තරිඳු ජයවර්ධන
රහස් පොලිසියෙන් දෙවැනි වරටත් කරන ලද දැනුම් දීම අනුව ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (18) උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
එහි මිනීමැරුම් විමර්ශන අංශය මේ වන විට නාලක සිල්වා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටී.
ඒ මහතා පසුගිය 16 වැනි දා රහස් පොලිසියට කැඳවනු ලැබුවත් දරුවකුට අසනීප බව කියමින් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේ නැත.
ඒ අනුව කුරුඳුරුවත්ත පොලිසිය මගින් ඒ මහතාට දෙවැනි වරටත් කැඳවිම් යැවීමට රහස් පොලිසිය කටයුතු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් දේශපාලන විගඩමකට එහා දෙයක් නොවේ. රටේ ජනාධිපතිවරයාව ඝාතනය කරන්න කුමණ්ත්‍රන කරන නියෝජ්‍ය පොලිස්පතිව වැඩ තහනමට ලක්වන්නෙම චෝදනාවට ලක්වී සති කිහිපයකට පසූව ඒ පිලිබදව පරික්ෂණ කටයුතු පවා පැවැත්වෙන්නෙත් ඇල්මැරණු ස්වභාවයකින් වන අතර චූදිතයාට කට උත්තරයක් ලබා දීමට රහස් පොලිසියට පැමිණෙන කල දැනූම් දීම නොතකා සිටිය විට නැවත පැමිණිමට දිනයක් ලබා දීමට තරම් රහස් පොලිසිය කාරුණිකය. වඩාත්ම විසිලුකාරි ස්වභාවය වන්නේ චූදිත පොලිස් නිළධාරියා මෙවැනී බරපතළ චෝදනාවකට ලක්වුවත් තම එදිනෙදා කටයුතු ඒ පරිද්දයෙන්ම කරගෙන යාමය. අඩුම තරමේ සැගවිමට හෝ විදේශයකට පැන යාමට හෝ උත්සාහයක් නොදරන අතර ඒ සදහා ඔහුට උපදෙස් දුන්නා යයී පවසන විදේශිය රහස් ඔත්තු සංවිධානයෙන් හෝ එවැනී උපදේශයක් නොදිම පුදුම සහාගතය.
ඒකට කියන්නේ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය.