ක් අත්අඩංගුවට බෙංගාල බොක්කේ ඇතිව තිබෙන අඩුපීඩන තත්ත්වයේ බලපෑම අද (6) දිනටද බලපාන හෙයින් ධීවරයින්ට මුහුදු ගමන් යාමෙන් වළකින ලෙසට දැනුම් දී ඇති බවත් එම නිවේදන නොතකා මුහුදු ගමන් ගිය ධීවරයින් 25 දෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට ගෙන ඇත. 06 December 2017
ගාල්ල කළුවැල්ලේ රෙදි වෙළඳසලක ගින්නක් ගාල්ල නගරයේ කළුවැල්ල ප්‍රදේශයේ රෙදිපිළි අළෙවිසලක මේ වනවිට ගින්නක් හටගෙන තිබෙන බව පොලිසිය පවසයි. 06 December 2017
අඩු පීඩන තත්ත්වය කිලෝමීටර 800කට දුරින් දිවයිනට කිලෝමීටර 800කට දුරින් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 05 December 2017
ඔක්තෝබරයේ අතිරේක විදයම රුපියල් බිලියන 11ක් ආණ්ඩුව විසින් ඔක්තොම්බර් මාසයේදී සිදුකළ අතිරේක වියදම් පියවාගැනීම සඳහා රුපියල් බිලියන 11 ක පරිපුරක ඇස්තමේන්තුවක් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 05 December 2017
ශ්‍රී ලංකාව සෞභාග්‍ය දර්ශකයේ ඉහළට ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය 0.746ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. සෞභාග්‍යය දර්ශකය මගින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය 2015 වසරේ පැවැති 0.685 සිට පසුගිය වසරේදී එනම් 2016 වසරේදී 0.746 දක්වා ඉහළ ගොස් ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 05 December 2017
වෛද්‍ය උපාධියේ අවම ප්‍රමිතිය ගැසට්ටුව ගැන සාකච්ඡාව කල් යයි වෛද්‍ය උපාධිය සඳහා අවම ප්‍රමිතිය ගැසට් කිරීමේ කෙටුම්පත අද(5) කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණද එය සාකච්ඡාවට ගැනීම කල්දමා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 05 December 2017
හම්බන්තොට වාරණය අත් හිටුවයි හම්බන්තොට වරායේ සේවකයින්ට වරාය පරිශ්‍රයට ඇතුල්වීම වලක්වාලමින් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණ නියෝගය අත් හිටුවා තිබේ. 05 December 2017
අධ්‍යාපන ඇමැති සාපෙළ බර අඩුකරන්න යයි ඉදිරි වර්ෂ වලදී සාමාන්‍ය පෙළ විෂයන් නවයෙහි වෙනස්කම් රාශියක් සමග විෂයන් 6ක් දක්වා අඩු කොට තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයයක් කොට දරුවන් පිට පටවා ඇති අනවශ්‍ය අධ්‍යාපන බර ඉවත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 05 December 2017
දළ පූට්ටුවාගේ බවට සැක ගජමුතු සමග දෙදෙනෙක් කොටුවෙති ඝාතනයට ලක්වූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට සැකකරන ගජ මුතු තුනක් සමග පුද්ගලයින් දෙදෙනකු ගල්ගමුව ආනමඩුව පාරේ පාසලක් අසල නිවසකදී අද(5) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය කියයි. 05 December 2017
බස්නාහිර ප්‍රශ්න පත්‍ර මුද්‍රණය මාෆියාවක්ලු බස්නාහිර පළාතේ පාසල්ව වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය මාෆියාවක් බවට පත්වී ඇතැයි බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පැවසීය. 05 December 2017
හෘද ඒකකය වැසීමෙන් රෝගීන්ට පීඩා දින 05ක සිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වසා තැබීමේන් රෝගීන්ට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් රජය වහාම පියවර ගත යුතු බව නිදහස් සෞඛ්‍යය සේවයක් ස`දහා ජනතා ව්‍යාපාරයේ කැ`දවුම්කරු වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා අද (5) පැවසීය. 05 December 2017
මාධ්‍ය වාරණය ප්‍රායෝගික නෑ - ඇමැති මංගල එක්කෝ පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කළ යුතු බවත් නැතිනම් පුවත්පත් මණ්ඩලය ගැන නැවත සිතිය යුතු බවත් ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර මහතා නාරාහේන්පිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී අද(5) පැවැසීය. 05 December 2017
කුකුළයි අශ්වයයි අතේ එල්ලෙයි ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට තීරණය කර ඇත. 05 December 2017
ශ්‍රීලනිප මන්ත්‍රීන්ට පොදුජන පෙරමුණේ වැඩ බෑ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂයක ජයග්‍රහණය සඳහා උපකාර කළහොත් පක්ෂ ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බව ශ්‍රී.ල.නි.ප උප ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 05 December 2017
වරාය පැවරීමේ ගැසට්ටුව බ්‍රහස්පතින්දා කැබිනට්ටුවට හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවරීමේ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා අනිද්දා (07) කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. 05 December 2017
සා.පෙළ උපකාරක පන්ති හෙටින් නවතී 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගත් උපකාරක පංති හා උපකාරක වැඩසටහන් පැවැත්වීම හෙට (6) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් වෙයි. 05 December 2017
හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීමට දුම්රිය බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ලොකෝමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය හෙට(6) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 05 December 2017
අල්ලස් ගත් ආදායම් බදු නිලධරයකුට වසර 16 ක සිරදඬුවම් රජයට ගෙවිය යුතු බදු මුදල් අඩුවෙන් ගණනය කරදීම සඳහා සිල්ලර වෙළඳසලක ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 25,000/-ක අල්ලසක් ගත්තැයි වරදකරු වු හිටපු ආදායම් බදු නිලධාරියකුට වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු අල්ලස් වශයෙන් ගත් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය. 05 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026