(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් අද (16) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිය යුතු බවට යෝජනාවත් කැබිනට් මණ්ඩලය ඉදිරිපත්ව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රවර්ධනය කළයුතු බවට වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් යෝජනා කර ඇති අතර අගමැතිවරයාත් මලික් සමරවික්‍රම ඇමැතිවරයාත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉන්දියාවට බදුදීමට සාකච්ඡා කර ඇතැයි පවසා ඇත.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා හම්බන්තොට වරාය චීනයට දී තිබියදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දුනහොත් හදිසියකට නැවක් ගෙන්වා ගැනීමටවත් වරායක් නැති බව පවසා ඇතැයි වාර්තා වේ.
එබැවින් තමා මේ වරාය බදුදීමේ යෝජනාවට අකමැති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තාවේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යෑම වැදගත් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මේ තත්ත්වය මත කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ යෝජනාවෙන් කැබිනට් මණ්ඩලයේ මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ඩොලර් ලැබෙන ක්‍රම වලින් ඉහළ ස්ථානයක් වරායට හිමියි. හම්බන්තොටින් හම්බුවෙච්ච ඩොලර් දැන් නැවතිලා. කොළඹ පරියන්ත කීපයකින් ඩොලර් ලැබෙනවා ඒවා අරගත්ත විදේශ සමාගම් වලට. රටට එන ඩොලර් ටික නැතිකරලා ගිණුම් පුරවගත්තම කොහොමද හලෝ රුපියල අව ප්‍රමානය වීම වලක්වාගන්නේ?
ජනපතිතුමනි ඔබට අපේ ආචාරය.
වික්‍රමවික්‍රම සහ වික්‍රමසිංහ දෙන්න එකතු වෙලා යනකොට මොනවත් ඉතුරු කරලා යන එකක් නැහැ වගේ...
මාර සංදර්ශනේ මෙයා. බලන්න දැන් මේ සූර සරදියෙල් වගේ වැඩ දැකලා අපි පරණ බැනපුව සේරම අමතක කරලා හුරේ දාලා ඡන්දෙ දෙනවා. අපේ ජාති හිතෛෂී දේශමාමක වීර යුග පුරුෂයාට...
මලික්ට කියන්න එයාගේ නෝනාවත් බදුදෙන්න කියලා
මෙහෙම කරලා අන්තිමේ කියයි රටේ පාලනයත් වෙන රටකට දෙමු කියලා. මෙහෙම කලොත් අනාගත පරපුරට යන කල කුමක්වේද.
ලංකාවම එකපාර විකුණමුකෝ. ඔහොම කෑලි කෑලි විකුණන එක ඔබතුමාලටත් කරදරයක්.
අගමැතිතුමා මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ලොකුලොකු දාර්ශනික අදහස් කියුවට, තිරය පිටුපස කරන්නේ ඔක්කොම මේ වගේ මෝඩ වැඩ...
අපිට පාරේ බැහැලා යන්නවත් නැති කරයි වගේ.
එක්සත් ජාතික පක්ෂය කිසිම ජාතික හැගීමක් නැති පක්ෂය බවට පත් වී හමාරයි
කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දෙනවා කියන්නේ මොකද්ද? වරායේ පාලනයද, නැත්නම් වාරයේ අයිතියද එහෙමත් නැත්නම් මොකද්ද? කොච්චර කාලයකටද?
දෙන්න දෙන්න ඔක්කම දෙන්න. බදු වලට එපා සින්නක්කරයටම දෙන්න. මේ රට ඉන්දියාවේ, චීනයේ කොලනි බවට පත්වෙන එක වැඩි ඇතක නෙමේ. මේ අයට මොකද මේ රට විකුණලා පිට රට දේපල මිලට ගන්න නිසා.
අපට රටක් උවමනාය. කිසිවෙකුගේ අණකට යටත් නොවී ජීවත් විය යුතුයි. කරුණාකර අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් කටයුතු කරන්න.
කවද්ද පාර්ලිමේන්තුව බදු දෙන්නේ අපි එදා වෙනකල් බලන් ඉන්නේ.
ලංකාව ඉදිරි දින කීපයේ ධනාත්මක බලාපොරොත්තු නොවූ පරිවර්තනයක්. 1. දුමින්ද සිල්වාගේ මහා අධිකරණය දුන් තීන්දුව සුපිරි අධිකරණය විසින් සනාථ කිරීම 2. තෙබුවන පොලිස් සැරයන් නැවත සේවයේ පිහිටුවීම සහ රු. 1 මිලියනයක් ජනපති දීම 3. පාර්ලිමේන්තුව රටේ ආහාර වැඩිම නාස්ති කරන තැන බව ජනපති කීම 4. ගම්පහ බණ්ඩාරනායක සිසුවට රොකට් යැවීමට රු. 10 මිලියනයක් දීම -ජනපති 5.කොළඹ වරාය ඉන්දියාවට දීම නැවතීම- ජනපති 6. අපනයන අඩු කිරීමට උත්සාහය -ජනපති
මීට වැඩිය හොදයි ලංකාව හරි මැදින් දෙකට බෙදලා පාලනය කරන්න චිනේටයි ඉන්දියාවටයි දුන්නනම්.
ඇති ..ඔහොමවත් දෙයක් කියන්න කොන්ද පන තිබුණ. මෙතුමාට තිබෙන ප්‍රශ්නය හරිම සංකීර්ණ එකක්. මෙතුමා පත්වුණේ ඒජාප ඡන්ද බහුතරයකින්. නමුත් නියෝජනය කරන්නේ ශ්‍රීලනිපය .ආණ්ඩුවේ බහුතරයක් ඒජාපයේ. ඒ අය එයාලාට ඕන ඕන විදිහට බිස්නස් කරගන්නවා. මෙයාට ඒවාට විරුද්ධවෙලත් බැහැ විරුද්ධ නොවීත් බැහැ. හරියටම අපේ දිව වගේ දත් ඇඳි දෙකටම මැදිවෙලයි සිටින්නේ. මුලදීම කිවලෙස මෙතුමා " නිර්පාක්ෂික " ජනාධිපති ලෙස හිටියනම්..මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ.
කොහොමද තමන් සතු බලතල සියල්ලම දුන්නාම වෙන දේ?
අපේ අනාගත පරපුරට කුමක් වේවිද? කෘෂිකර්මාන්තයෙන් දියුණුවට පත් අපේ ජාතියේ අවාසනාවට පහළ වු ජන නායකයින්ට කවදා මේ මොළගෙඩි ටිකට පන ඒවිද? අපරාදේ රටට ජන නායකයෙක් පේන තෙක් මානෙක නැති එක ගැන දුකයි . ඔක්කොම ඉන්නේ විකුණාගෙන කන ප්‍රතිපත්තයේ සහ හොරකම් කරමින් තමන් හදෙන ප්‍රතිපතතියේ .ආකල්ප අතින් අන්තිමයි . එහි ආනිසංසය ලැබෙන්නේ ඒ කරන අයවලුන්ටම කියලා තේරැම් ගත යුතුයි . එයට හොදම උදාහරණයන් පැරණි වලව් පෙළපත් අරගන්න එකින් එක විනාශ වෙලා. මේ අයටත් ඒකම තමා වෙන්නේ ස්භාවධර්මයේ දඩුවම් ලැබෙන බව සලකන්න.
අපේ අනාගත පරපුරට කුමක් වේවිද? කෘෂිකර්මාන්තයෙන් දියුණුවට පත් අපේ ජාතියේ අවාසනාවට පහළ වූ ජන නායකයින්ට කවදා මේ මොළගෙඩි ටිකට පණ ඒවිද? අපරාදේ රටට ජන නායකයෙක් පේනතෙක් මානෙක නැති එක ගැන දුකයි. ඔක්කොම ඉන්නේ විකුණාගෙන කන ප්‍රතිපත්තිය සහ හොරකම් කරමින් තමන් හැදෙන ප්‍රතිපත්ති සේ... ආකල්ප අතින් අන්තිමයි. එහි ආනිසංසය ලැබෙන්නේ ඒ කරන අයවලුන්ටම කියලා තේරුම් ගත යුතුයි. එයට හොඳම උදාහරණයන් පැරණි වලව් පෙළපත් අරගන්න එකින් එක විනාශ වෙලා. මේ අයටත් ඒකම තමා වෙන්නේ... ස්වභාවධර්මයේ දඬුවම් ලැබෙන බව සලකන්න.