(ඩයනා උදයංගනී)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්‍යාවශ්‍ය එකක් බවත්, එය ඉන්දියාවට හෝ වෙනත් කිසිඳු රටකට ලබාදීමෙන් වරාය අධිකාරියේ පැවැත්ම පිළිබඳ ගැටලූ ඇතිවිය හැකි බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
මේ වන විට කොළඹ වරායට පැමිණෙන බොහෝ නෞකා විශාල ඒවා බැවින් නැගෙනහිර පර්යන්තය වැනි ගැඹුරු පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අවශ්‍ය බව කී ඇමැතිවරයා එහි දැනට ඇති ගැඹුරු පර්යන්තය වන සී.අයි.සී.ටී පර්යන්තය පසුගිය රජය සමයේදී වසර 35ක් සඳහා ‘චයිනා මර්චන්ට්’ නැමති චීන සමාගමකට ලබාදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින් මේ වන විට වරාය අධිකාරියට ගැඹුරු පර්යන්තයක අවශ්‍යතාව ඇති නිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අනිවාර්යයෙන්ම ඒ යටතේ පවත්වා ගන්නා බව ඇමැතිවරයා කීවේය.
ඉන්දියානු රජය ද කොළඹ වරායේ පර්යන්තයක් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති නමුත් එම ගිවිසුමෙහි කිසිඳු තැනෙක නැගෙනහිර පර්යන්තය පිළිබඳ සඳහනක් නැතැයි කී අමාත්‍යවරයා ඉදිරියේ දී බටහිර පර්යන්තය සංවර්ධනය කර ඔවුන්ට බදු පදනම යටතේ ලබාදීමේ හැකියාවක් තිබෙන බව ද පැවසීය.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර හෝ බටහිර හෝ වේවා දෙනවනේ. මෙහෙම රටේ සම්පත් එක එක් රටවලට දෙනවනං, මොනවට ඇමති කෙනක් පත් කරන්නොන? ඔය වැඩේ සාමාන්‍ය මට්ටමේ නිලධාරිලාටත් පුළුවන් නේ.
නැගෙනහිර හෝ බටහිර අපි මොකටද කාටවත් දෙන්නේ. ඒක කොයි තරම් ලාභ ගන්න පුළුවන් එකක්ද. ඇයි දෙන්න අපි මුළු රටම මේකට නම් විරුද්ද විය යුතුයි.