(රංජන් කස්තුරි)
රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් 485 දෙනකු විදේශ ශිෂ්‍යත්ව සඳහා ලබා ගත් රුපියල් කෝටි 81 කට අධික ණය මුදලක් වසර ගණනාවක් තිස්සේ නොගෙවා පැහැර හැර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ප්‍රකාශ කරයි.
රටේ ජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනය හදාරා පසුව නොමිලයේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද නිම කර ගත් එම ආචාර්ය මහාචාර්යවරුන්ට උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව වෙනුවෙන් ණය නිකුත් කර ඇතත් ඔවුන් ඒවා නොගෙවා පැහැර හැර අැති බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
ලබාගත් ණය මුදල් නොගෙවූ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට අමතරව අනධ්‍යන සේවකයින් පිරිසක් ද සිටින බව මහාචාර්යවරයා කීහ.
මෙම උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරුන්ට වසර ගණනාවක් තිස්සේ විවිධ මට්ටමින් දැනුම් දීම් කළද ඔවුන් තවදුරටත් බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය කරමින් ණය ගෙවීම් පැහැර හරිමින් සිටින බවද සභාපතිවරයා කීය.
සියලුම විශ්වවිද්‍යාලවලින් ඉකුත් 2017 වසරේ දෙසැම්බර් 31 වැනි දිනට අදාළ වන සේ දත්ත රැස් කර මෙම ගණනය කිරීම් සිදු කර තිබෙන බවද ඉන්පසුවද ගෙවීම් පැහැර හැර සිටින පිරිසක් සිටිය හැකි බවද ඔහු සඳහන් කළේය.
එම නිසා ණය මුදල් ලබාගෙන පැහැර හැර සිටිනුයේ දැනට විදේශ රටවල් හෝ වෙනත් ආයතනවල ඉහළම තනතුරු දරන උගතුන් බවද ඔවුන්ගේ නම් සහ ගත් ණය මුදල් හා වෙනත් විස්තර පුවත්පත් දැන්වීම් හරහා ප්‍රසිද්ධ කිරීමට තීරණය කළ බවද මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසීය.
‘මහජන මුදලින් උගතකු වී වෙනත් රටවල හෝ ආයතනවල උසස් නිල තල හොබමින් වැජඹෙන බව අපි දනිමු. අනාගත පරම්පරාවට අධ්‍යාපනය ලබා දීම සඳහා ඔබ ජනතාවගෙන් ලබා ගත් ණය මුදල මෙම මොහොතේ අපට අවශ්‍යව ඇත. උපන් බිමේ සහ මව්බිමේ ජනතාවට ඔබ ද්‍රෝහියෙක් නොවනු ඇතැයි අපි විශ්වාස කරමු’. යනුවෙන් එම දැන්වීම් පළ කරන බවද මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ අයට නඩු පැවරි යුතුයි...............
හත්පොලේ ගාගන්නේ නැතිව ඔව්න්ට විශ්ව විද්‍යාලයට දී තිබෙන ලිපිනයට ලිපි යවන්න අදාල දිනයට ගෙවන්න කියලා. එහෙම නොකෙරුවත් නඩු දානවා කියන්න. සමාජයේ තත්වේ තියන් ඉන්න ඕනේ නිසා නිකන්ම මුදල් ටික හම්බවෙයි. මේවා පුවත්පත් වල පල කරන්නත් යන්නේ මහජනතාවගේ මුදල් තමා.
මේ දෙන අඩු පඩියෙන් කොහොමද ණය ගෙවන්නේ බඩ වියත රැකගන්නෙත් බොහොම අමාරුවෙන්
නීතිය ක්‍රියාත්මක කරන්න
කමක් නැහැ. මේ මුදල් ලබාගන්න ඕන
මහජනතාවගේ මුදල්, නීතිය ක්‍රියාත්මක කරන්න...
මේ කට්ටියගේ නම් ලිස්ට් එක පල කරන්න.
කනගාටුවට කාරණය නම් මෙම ණය මුදල් අයකර ගැනීමේ ක්‍රමවේදය මෙම දැන්වීමට අදාළ බලධාරීන් නොදැන සිටීමයි. විශ්වවිද්‍යාලයට සතයකුදු ණය නොමැති, විදිමත් ලෙස සේවයෙන් ඉල්ලා අස්වූ සහ මා ඉපයූ අරමුදල් වලින් විශ්වවිද්‍යාලයට අයවිය යුතු සියලු මුදල් ගෙවූ මගේ නම ද මෙහි ඇතුලත් ව ඇත. එමෙන්ම මා විශ්වවිද්‍යාලයේ සේවය කල අවරුදු දහයමාර තුල කිසිදු ශිෂ්‍යත්වයක් ලබාගෙන නොමැත. එනමුදු මගේ නම ශිෂ්‍යත්වලාභියෙක් ලාභියෙකු ලෙස සඳහන්ය. පරිවාස කථිකාචාර්ය වරයෙකුට හිමිවන, මා ලබාගත් වැටුප් සහිත දෙවසරක අධ්‍යනය නිවාඩු සඳහා අයවිය යුතු මුදල, (වසර දෙකකට අදාල වැටුප), ගිවිසුම් ගත වසර හතරින් වසර තුනහමාරක සේවයෙන් පසු ඉතිරි මුදල සතයකුදු නොඅඩුව ගෙවා ඇත්තෙමි. කෙනෙකු ඔහුට අදාළ මුදල ගෙවා නොමැතිනම් පළමුව කලයුත්තේ අදාල පුද්ගලයාට එය ලිඛිතව දැනුම්දීමයි. අදාළ පුද්ගලයා එය පහර හැර ඇති නම් දෙවනුව ඇපකරුවන් වෙත එය දැනුම්දී ඔවුන්ගෙන් එම මුදල අයකර ගත යුතුය.