(පුෂ්පකුමාර ජයරත්න)
සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට පවරා ඇති නඩුව අද (17) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ සාක්කි නොකැඳවාම මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද නියෝග කළාය.
මීට පෙර නඩු වාරයේදී පැමිණිල්ලේ සාක්කි විභාගයට ගෙන අවසන් කෙරෙුණු එම සාක්කි ඔප්පු කිරීමට නොහැකි බව තහවුරු වීමෙන් පසුව අද (17) යළි නඩුව කැඳවු අවස්ථාවේදී, පැමිණිල්ලේ සාක්කි පරස්පර විරෝධි බැවින් එහි විශ්වසනීයත්වයක් නැතැයි පවසා නඩුව අවසන් කරන ලෙස ඉල්ලමින් විත්තියේ නීතීඥයන් කළ ඉල්ලීමකට අනුව කරුණු සළකා බැලු මහාධිකරණ විනිසුරුවරිය විත්තියේ සාක්කි නොකැඳවාම නඩුව අවසන් කිරීමට නියෝගය නිකුත් කළාය.
ඒ අනුව ජොන්සටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් , සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා මෙසේ නිදහස් කෙරිණි.
වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් අවභාවිත කළැයි මොවුන්ට චොදනා එල්ලවී තිබු අතර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමටද මීට පෙර නඩු විභායේදී අධිකරණයෙන් නියෝග කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර රටක්නේ ..............
කොහෙන් හිනා වෙන්නද මන්දා මෙව්වට?
ජයවේවා නිවැරදි උතුමන්ට කොපමණ නඩු දැම්මත් නපුරක් කරන්න බැහැ, කුරුණෑගල ජනතාව ඔබතුමාව දන්නවා , ඔබ නිවැරදියි, ඔබට ජයෙන් ජය
දැන් ජොන්සන්ට පුලුවන්නෙ අපහාසෙට නඩු දාල ලොකු වන්දියක් ගන්න. ඔහු හොරෙකුත් නෙවෙයි කිසිම නීති විරෝධි වැඩකට සම්බන්දත් නැතිනම්? කොහොම හරි සල්ලි වියදම් කරල ලබන පාරවත් පාර්ලිමේන්තුවට යන්න බලන්න ඕන මොකද ඕනෙම වැඩක් කරල ගැලවෙන්න පුලුවන් නිසා?
දුමින්ද සිල්වාටත් මේ නීතිඥයෝ කතා කරානම් ගොඩ යන්න තිබ්බා
හයියෝ සල්ලි
අයියෝ රටකට ගිය කලක් නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි පාලකයො අධිකරණ. මේ වහල්ලු ඉන්නකම් හොරුන්ට මේ කපේදි දඩුවම් දීම සුම්මා.
අපිට යහ පාලන රජයෙන් අහන්න්න තියෙන්නේ " ඔබට සතුටුද දැන් ? කියල
බය වුනාවත්ද ?
ගණන් ගන්න එපා. තව අලුත් නඩුවක් හරිගස්සලා දේවි ඉක්මනටම.
එතකොට කවුද මෙය කර තිබෙන්නේ?
ටිකිරි, "හයියෝ අපේ සල්ලි" කියලා නිවැරදි කරන්න.
මම එදත් කියනදේ අදත් කියනවා අපි උසාවී තීන්දුවට ගරු කරනවා. නමුත් නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉන්නේ වැඩි හරියක් පෙර රාජ කාලේ පත්කර ගත්ත කට්ටිය. ඔවුන් වැඩ කරන්නේ වැද්දගේ නයායට ගොරකා දඩමස් කරන්නත් පුලුවන් දඩමස් ගොරකා කරන්නත් පුලුවන්.
සත්‍ය ජයගන්නවා. කුරුණෑගල ජනතාව ඔබ සමගයි
මට පෙනෙන්නේ පැමිණිල්ල පසු බැහැලා ගිහින් තිබෙන බවක්.
හොර පෙරකදෝරුවෙකුත් ඉන්නේ ගිහිල්ලා, එයා කතා කරන්න ඇති නඩුවට මගෙ හිතේ..
හරි පුදුම හිතෙන නඩු තීන්දුවක්. මොනවා වුනත් මගේ හිතේ නිතරම වදදෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි " අධිකරණයට අපහාස කිරීම" යනු ඇත්තටම කුමක්ද කියා. යම් කිසි නඩු තීන්දුවක් අපිට වාසි විදිහට ලැබුනොත් අපි කියනවා " හොඳ නඩු තීන්දුවක් " කියලා. ඒ නඩුවේම අපේ ප්‍රතිපක්ෂිකයින් හට කියන්න පුළුවනි " හරිම අසාධාරණ නඩු තීන්දුවක්" කියලා. එහෙම කියලා ඒ නඩු තීන්දුව ගැන විවේචනය කලොත් " උසාවියට අපහාසකලා" කියලා චෝදනා කරනවා.
විජිත මහතාගේ අදහස ඉතාමත් වටී.. කැමති හෝ අකමැති හෝ ඔබට අධිකරණයට යටත් විය යුතුය. කවුරුන් හෝ කියූ පලියට දඩුවම් දීමට අධිකරණයකට හැකියාවක් නැත. එසේ නම් අධිකරණයක් අවශ්‍යද නැත. චෝදනාවක් ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත්තම් ඔහු වරදකරුවෙක් නොවේ. ඔබ අකමැති වූ පමණින් හෝ සමාජය කියූ පමණින් නොව
යහපාලනය පාවාදීම සහ පොහොට්ටුව සමග සභාග ආණ්ඩුවක් හැදීමේ මුල් පියවර...
එතකොට එතනෝල් රටටම බෙදුවේ අපිද ? ආණ්ඩුත් එකයි අධිකරණත් එකයි කාට කියන්නද මේවා ....
විජිත් නීති ප්‍රශ්න ගැන අපිට හිතන්න අමාරුයි. ඒ පහල උසාවියක තර්ක විතර්ක මැද ලැබුන තීන්දුවක් ඉහල උසාවියේදී නිෂ්ප්‍රභාග වෙන නිසා.
එතකොට FCID එක මෙහෙම නඩු දමන්නේ රටේ අධිකරණය හොඳයි කියලා පෙන්වන්නද ?