(තරිඳු ජයවර්ධන)
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දරුවකුගේ අසනීප තත්ත්වයක් නිසා රහස් පොලිසියට පැමිණීමට අද නොහැකි බව ඔහු දැනුම්දුන් බව ද එම ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු විශාල පිරිසකගෙන් මෙම විමර්ශනයට අදාළව පරීක්ෂණ සටහන් කර ගෙන ඇතැයි පොලිසිය කියයි.
ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු විශාල පිරිසකගෙන් මෙම විමර්ශනයට අදාළව පරීක්ෂණ සටහන් කර ගෙන ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනාධිපතිවරයා මරා දමන්න කුමන්ත්‍රණය කර ඇති බවට 'සැක කරන', කට හඬ පරීක්ෂණයකින් තහවුරු වී ඇති සාක්ෂි සහිත සැක කරුවකු ට මෙහෙම නම්, අපිව මරන්න කවුරු හරි හිටියොත් ඉතින් ජයවර්ධන ජනාධිපතිතුමාගෙ උපදෙස අනුව තමන්ගෙ ආරක්ෂාව තමන්ටම බලාගන්න තමයි වෙන්නෙ...
රංග - කොහොමත් අපේ ආරක්ෂාව සලසාගන්න වෙන්නේ අපිටම තමා. කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ දේවල් කරන්න කොහෙද ඔවුන්ට කාල වෙලාවක්.
විටින් විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමන්තුවටත්, FCID එකටත් කැඳවන්නේත් කල්මරන්න තමා. මේ අවුරුදු තුනහමාරම වුනේ මේක තමයි.
ඕනෑම පුද්ගලයෙකුට, වැරැද්දක් කළා හෝ සැකයක් නිසා කට උත්තරයක් ගැනීමට රහස් පොලිසියේ, පොලිසියේ හෝ කැඳවීමකට උසාවියේ හෝ පෙනී සිටීමට නියම කර තිබුනත් කිසියම් හේතුවක් නිසා පැමිණීමට නොහැකි විය හැකියි. පුවතේ හැටියට මේ නොහැකි වීමත් ආරංචි මාර්ගයෙනි. හේතුවද දක්වා පැමිණීමට නොහැකි යයි දැනුම් දීමද ආරංචි මාර්ගයෙනි.
අපිට මෙහෙම කරන්න බැහැනේ, නොගියොත් වරෙන්තු තමයි.
මේ සිද්ධිවල මහා මොළකරුවන් ඉන්නේ කොහෙද කියල සාමාන්‍ය බුද්ධියක් තියන අයට පවා තේරුම් ගන්න පුළුවන්, ඉතින් මේවා නොකර බැරි කමට කරන පරීක්ෂණ, අවසානයට ඔය පරීක්ෂණ වලට වෙච්ච දෙයක් නැතිවෙයි. කාලය කෑම පමණක් සිද්ධ වෙයි. මේ ආසියානු කලාපයේ ඕනෙම රටක ඔය වගේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කල විට නීතිය ක්‍රියාත්මක වෙන ඉක්මන අපි දන්නවා, එත් ශ්‍රී ලංකාවේ ඒක ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් කරලා. ජනාධිපතිගේ අසාමාන්‍ය ඉවසීම නිසාම කාටවත් හදිසියක් නෑ වගේ. මේක මේ විදියට හෙළිදරව් වීමම ජනාධිපති තුමාගේ සහ රටේ වාසනාව.
දැන් යන විදියට නම් වැඩේ කරලා කට්ටි පනිනවා වගෙයි පෙනෙන්නේ
වඩා බලවත් අත්තක් අල්ලාගෙන වගෙයි.
මේ විදිහට එළි නොවූ තව මොන මොන ඝාතන කුමන්ත්‍රණ තියෙනවාද කියලා දෙයියෝ තමයි දන්නේ...............