( හසල කුමාරගම සහ අප්සරා යෝෂිත්)
මුහුණ පොත හරහා සංවිධානය කළ මත් කුඩු සාදයක් පැවැත්වූ රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක් වටලා ගැබිනි කතක් ඇතුළු තරුණ තරුණියෝ 35 දෙනෙක් රත්නපුර පොලිසිය විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගනු ලැබූහ. හෝටල් කළමනාකරුද අත්අඩංගුවට ගෙන ඇත.
රත්නපුර, මල්වල, දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක පෙරේදා (13) ආරම්භ කළ මෙම මත්කුඩු සාදය ඊයේ (14) පස්වරුව දක්වා පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 12 දෙනකු ද සිටි බව පොලිසිය පවසයි.
සැකකරුවන් ළඟ තිබී විස මත්පෙති, අයිස් නම් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සොයාගත් බවද රත්නපුර පොලිසිය කියයි.
මුහුණු පොත ඔස්සේ හඳුනා ගත් තරුණ තරුණියන් මෙම සාදයට එක්වී ඇති අතර ඊට සහභාගි වූ තරුණයකු ගමන් ගත් රථයක් එම ප්‍රදේශයේ වැසියකු පැදවූ රථයක ගැටීමෙන් පසුව කලහකාරී ලෙස හැසිරුණු එම තරුණයා හා ගම්වාසීන් අතර ගැටුමක් හටගෙන තිබේ.
එම අවස්ථාවේ මෙම තරුණයා කිසියම් මත්ද්‍රව්‍ය වර්ගයක් පානය කර ඇති බවට ප්‍රදේශවාසීන්ට අවබෝධ වීමත් සමග පොලිස් හදිසි ඇමැතුම් අංශයට දැනුම්දීමට ඔවුන් කටයුතු කර ඇත.
අනතුරුව එහිදී හෙළි වූ තොරතුරු අනුව රත්නපුර හා වේවැල්වත්ත පොලිසි එක්ව අදාළ හෝටලය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පිරිස අතර ගැබිනි කාන්තාවක්ද සිටින බව පොලිසිය පවසයි. මෙම හෝටලය සම්බන්ධයෙන් මීට පෙරද රත්නපුර පොලිස් බුද්ධි අංශයට තොරතුරු ලැබී තිබී ඇත.
සැකකරුවන් කළුතර, හැඳල, වත්තල වැනි ප්‍රදේශවලින් පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
මත්කුඩු හා ගංජා ළඟ තබාගැනීමේ චෝදනා මත තරුණයන් දෙදෙනකු රත්නපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිට අතර සෙසු සැකකරුවන් නැවත ගෙන්වා ගැනීමේ පදනම මත මුදාහරිනු ලැබූ බව රත්නපුර පොලිසිය කියයි.
සබරගමුව පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් රත්නපුර පොලිසියේ බුද්ධි අංශය මෙම වැටලීම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැබිනි කාන්තාවක් - මව් පදවියටම නින්දාවක්.
මෙච්චර පිටිසරබද පළාතක තත්වය මෙයනම් නගරය ගැන කුමන කතාද? රටේ වටේම පන්සල් තිබුනත් නිතරම මිනිස්සු යහමගට ගන්න බණ කිව්වත් අද සිංහලයන් සල්ලි හොයන්නෙ මේ වගේ ජරා වැඩ කරලා. හැමතැනම මත්පැන් මත්ද්‍රව්‍ය කාමර කුළියට?
මත්ද්‍රව්‍ය වලින් විනාස වෙනවා මල්ලි.. ලැබෙන දෙයක් නෑ අන්තිමට.
මත් කුඩු සාදයක්? කෝ මත් කුඩු තිබුනද?
තාඩන පීඩන නොසලකා හැරීම සුදුස්සන්ට තැන නොලැබීම වරප්‍රසාද ලත් තරුණ පිරිසකට පමණක් සියලුම සැප සම්පත් භුක්ති විඳීමට අනුවර්තනය වූ ශ්‍රී ලාංකික දේශපාලනය තරුණ අසහනයට මුල්වන අධ්‍යාපන ක්‍රමය සකල විදි සෘණාත්මක සමාජ ක්රමයක සියල්ල අමතක කොට මොහොතකට හෝ සන්තර්පණය වීම සාමාන්‍යයයි
දාන්නේ මොන වගේ අදහසක්ද කියලා හිතා ගන්න බැහැ. අබුද්දස්ස කාලේ. මුහුණ පොත නිසා හෙට රට භාර ගන්න මොලේ ඇති තරුණ පිරිසක් ලංකාවට අපි කොහොමද හොයා ගන්නේ.. like වැඩි කර ගන්න පිදුරංගල ගිහින් පින්තූර ගහලා තරුණ කොල්ලෝ ප්‍රශ්නයක් දාගත්තා.. මේ තරුණ සමාජෙට මොනවද වෙලා තියෙන්නේ.. පොතක් පතක් පරිශීලනයක් නැහැ.. දැන් ඉන්න තරුණ ළමයි දන්නවද අහන්න මෙක්සිම් ගෝර්කි කියන්නේ කාටද කියලා. මාරි කියූරි, ෆ්ලොරන්ස් නයිටින්ගේල් දන්නවද අහන්න.. තරුණ පරපුර විශාල විදිහට අපිට නැති වෙනවා.. මේක මහා විනාසයක් රටට.. අම්මේ තාත්තේ තමන්ගේ ළමයව කියවීමට හුරු කරන්න.. සාහිත්‍යට හුරු කරන්න.. සාහිත්‍ය රසයක් දන්නේ නැහැ.. විචාර බුද්ධියක් නැහැ.. ළමය දුවන්නේ face book පස්සේ නැත්තන් හින්දි ටෙලි නාට්‍ය. දානවනම් පිටු ගණන් අදහස් ලියන්න පුළුවන් රටේ වත්මන් තරුණ පරපුර ගැන. කලකිරෙනවා මේ තරුණ සමාජේ ගැන...
අපේ රටේ තරුණ තරුණියන් ෆේස්බුක් එක අද උපරිමට යොදා ගන්නේ මෙවැනි මත් සාද පැවැත්වීමට සහ ඔප දුප පැතිරවීමටයි. ඔය ෆේස්බුක් වසංගතය ලංකාවේ තහනම් කල යුතුයි.
පොලිසියට බැරිද මේ වේගෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්කුඩු පාවිච්චි කරන නයිට් ක්ලබ් , ඒවත් අල්ලන්න .. මොකද මේ මධ්‍යම පන්තියේ ළමයි ටිකක් පාටි දාපු එක ඇල්ලුවේ (මේක හරි කියනවා නෙමේ ) , එකම රටක අයි නීති දෙකක්
ෆේස් බුක් එක වෙනත් රටවල තරුණයන් යොදා ගන්නේ තම දියුණුව සඳහායි. අප රටේද සාධාරණ ලෙස ෆේස් බුක් හරහා ව්‍යාපාර පවත්වාගෙන යන අය සිටිනවා දැකීම සතුටට කරුණක්. එමෙන්ම වැරදි ආකාරයෙන් මිනිසුන් රවටා මුදල් ගරන හොරුන්ද මෙහි සිටිනා බැවින් අපගේ රහස් පොලීසිය මේ හොරුන් අල්ලා ගැනීමට දක්ෂවේයයි කියා අප සිතනවා. නුදුරු දිනයකදී මාතර ප්‍රදේශයේ අහිංසක තරුණයෙකු මෙවැනි උගුලකට හසුඋනා. ෆේස් බුක් එකේ පැරණිම සාමාජිකයෙකු වන ඔහු කොම්පියුටර් අංශයෙන් උසස් අධ්‍යාපනය ලද්දෙක්. තත්පර කිහිපයකින් ඔහුගේ රු.65000/- ක් සොරුන් ගිල්ලා. තවත් රු.170000/- ක් ගිලීමට හොරුන් සුදානම් උවත්, ඔහුට වැඩේ තේරුණ නිසා නුලෙන් බේරුනා. හොරුන් සිටින්නේ පොලීසියට ඉහලින් නිසා මෙවැනි වැඩ සිදුවෙනවා.