(නිමල කොඩිතුවක්කු)
අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍යය බොහෝ වේලාවක් පරිහරණය කිරීමෙන් මොළයට හානි සිදුවිය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අපේක්ෂා හේවාගීගන මහත්මිය සඳහන් කරයි.
අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍යයට ඇබ්බැහිවූ විට කායික, මානසික ගැටලූ ඇතිවීමේ අවදානම බොහෝ සෙයින් වැඩිවිය හැකි බවත් ඇය සඳහන් කළාය.
තරුණ පරපුර විශාල වශයෙන් අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති බව පෙන්වා දුන් වෛද්‍යවරිය පොතක් කියවීමෙන් කිසිවිටකත් මොළයට හානියක් සිදු නොවන බවත් පැවැසුවාය.
2005 වසරේදී අන්තර්ජාලය භාවිතය මෙන් තුන්ගුණයක් 2015 වසරේදී අන්තර්ජාලය භාවිතා කරන බවට සමීක්ෂණයක් මගින් හෙලිවී ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන හයක් අන්තර්ජාලය භාවිතා කරන බවත් ජංගම දුරකතන සබඳතා මිලියන 25ක් ඇති බවත් අණාවරන වී තිබේ.
මෙරට ජනගහනයෙන් මිලියන 4.5ක් ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතා කරන බවත් එම සමීක්ෂණය මගින් තහවුරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් අනුව දශකයේ සිට කොම්පියුටරය භාවිතා කරනවා. අපිට නම් ඔය මොන හෙනයක් වත් නැහැ.
වෛද්‍යතුමිය කියන කතාවේ යම් ඇත්තක් තිබෙනවා. නමුත් අන්තර්ජාලය භාවිතයෙන් දැනුම විශාල වශයෙන් ලබා ගත හැකියි. අද පොත්පත්වල දැනුමට වඩා අන්තර්ජාලයෙන් ලැබෙන දැනුම ගොඩක් වැඩියි. අනිත් අතට ෆේස්බුක් වලිනුත් විශාල දැනුමක් ලබා ගන්න පුලුවන්. යම් යම් ක්ෂේත්රවල ප්රවිණයන් සමඟ කෙළින්ම සංවාද කිරීමේ හැකියාව ෆේස්බුක් සමූහ ඔස්සේ ලැබෙනවා. එතුළින් විශාල දැනුමක් උකහා ගන්න පිළිවන්. එම නිසා ෆේස්බුක් කියූ පමණින් සෙල්ෆී අප්ලෝඩ් කිරීම හෝ ව්‍යවහාරික භාෂාවෙන් "මල් කැඩීමට" පමණක් භාවිතා කරනුයේ යැයි සිතීම වැරදියි. දරුවන්ට අදාළ තාක්ෂණික මෙවලම් නිසි පරිදි භාවිතා කිරීමට මඟපෙන්වනවා විනා පොත් කියවන්න කියා බල කිරීමෙන් ඵලක් නැහැ. අද මගේ කුඩා දියණිය මූලික විද්‍යාව උගෙන ගන්නේ යූ ටියුබ් භාවිතයන්. පරණ හණමිටි අදහස් ඉවත දැමිය යුතුයි.
මුළු ජනගහනය මිලියන 22 නේද , මිලියන 25 ක් ජංගම දුරකථන භාවිතා කරන්නේ කෙසේද ?