(සුජිත් හේවාජුලිගේ)
රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී හෙට (16) රාත්‍රී 7.00ට පැවැත්වේ.
මෙයට අමතරව ඉදිරි මැතිවරණ , පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ,ගම්පෙරළිය වැඩසටහනේදී පක්ෂයේ අයට මුහුණ දීමට සිදුවී ඇති ගැටළු ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ලංකාදීපයට පැවැසීය.
සභාග ආණ්ඩු යෝජනාවද මධ්‍යම කාරක සභා න්‍යාය පත්‍රයේ ඇත්දැයි අප කළ විමසුමකදී මහ ලේකම්වරයා පැවැසුවේ මෙතෙක් එවැනි කාරණයක් න්‍යය පත්‍රයට ඇතුළත් වී නැති බවයි.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සමාලෝචනය කිරීමක් මෙහිදී පුළුල්ව කෙරෙන බවද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නිදහස් පක්ෂයට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසියි වගේ දෙයක් යහාපාලන ආණ්ඩුව එක්ක එක ගමණක යෙදෙන්න තරම් දේශපාලන සද්භාවයක් හෝ අවංකකමක් මේ දේශපාලන පක්ෂ දෙකටම නැති අතර ඒකාබද්ධය සමග භාරකාර ආණ්ඩුවක් සෑදීමට තරම් දෙපාර්ශවය අතරත් විශ්වාසයක්, අවංකකමක් හෝ එඩිතරකමක් දෙපාර්ශවයටම නැත.

සිල්පර කොටන් දෙකක් අතර දුරකට රුපියල් කෝටි 2 ක් වියදම් වෙන දඹුල්ල සහ හබරණ අතර රුපියල් කෝටි 16116 ක් වැනි අතිශය ඉහළ මුදලක් වියදම් කරමින් ටෙන්ඩර් කැඳවන්නේ නැතිව ඉදිකරන්නට හදිස්සියක් තියෙන බවක් පෙනෙන රේල් පාර ගැනත් ඔය රැස්වීමේදී කතා කරනවද?