(රංජන් කස්තුරි)
අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් නිකුත් කර තිබේ.
ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තවදුරටත් පහළයාම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
අනයනකරුවන් අත්පිට මුදලට විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කරන අතර එහිදී භාණ්ඩ ඇණවුම් කිරීමේදී ඒවායේ වටිනාකම ඩොලර් මගින් ගෙවීම සිදුකරන බවද එලෙස මුදල් ගෙව්වද එම භාණ්ඩ මෙරටට ලැබෙන විට මාස කිහිපයක් ගතවන බවද ඔහු කීය.
රුපියල අවප්‍රමාණය වීමේ වර්තමාන ගැටලුසහගත තත්ත්වය හමුවේ ඉදිරි මාස ගණනකින් පසුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත භාණ්ඩ තොග වෙනුවෙන් වර්තමානයේදී ඩොලර් විශාල ප්‍රමාණයක් රටින් පිටකිරීම සිදු නොවිය යුතු නිසා මෙම පියවර ගත් බවද ඔහු කීය.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අත්පිට මුදලට ඇනවුම් කිරීමට ඇතැම් ආනයනකරුවන් පෙළෙඹෙන්නේද ඩොලරයේ වටිනාකම තවත් ඉහළ යෑමට පෙර වර්තමානයේ පවතින මිලට ඒවායේ ඇණවුම් ලබා වැඩි ලාභයක් ගැනීමට බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේ නමුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය නම් ආනයනකරුවන්ට ඒ සඳහා ණයවර ලිපි විවෘතකර එමගින් එම භාණ්ඩ ආනයන කිරීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.
- සුවඳ විලවුන්
- බේබි කොලෝන්
- රබර් නිෂ්පාදන
- වාහන ටයර්
- පාවහන්
- රබර් හා ප්ලාස්ටික්
- භාණ්ඩ වායු සමීකරණ යන්ත්‍ර
- ශීතකරණ
- අධි ශීතකරණ
- දුරකතන උපාංග
- ජංගම දුරකතන
- ගුවන්විදුලි උපකරණ
- කැමරා ආම්පන්න
- වීඩියෝ යන්ත්‍ර
- රෙදි සෝදන යන්ත්‍ර
- නානකාමර කට්ටල
ඇතුළු තවත් භාණ්ඩ රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලෙස නම්කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ වැවෙන අල /ලූණු /මිරිස්/මුංඇට/කව්පි හා එලවලු..වැනිදේ පාරිභෝගික ද්‍රව්‍ය වුවත් ගෙන්වීම කිසියම් කාලයක් ලබාදීමෙන් පසුව සම්පූර්ණයෙන්ම නතරකල යුතුයි. එවිට රැකියා ප්‍රශ්නයත් තරමකින් හෝ අඩුවෙනවා.එසේ නොකර තාවකාලිකව පමණක් මෙම කාර්යය කරන්නේනම් ප්‍රයෝජනයක් නැහැ.
ටයර් කොහොමද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙන්නේ. එතකොට ගෙවිච්ච ටයර් දාගෙන ගිහිල්ලා ඇක්සිඩන්ට් උනාම මිනිස් ජීවිත නැතිවෙන ඒවාට මහා බැංකුව වග කියනවද? එහෙම නම් කමක් නෑ.
වාහන ටයර කොහොමද මේ ගොඩට එන්නෙ? ටයරයක් නැතිව වාහනයක්ට යන්න පුලුවන්ද?
මේ මහ බැංකුව ඉන්නේ 19 වෙනි සියවසේද? ජංගම දුරකථන අද සාමාන්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා ඉවරයි.
තාවකාලිකව ද්විත්ව විනිමය අනුපාත ක්‍රමයක් ඇති කිරීම මීට වඩා හොඳ නැද්ද? මේ කරපු දෙය මගින් ඩොලර් සඳහා කළුකඩ තත්වයක් ඇති විය හැකි නේද?
උන්ධියල් ක්‍රමයට විදේශ මුදල් මාරුකිරීම වහාම අත්හිටවිය යුතුය. ඔවුන්ට ඇති තරම් ඩොලර් ඇත. විදේශයන්වලින් ද ඩොලර් මාරුකරන ස්ථාන ඇත. ඔවුන්ද කරනුයේ බැංකු මිලට වැඩි මිලකට ඩොලර් ගෙන ඔවුන්ගේ ලංකා නියෝජිතයන් හරහා පාරිභෝගිකයාගේ ගිණුමට ලංකා රුපියල් තැන්පත් කිරීම මෙම ක්‍රමය තහනම් කරන්නේ නම් මෙය යම්තාක් දුරකට පාලනය කල හැකිවේවි.
කෝටි ගනන් වෙන පුටු, බදු නැති වාහන, සුවඳ හමන උපකරණ මේව අත්‍යාවශ්‍යම භාණ්ඩ වෙන්න ඇති. ලැජ්ජාවක් ගෑවිලාවත් නැති අමු නාස්තිකාර පාලනයක්.
ජංගම දුරකථන වලට උපරිම මිල සීමාවක් පැනවිය යුතුයි.
ටික කාලයකට මේ රටේ හදන ටයර් දාලත් බලන්න දුවන්නේ නැද්ද කියලා
වරදවා වටහාගන්න එපා. ණයවර ලිපි මගින් බදු ගෙන්න තහනමක් නැහැ. කළුකඩ කාරයින්ට තමයි පාඩුව.
මේ කියන්නේ විවෘත ගිණුම් ක්‍රමය ඒ කියන්නේ අත්පිට ගෙවලා ආනයනය කිරීම ගැන. ණයවර ලිපියක් මඟින් ආනයනය කරන්න තහනමක් නෑ.
ගුවන්තොටුපල හරහා එන ඒවා?
ණයවර ලිපි වලින් තොරව ආනයන තහනම් කරන්න.
ඩොලරය පාලනය කල නොහැකි බව මහා බැංකුව පිළිගනී නේද ?
ඔබ මේ රටේ ටයර් දාල දුවල තියනවද? මම ලොකු අමාරුවක වැටුණ ටයර් කුට්ටමක් දාල වැන් එකට... කම්බි මතුවුණා එකක අපරාදේ සල්ලි රට ටයර් ගන්නේ ඇඟකහනවට නෙමේ....
මේක හැමෝටම බලපානවද? නැත්නම් ගෙදර පාවිච්චියටවත් ගේන්න බැරිද? හරි විස්තරයක් කොහෙන්ද ගන්න පුළුවන්.. මොකද මම දැනටමත් බඩු අරන් ඉවරයි ගෙදරට දාන්න..
කවුරුවත් මහා බැංකුවේ නිවේදනය හරියට කියවලා නැතිව කමෙන්ට් දාන්නේ. ඒකෙ කිසිම තැනක කියලා නැහැ භාණ්ඩ ආනයනය සීමා කරන බවක්. එහි සදහන් කරන්නේ අත්පිට මුදලට එනම් භාන්ඩ ලංකාවට එවීමට සදහා නැව්ගත කීරිමටත් ප්‍රථම අදාල ආයාතනය සදහා මුදල් ගෙවීමට වානිජ බැංකු විසින් ඩොලර් නිකුත් කිරිම පමණක් නැවැත්වීමට මහා බැංකුව වානිජ බැංකු වලට උපදෙස දි තිබෙනවා. එමගින් භාන්ඩ මෙරටට ලගාවීමට මාස තුනකට පමණ පෙර මුදල් ගෙවීම නිසා ඒ කාළය තුල ඩොලරයේ වටිනාකම වැඩිවිමේ වාසිය ආනයනකරුවන් ලබා ගන්නා බවත් එම නිසා අනවශය ලෙස ඩොලර් රටින් පිටට ඇදි යාම නිසා තව දුරටත් ඩොරලය ශක්තිමත් වන බවයි මහා බැංකුව පවසන්නේ.
තව ටික දවසකින් හාල් පොලුත් එයිද? බලන්න දුර දක්නා නුවනින් ආර්ථිකය හසුරුවන හැටි.
අර බලන්න දුර දක්නා නුවණින් ආර්ථිකය හසුරුවන හැටි. ඔය නිසානේ අපි අර සමහර මාධ්‍යවේදීන් කියන විදියට ඇවිදින විශ්වකෝෂයක් අපේ නායකකමට පත්කර ගත්තේ... ළඟදීම හාල්පොල් හඳුන්වා දීලා රටේ කෘෂි කර්මාන්තයත් නහුතෙටම නග්ගනවා. ඒ ගැන මේ ලඟදි කොළඹ හෝටලේක සම්මන්ත්‍රණයකුත් තිබ්බා මතකයි නේද? බලන්නකෝ එලකිරි පාරවල් පුරා දොරේ ගලනකොට....