සයිටම් සිසුන් රජයේ වෛද්‍ය පීඨවලට ගන්නලු මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය පීඨවලට අනුයුක්තර කර එම ගැටළුවට විසඳුමක් ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සහ සයිටම් දෙමාපිය සංගමය ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත ලිඛිත යෝජනාවක් කර තිබේ. 05 December 2017
මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වෙයි යුද්ධයේදී මියගිය එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිහිදන්කර ඇති කිලිනොච්චිය , කනකපුරම්හි මහ විරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිලිනොච්චිය කරච්චි ප්‍රදේශිය සභාව විසින් තීරණයකොට තිබේ. 05 December 2017
හික්කඩුව කුමාරකන්දේදී වෙඩි තැබීමක් අනුරාධපුරයේ සිට හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයට කිසියම් කටයුත්තක් කරවාගැනීමට යැයි පවසා ගෙන්වා ගත් පුද්ගලයකුට අද දහවල් වෙඩි තබා ඇත . 05 December 2017
ජානිපෙ නියෝජ්‍ය නායකයාගේ කැමැත්ත මෛත්‍රී පිලට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කළ අනුරාධපුර දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරිමේ සුදානමක් පවති. 05 December 2017
නිධන් හොරුන් අතර නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ආණමඩුව ඔට්ටුකුලම ප්‍රදේශයේ නිධන් ඈරීමට ගියැයි කියන පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 December 2017
සුනාමි කතාව බොරුවක් පානදුර ආදී ප්‍රදේශ කිහිපයක සුනාමි අවදානමක් යැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. 05 December 2017
මන්ත්‍රී රන්දීර්ට පළාත් සභා රැස්වීම් වලට යන්න අවසර රිමාන්ඩ් බාරයේ සිටින බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් ආසිරි රැද්රිගු නැමැති සැකකරු පළාත් සභා මාසික රැස්වීම්වලට සහභාගී කරවන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (5) නියෝග කළාය. 05 December 2017
මුහුදු ගිය බෝට්ටුවකට අකුණු සැර අයෙක් මරුට දෙවිනුවර වැල්ලේ සිට නාවික සැතපුමක් ඈතින් වු මුහුදේදී බෝට්ටුවකින් මාලු අල්ලමින් සිටි ධීවරයකු අකුණු සැර වැදීමෙන් ධීවරයකු මිය ගොස් ඇති බව ගන්දර පොලීසිය පවසයි. 05 December 2017
වීසා නැතිව සිටි ඉන්දීය කත යාපනයේදී අත්අඩංගුවට ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිට කයිට්ස්, සුරුවිල් හී දී වෙළඳාම් කළ කාන්තාවක් අද (5) අත්අඩංගුට ගනු ලැබු බව කයිට්ස් පොලිසිය පවසයි. 05 December 2017
තංගල්ලේ ග්‍රාමීය බැංකුවක් කොල්ලකයි තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල නාකුලුගමුව ග්‍රාමීය බැංකුව මීට සුළු වේලාවකට පෙර ආයුධ රැගෙන පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් මංකොල්ල කා ඇති බව පොලිසිය පවසයි. 05 December 2017
පොලිස්පතිගේ ප්‍රකාශයට ඇමැති සාගල එකඟ නැතිලු ගිංතොට ප්‍රදේශයේ සිදුවු ජාතිවාදී සිදුවීමේදී පොලිසිය අසමත් යැයි පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කළ ප්‍රකාශයට එකඟ නොවන බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කීවේය. 05 December 2017
තිස්ස කුට්ටිආරච්චි පොහොට්ටුවට එක්වෙයි ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා මහින්ද රාජපත්ෂ මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය. 04 December 2017
ඉන්දීය සිනමා තරුවක් නිවී යයි ඉන්දියාවේ ප්‍රවීණ සිනමා නළුවකු වන ශෂී කපූර් මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි. 04 December 2017
අත්අඩංගුවට ගැනීම් ගැන සොයන්න ජගත් සංවිධානයෙන් තිදෙනක් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පත් කර තිබෙන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ තිදෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් අද (4) මෙරටට පැමිණියහ. 04 December 2017
ජනපතිට අගමැතිට උසාවි එන්නැයි යළිත් නොතීසි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට අයවැය විවාදය හේතූවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද (4) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වු කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ලබන වසරේ පෙබරවාරී 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නඩුවේ සාක්කිකරුවන්ට යළිත් වරක් සිතාසි නිකුත් කළේය. 04 December 2017
මීගමු රෝහලේ කාන්තා නේවාසිකාගාරයේ කැමරා කඩලා මීගමුව මහ රෝහලේ කාන්තා හෙද නේවාසිකාගාරයේ සවිකර තිබු සිසිටිවි කැමරා පද්ධතියේ ප්‍රධාන කැමරාව කිසියම් පුද්ගලයකු කඩා ඇති බව එම රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක වෛද්‍ය සුගත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 04 December 2017
නවීන් විපක්ෂයේ අසුන්ගනී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය. 04 December 2017
‘බියර් සහනය නුසුදුසුයි‘ - ජනපති අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ බියර් සම්බන්ධයෙන් සහන දීම සුදුසු වන්නේ නැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(4) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 04 December 2017
සයිටම් වෙනුවට විකල්ප ආයතනයක් පිහිටුවන්න රජය සැරසෙනවා - වෛද්‍ය හරිත අලුත්ගේ සයිටම් ආයතනය වෙනුවට වෙනත් විකල්ප ආයතනයක් ස්ථාපිත කිරීමේ උත්සාහයක රජය නිරත වන බවත් සියලූ බලවේග සමග එක්වෙමින් සයිටම්වලට වැඩි ප්‍රතිරෝධයක් එම නව ආයතනය සඳහා යොදවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද(4) පැවසීය. 04 December 2017
කොස්තාපල්ට පහර දුන් 4ක් අත්අඩංගුවට මහනුවර පොලිස් හදිසි ඇමතුම් අංශයේ පොලිස් කොස්තාපල්වරයාට පහර දුන් බව කියන සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි. 04 December 2017
අ‘පුර හෙද විදුහලේ විදුහල්පතිනියගෙන් අමුතු පාලනයක් අනුරාධපුර හෙද විදුහලේ විදුහල්පතිනිය විවිධ බලපෑම් කරමින් සිටීම නිසා තමන් දැඩි පීඩනයකට මෙන්ම අපහසුතාවයට පත්ව සිටින බව එම එහි හෙද සිසුවියෝ පවසති. 04 December 2017
අඹගමුව කෑලි කළාට එරෙහිව පෙත්සමක් අඹගමුව ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශ තුනක් වශයෙන් කඩා වෙන් කිරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බව කන්ද උඩරට ප්‍රාදේශීය ජනතා ව්‍යපාරයේ සභාපති හෙළප්රිය නන්දරාජ මහතා පවසයි. 04 December 2017
කේ.පීට එරෙහි පෙත්සම විසිවෙයි කොටි සංවිධානයේ ප්‍රධාන අවි ආයුධ සැපයුම්කරු සහ ජාත්‍යන්තර අංශයේ නායකයා වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. වහාම අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරීමට නියම කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය අද(4) නිශ්ප්‍රභ කළේය. 04 December 2017
ඌව සබේ අයවැය සම්මත වෙයි 2018 වසර සඳහා වන ඌව පළාත් සභාවේ අයවැය වැඩි ඡන්ද 16කින් අද(4) සම්මත විය. 04 December 2017
ආගමික ස්ථානවල මැතිවරණ ප්රචාරක කටයුතු තහනම් මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතු කිසිදු ආගමික සිද්ධස්ථානයක දී සිදුකිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 04 December 2017
පුංචි ඡන්දයේ වියදම කෝටි 400ක් පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි 350ක් පමණ වැය වෙතැයි කලින් ගණන් බලා තිබුණද එම වියදම රුපියල් කෝටි 400ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 04 December 2017
විදේශීකයන් මිලට ගන්නා භාණ්ඩවලට ආපසු වැට්බදු ගෙවීමේ ක්‍රමයක් සංචාරකයන් මෙරට දී මිලදී ගන්නා භාණ්ඩ වලට අය කෙරෙන බදු ගුවන් තොටුපළේ දී නැවත ගෙවීමට වැඩපිළිවෙලක් සකසා ඇතැයි සංචාරක හා ක්රීස්තියානි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. 04 December 2017
කොන්සියුලර් ගාස්තු ජනවාරියේ සිට ඉහළට විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය මඟින් විවිධ ලේඛන සහතික කිරීම සඳහා අයකරනු ලබන ගාස්තු ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. 04 December 2017
සෙත්සිරිපායෙන් වැටී අයෙක් මරුට බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වැනි මහලෙන් වැටී පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 04 December 2017
මුහුදු නොයන්නැයි අනතුරු අඟවයි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතයේ බලපෑමෙන් උතුරු, නැගෙනහිර හා දකුණු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (5) සිට මෙම මස 8 වැනිදා දක්වා එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි 04 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026