සරත් අමුණුගම ජනාධිපති පරීක්ෂණ කොමිසමට මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ වංචා සහ දුෂණ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා වත්මන් රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන වංචා සහ දුෂණ සිද්ධීන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට හමුවේ අද (07) ප්‍රකාශයක් ලබා දී ඇත. 07 May 2019
අයි.එස්ලාට සම්බන්ධ යයි ජපුර මන්ත්‍රී ඇතුළු 4 ක් රඳවාගෙන ප්‍රශ්න කරයි අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්‍රී හාජා මොහිදීන් අල් උස්මාන් සහ ඔහුගේ සහෝදරයා ඇතුළු සිව්දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව වැලිකඩ පොලිසිය අද(07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ දැනුම්දුන්නේය. 07 May 2019
සන්නිවේදනය අවුල් කළ හැකි යන්ත්‍ර 7 ක් අත්අඩංගුවේ දුරකථන සන්නිවේදන ජාල සහ වෙනත් සන්නිවේදන ජාලවලට බාධාකිරීමට යොදාගන්නා ජැමර් යන්ත්‍ර 7ක් සමඟ පුද්ගලයකු මීගමුව නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 07 May 2019
තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ විනිසුරුවරු සිටීනම් අත්අඩංගුවට ගන්න ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධකම් පවත්වන අධිකරණ විනිසුරුවරු සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්නැයි ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද (07) අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කළේය. 07 May 2019
මැද මුලන නඩුවෙහි මූලික විරෝධතාව විසි වෙයි වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කලේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනකුට එරෙහි නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07) ප්රතික්ෂෙප කළේය. 07 May 2019
නාඳුනන අමුත්තෙක් නිසා මුතුපන්තිය කැළඹෙයි හලාවත නල්ලදරන්කට්ටුව මුතුපන්තිය කනිටු විද්‍යාලයේ අද (7) අළුයම කාලයේ කිසිවකු සැරිසැරූ බවට ලද තොරතුරක් මත පාසලට පැමිණි සිසුන් ආපසු නිවාසවලට යවා පොලිසිය, යුද හමුදාව හා දෙමාපියන් යොදවා දැඩි සෝදිසි කිරීමකට ලක් කළ බව මුතුපන්තිය කනිටු විද්‍යාලයේ විදුහල්පති විමලසේන කළුගමගේ මහතා පැවසීය. 07 May 2019
‘මද්රසා පාසල් පාලනය රජයට පවරාගන්න’ මද්රසා පාසැල්වල පරිපාලන කටයුතු වෙනත් පාර්ශවයක් වෙත පැවරීමේ උත්සාහයක් පවතින බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. 07 May 2019
සිව් දෙනකුට මරණ දඬුවම ආරඅවුලක් හේතූවෙන් පුද්ගලයකුට පොලුවලින් ගසා පිහිවලින් කපා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (07) මරණ දඩුවම් නියම කළේය. 07 May 2019
‘ජාතියක් ලෙස රටට ම එක නීතියක් තිබිය යුතුයි’ ශ්‍රී ලාංකික ජාතියක් ලෙස රටටම එක නීති පද්ධතියක් සකස් නොකිරීම ඇතිවී ඇති බොහෝ ප්‍රශ්නවලට හේතුව යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 07 May 2019
මොරගහහේන ඉඩමක ඩෙටනේටර් 179ක් මොරගහහේන තලගලවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ඩෙටනේටර් 179ක් හමු වූ බව මොරගහහේන පොලිසිය කියයි. 07 May 2019
රොටුඹ අමිල-කළුවා තවදුරටත් රිමාන්ඩ් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් කළුවා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි මෙනවිය අද (07) නියෝග කළාය. 07 May 2019
යාපනය සරසවියේ උපකුලපති ඉවතට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වී. විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් ඉවත් කරනු ලැබ තිබේ. 07 May 2019
‘රජයේ වැඩපිළිවෙළට එරෙහිව භික්ෂූන්වහන්සේලා පාරට බහිනවා‘ වත්මන් රජය රටට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව සමඟ භික්ෂුන් වහන්සේ පාරට බැස දැවැන්ත විරෝධතාවයක් ක්‍රියාත්මක කරන බව පැවදිහඩ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී පැවැසූහ. 07 May 2019
තව්හීත් ජමාත් කොළඹ නායක තවදුරටත් රිමාන්ඩ් ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායක මොහොමඩ් සාහිල් මොහොමඩ් ෆාරුක් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය. 07 May 2019
පුද්ගලයින් 11 ක් අතුරුදන් කිරීමේ සිද්ධියේ බුද්ධි නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධ සිද්ධියට අදාල නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනා තව දුරටත් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 07 May 2019
සහරාන්ගේ ගෝලයාගේ නිවස සීඅයිඩී බාරයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස හැදින්වෙන මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයකු බව කියන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉල්හාම්ගේ සිද්ධියට අදාළ නිවස බාරගත් බව අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. 07 May 2019
නාලකද සිල්වා තවදුරටත් රිමාන්ඩ් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 07 May 2019
ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන මඳුෂ්ගෙන් ප්‍රශ්න කරන්න යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා කොතරම් දුරට සම්බන්ධදැයි සෙවීම සඳහා ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව අධිකරණයට දැනුම් දුන්නේය. 07 May 2019
කෝටි දෙකහමාරක මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු පවසති. 07 May 2019
‘සේනා‘ බිත්තර විනාශ කළ හැකි පරපෝෂිතයෙක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩ ඉරිඟු වගාව ඇතුළු කෘෂිකර්ම කේෂත්ර තුළ පැතිර යමින් පවත්නා සේනා දළඹුවන්ගේ බිත්තර විනාශ කළ හැකි පරපෝෂිතයෙකු හදුන්වාදීමට ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනයේ කණ්ඩායමක් සමත්ව සිටිතැයි ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂක (පර්යේෂණ) ආචාර්ය කේ.ඒ. එන්. පී බණ්ඩාර මහතා පැවැසීය. 07 May 2019
වව්නියාවේ ඉඩමකින් ගුවන්යානා නාශක පතුරොම් සොයා ගනී වවුනියාව , අලගල්ල , අලූත්ගම ප්‍රදේශයේ ඉඩමක තිබී ගුවන් යානා නාශක පතුරොම් 85 ක් සොයාගත් බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි . 07 May 2019
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද සිට විවෘතයි පාස්කු ඉරිදා දින සිදු වු ත්‍රස්ත ප්‍රහාරයට ලක්වු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද(07) සිට බැතිමතුන්ට සිය ආගමික වතාවත් සිදු කිරීමට විවෘත කෙරෙන බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි. 07 May 2019
සහරාන්ගේ අනුගාමිකයන් 7 ක් කාන්තන්කුඩියේදී අත්අඩංගුවට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් හත්දෙනකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරියෙක් පැවැසීය. 06 May 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ගැන සොයන්න තේරීම් කාරක සභාවක් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ සුල මුල සොයා ගැනීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (06) යෝජනා වී තිබේ. 06 May 2019
මද්රසා පාසල් නියාමනය ගැන වාර්තාව අගමැතිට බාරදෙයි මද්රසා පැසල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව තැපැල් සේවා සහ මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. 06 May 2019
සහරාන් ඉන්දියාවේ නගරවලට ගොස් ඇත්තේ තමිල්නාඩුව හරහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවල මහ මොළකරු ලෙස සැලකෙන සහ්රාන් හෂීම් ඉන්දියාවේ නගරවලට ගොස් ඇත්තේ තමිල්නාඩුව හරහා යැයි මෙරට බලධාරීන් උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් වෙබ් අඩවිය අද (6) වාර්තා කළේය. 06 May 2019
ටීඑන්ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසර 4 ක සිරදඬුවමක් රජයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වූ දෙමළ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී පී.එච්. පියසේන මහතාට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්ෂ 54ක දඩයකටද නියම කළේය. 06 May 2019
මීගමුවේ ඇතිවූ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායම් 4ක් මීගමුව කොච්චිකඩේ පොරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 06 May 2019
පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ධාතුසේනපුර කලාවැව දියවර ගම්මානයේ අද (06) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි. 06 May 2019
අලුත් තානාපතිවරු 6ක් - මහකොමසාරිස්වරයෙක් අක්තපත්‍ර බාරදෙති ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ තානාපතිවරුන් හයදෙනෙකු සහ මහකොමසාරිස්වරයෙකු අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්හ. 06 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026