(කුරුණෑගල විශේෂ - අතුල පී. බණ්ඩාරනායක)
ඉපදී සුළු වේලාවක් ඇතුළත බිලිඳකු රෙදි කෑල්ලක ඔතා කුරුණෑගල වැවේ ජල පොම්පාගාරයට ආසන්න වැව් බැම්මේ දමා ගොස් තිබියදී ඊයේ (16) අලුයම තුනට පමණ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට හමුවී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළදරු ඒකකයට ඇතුළත් කළ බව කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.සී.පී. හේරත් මහතා පැවැසීය.
බල්ලකු බුරන තැන බිලිදෙකු හඬන ශබ්දය ඇසී සොයා බැලීමේදී රෙදි කෑල්ලක ඔතා වැව් බැම්මේ දමා සිටි මෙම බිලිඳා සොයාගත් බවත් බිලිඳා දමා සිටි තැන බල්ලන් හා කබරයන් ගැවසෙන ස්ථානයක් බවත් පොලිසිය කියයි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළදරු ඒකකයට ඇතුළත් කළ බිලිදාගේ බර කිලෝ ග්‍රෑම් තුනහමාරක් බවත් පිරිමි දරුවකු බවත් නිරෝගී සුවයෙන් පසුවන අතර අවශ්‍ය පෝෂණය හා වෛද්‍ය ප්‍රතිකාර රෝහල්කාර්ය මණ්ඩලය නිරතුරුවම ලබාදෙන බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවැසීය.
මව කවුරුන්ද යන්න ගැන සොයා බලා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක මහත්වරුන්ගේ උපදෙස් පිට කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.සී.පී. හේරත් මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක කුමුදුනී ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම නින්දිත ක්‍රියාවක්. මේකට වග කිව යුත්තේ මේ ළමයා බිහිකළ මව සහ ළමයාගේ පියා පමණක් නොව මුළු මහත් සමාජයයි.
මේ දරුවාගේ සුවදුක් කෙසේද. දෙමාපියන් කරපු වැරදී නිසා ඇයි මේ වගේ පුංචි මල් කැකුලු මේවගේ කරන්නේ. එම මව සොයා දඬුවම් නොකර එයාට පහදා දී නැවත දරුවා බාරදෙන ලෙස මෙයින් ඉල්ලා සිටිමි
දරුවා බේරා ගත් පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රණාමය!