(රංජන් කස්තුරි)
අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් නිකුත් කර තිබේ.
ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තවදුරටත් පහළයාම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
අනයනකරුවන් අත්පිට මුදලට විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කරන අතර එහිදී භාණ්ඩ ඇණවුම් කිරීමේදී ඒවායේ වටිනාකම ඩොලර් මගින් ගෙවීම සිදුකරන බවද එලෙස මුදල් ගෙව්වද එම භාණ්ඩ මෙරටට ලැබෙන විට මාස කිහිපයක් ගතවන බවද ඔහු කීය.
රුපියල අවප්‍රමාණය වීමේ වර්තමාන ගැටලුසහගත තත්ත්වය හමුවේ ඉදිරි මාස ගණනකින් පසුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත භාණ්ඩ තොග වෙනුවෙන් වර්තමානයේදී ඩොලර් විශාල ප්‍රමාණයක් රටින් පිටකිරීම සිදු නොවිය යුතු නිසා මෙම පියවර ගත් බවද ඔහු කීය.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අත්පිට මුදලට ඇනවුම් කිරීමට ඇතැම් ආනයනකරුවන් පෙළෙඹෙන්නේද ඩොලරයේ වටිනාකම තවත් ඉහළ යෑමට පෙර වර්තමානයේ පවතින මිලට ඒවායේ ඇණවුම් ලබා වැඩි ලාභයක් ගැනීමට බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේ නමුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය නම් ආනයනකරුවන්ට ඒ සඳහා ණයවර ලිපි විවෘතකර එමගින් එම භාණ්ඩ ආනයන කිරීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.
ඇතුළු තවත් භාණ්ඩ රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලෙස නම්කර තිබේ.
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න ඩොලර් නිකුත් කිරීම නවත්වයි
kalpa Tuesday, 16 October 2018 04:14 AM
අපේ රටේ වැවෙන අල /ලූණු /මිරිස්/මුංඇට/කව්පි හා එලවලු..වැනිදේ පාරිභෝගික ද්‍රව්‍ය වුවත් ගෙන්වීම කිසියම් කාලයක් ලබාදීමෙන් පසුව සම්පූර්ණයෙන්ම නතරකල යුතුයි. එවිට රැකියා ප්‍රශ්නයත් තරමකින් හෝ අඩුවෙනවා.එසේ නොකර තාවකාලිකව පමණක් මෙම කාර්යය කරන්නේනම් ප්‍රයෝජනයක් නැහැ.
tire Tuesday, 16 October 2018 04:15 AM
ටයර් කොහොමද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙන්නේ. එතකොට ගෙවිච්ච ටයර් දාගෙන ගිහිල්ලා ඇක්සිඩන්ට් උනාම මිනිස් ජීවිත නැතිවෙන ඒවාට මහා බැංකුව වග කියනවද? එහෙම නම් කමක් නෑ.
VH Tuesday, 16 October 2018 04:16 AM
වාහන ටයර කොහොමද මේ ගොඩට එන්නෙ? ටයරයක් නැතිව වාහනයක්ට යන්න පුලුවන්ද?
දිමුත් Tuesday, 16 October 2018 04:41 AM
මේ මහ බැංකුව ඉන්නේ 19 වෙනි සියවසේද? ජංගම දුරකථන අද සාමාන්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා ඉවරයි.
ලුම්බිණි Tuesday, 16 October 2018 04:48 AM
තාවකාලිකව ද්විත්ව විනිමය අනුපාත ක්‍රමයක් ඇති කිරීම මීට වඩා හොඳ නැද්ද? මේ කරපු දෙය මගින් ඩොලර් සඳහා කළුකඩ තත්වයක් ඇති විය හැකි නේද?
jeewantha chandimal Tuesday, 16 October 2018 04:49 AM
උන්ධියල් ක්‍රමයට විදේශ මුදල් මාරුකිරීම වහාම අත්හිටවිය යුතුය. ඔවුන්ට ඇති තරම් ඩොලර් ඇත. විදේශයන්වලින් ද ඩොලර් මාරුකරන ස්ථාන ඇත. ඔවුන්ද කරනුයේ බැංකු මිලට වැඩි මිලකට ඩොලර් ගෙන ඔවුන්ගේ ලංකා නියෝජිතයන් හරහා පාරිභෝගිකයාගේ ගිණුමට ලංකා රුපියල් තැන්පත් කිරීම මෙම ක්‍රමය තහනම් කරන්නේ නම් මෙය යම්තාක් දුරකට පාලනය කල හැකිවේවි.
chandanaTuesday, 16 October 2018 09:36 AM
අපේ මහා බැංකුවෙන් කොහොමද පිටරට කෙරෙන ගණුදෙනු තහනම් කරන්නේ?
HarrySL Tuesday, 16 October 2018 05:26 AM
කෝටි ගනන් වෙන පුටු, බදු නැති වාහන, සුවඳ හමන උපකරණ මේව අත්‍යාවශ්‍යම භාණ්ඩ වෙන්න ඇති. ලැජ්ජාවක් ගෑවිලාවත් නැති අමු නාස්තිකාර පාලනයක්.
somapala Tuesday, 16 October 2018 05:27 AM
ජංගම දුරකථන වලට උපරිම මිල සීමාවක් පැනවිය යුතුයි.
ලසන්ත Tuesday, 16 October 2018 06:01 AM
ටික කාලයකට මේ රටේ හදන ටයර් දාලත් බලන්න දුවන්නේ නැද්ද කියලා
sisura Tuesday, 16 October 2018 06:10 AM
වරදවා වටහාගන්න එපා. ණයවර ලිපි මගින් බදු ගෙන්න තහනමක් නැහැ. කළුකඩ කාරයින්ට තමයි පාඩුව.
himal Tuesday, 16 October 2018 08:04 AM
මේ කියන්නේ විවෘත ගිණුම් ක්‍රමය ඒ කියන්නේ අත්පිට ගෙවලා ආනයනය කිරීම ගැන. ණයවර ලිපියක් මඟින් ආනයනය කරන්න තහනමක් නෑ.
lakmal Tuesday, 16 October 2018 08:05 AM
ගුවන්තොටුපල හරහා එන ඒවා?
dayan Tuesday, 16 October 2018 09:42 AM
ණයවර ලිපි වලින් තොරව ආනයන තහනම් කරන්න.
ranga Tuesday, 16 October 2018 10:34 AM
ඩොලරය පාලනය කල නොහැකි බව මහා බැංකුව පිළිගනී නේද ?
Buddika Tuesday, 16 October 2018 10:35 AM
ඔබ මේ රටේ ටයර් දාල දුවල තියනවද? මම ලොකු අමාරුවක වැටුණ ටයර් කුට්ටමක් දාල වැන් එකට... කම්බි මතුවුණා එකක අපරාදේ සල්ලි රට ටයර් ගන්නේ ඇඟකහනවට නෙමේ....
රයන් Tuesday, 16 October 2018 12:23 PM
මේක හැමෝටම බලපානවද? නැත්නම් ගෙදර පාවිච්චියටවත් ගේන්න බැරිද? හරි විස්තරයක් කොහෙන්ද ගන්න පුළුවන්.. මොකද මම දැනටමත් බඩු අරන් ඉවරයි ගෙදරට දාන්න..
සතයපාල Tuesday, 16 October 2018 01:27 PM
කවුරුවත් මහා බැංකුවේ නිවේදනය හරියට කියවලා නැතිව කමෙන්ට් දාන්නේ. ඒකෙ කිසිම තැනක කියලා නැහැ භාණ්ඩ ආනයනය සීමා කරන බවක්. එහි සදහන් කරන්නේ අත්පිට මුදලට එනම් භාන්ඩ ලංකාවට එවීමට සදහා නැව්ගත කීරිමටත් ප්‍රථම අදාල ආයාතනය සදහා මුදල් ගෙවීමට වානිජ බැංකු විසින් ඩොලර් නිකුත් කිරිම පමණක් නැවැත්වීමට මහා බැංකුව වානිජ බැංකු වලට උපදෙස දි තිබෙනවා. එමගින් භාන්ඩ මෙරටට ලගාවීමට මාස තුනකට පමණ පෙර මුදල් ගෙවීම නිසා ඒ කාළය තුල ඩොලරයේ වටිනාකම වැඩිවිමේ වාසිය ආනයනකරුවන් ලබා ගන්නා බවත් එම නිසා අනවශය ලෙස ඩොලර් රටින් පිටට ඇදි යාම නිසා තව දුරටත් ඩොරලය ශක්තිමත් වන බවයි මහා බැංකුව පවසන්නේ.
lalith Tuesday, 16 October 2018 01:51 PM
තව ටික දවසකින් හාල් පොලුත් එයිද? බලන්න දුර දක්නා නුවනින් ආර්ථිකය හසුරුවන හැටි.
lalith Tuesday, 16 October 2018 01:55 PM
අර බලන්න දුර දක්නා නුවණින් ආර්ථිකය හසුරුවන හැටි. ඔය නිසානේ අපි අර සමහර මාධ්‍යවේදීන් කියන විදියට ඇවිදින විශ්වකෝෂයක් අපේ නායකකමට පත්කර ගත්තේ... ළඟදීම හාල්පොල් හඳුන්වා දීලා රටේ කෘෂි කර්මාන්තයත් නහුතෙටම නග්ගනවා. ඒ ගැන මේ ලඟදි කොළඹ හෝටලේක සම්මන්ත්‍රණයකුත් තිබ්බා මතකයි නේද? බලන්නකෝ එලකිරි පාරවල් පුරා දොරේ ගලනකොට....