(චමිල් රුපසිංහ)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කටයුතු රැසක් සිදුකර ඇති නමුත් ඒ කිසිදු වාර්තාවක් තමන් අතට පත්ව නොමැති බවත් සිය ස්වාමිපුරුෂයා ඇතුරුදන් කරවීම පිළිබඳව යුද හමුදාව කරන ලද විමර්ශනවල වාර්තා සැඟවිය හැකි පිරිස් යුද හමුදාවේ සිටින බවත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (10) මහනුවරදී සඳහන් කළාය.
සිය සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව සොයා බලන ලෙස තමන් විසින් රජයට අවස්ථා ගණනාවකදී ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් විමර්ශන සිදුව ඇතැයි අද (10) මල්වතු මහා විහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඇය මෙසේ ප්‍රකාශ කළාය.
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙසේද පැවැසීය.
‘‘අද මම මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් දැනුවත් කිරීමට පැමිණියේ මා විසින් සිදුකරන ආගමික සත්‍යග්‍රහය පිළිබඳව දැනුම් දීමටයි.මගේ සැමියා පැහැරගෙන ගොස් අතුරුදහන් කළේ රාජපක්ෂ රෙජීමයයි. එහි කිසිදු සැකයක් නැහැ. නමුත් යුද හමුදාව කරන ලද විමර්ශනවල වාර්තා යුද හමුදාවේ බලය සහිත පිරිස් විසින් යට ගසන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසයි කිසිඳු විමර්ශන වාර්තාවක් පිට නොවන්නේ. ජනාධිපතිවරයා යුද හමුදාව ආරක්ෂා කරන තත්ත්වයක් යටතේ එවැනි වාර්තාවක් නිකුත්වීම සැක සහිතයි.
මට සිදුව ඇති අවණඩුව පිළිබඳව දැනුම්දීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළත් ඊට අවස්ථාවක් හිමිවුණේ නැහැ. මම ඉල්ලීම් රැසක් කර තිබෙනවා.
අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් තොරතුරු විමසීම් කළා. නමුත් එය කාර්යාලයක් පමණයි. විසදුමක් ලබා දෙන්නේ නැහැ.
බොදුබල සේනා මහ ලේකම් හිමියන් බන්ධනාගාර ගතව සිටින්නේ මා වෙනුවෙන් කළ ක්‍රියාව හේතුවෙන් නොවෙයි. මගේ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ ඉන්නේ ඇප මතයි. නමුත් උන්වහන්සේ බන්ධනාගාරගතව ඉන්නේ අධිකරණයට අපහාස කරමින් ක්‍රියාකළ නිසා යැයි සන්ධ්‍ය එක්නැළිගොඩ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.‘‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්.ජී.ඕ. නඩ ටික සෑහෙන්න කලබල වෙලා.. මොනවා කරන්නත් තව අවුරුද්දක් විතරයි.. අර එල්.ටී.ටී. එකට රටේ නායකයා ඝාතනය කරන්න ඔත්තු දුන්නු හඬ පට ආවේ මාධ්‍යවේදීන් යැයි කියාගන්නා අය නේද?
අනික් දොස්තරගේ හොර වහන්න හොර සහතික දෙන වෙද මාෆියා තියන රටක තව මොනවා හමුදා නිලධාරින්ගෙන් බලාපොරොත්තු වෙන්නද?
88/89 වකවානුවේ කොච්චර ඉන්නවද අතුරුදහන් වෙච්ච අය එයාලා ළඟ විමර්ශනයක් නැද්ද? මුල් රටේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට හැම රහසක්ම එළියට දෙන්න කියලද කියන්නේ...? මේකට මුවාවෙලා ඔක්කොම රණ විරුවෝ ටික හිරේ දාලා කොටින්ට ඕනේ දේවල් කරන්න හදන්නේ... බස්වලට බෝම්බ තියලා අහිංසක මිනිස්සු මරපු කොටි අද එළියේ ඉන්නේ... බොදුබල සේනා හාමුදුරුවන්ට පැමිණිල්ල දැම්මේ මෙයා. උසාවියේ අපහසු වුණයි කියන්නේ මෙයට බැනපු එක නිසා. කොටින්ව අායෙත් ගේන්න ඕනේ කියපු අය දවසින් එළියේ..
මේ කරන්නේ අසාධාරණ ඉල්ලීමක් නොවෙයි. සිය සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලීමක් කරන්නේ. මේකට බොදු බලයයි, රණ විරුවයි, කොටි මරපු හැටියි, එන්.ජී.ඕ. එකයි මොකට පටලවා ගන්නවද?
අතුරුදන් කල අය ගැන කිසිදු වග විභාගයක් නොකරන පුර්වාදර්ශය ඉස්සෙල්ලම මේ රටට හඳුන්වා දුන්නේ චන්ද්‍රිකා ජනපතිනියයි. 88/89 කාලයේ පුද්ගලික පලි ගැනීම් වලට කොයි තරම් අහිංසක කොල්ලෝ මැරුවද. ඒවා කිසිදෙයක් ගැන හොයා බැලීමක් කලේ නැහැ. ඒ අහිංසකයන්ට සාධාරනය ඉටු උනේ නැහැ. ලෝක යුද්ධය කාලේ අපරාද කල අය සොයා අවුරුදු 50 කට පස්සෙත් විමර්ශන සිදු කරලා වැරදි කරුවන් අල්ල ගත්තා. ප්‍රගීත් ට සාදාරනය අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. එහෙත් මේ වගේ එවැනි දෙයක් බලා පොරොත්තු විය නොහැකියි.
මේවා හොඳට ප්ලෑන් කරපුවා.
බොහොම හරි, බමුණුආරච්චි මහත්තයෝ.