කඩු-පිහි සමඟ මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ඌවපරණගම, අඹගස්දෝව ලද්දුම මූදනාව ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් නිවසක් තුළ තිබී කඩුවක් සහ පිහියා පහලොවක් සමග නිවෙස් හිමියා අද (5) හවස අත්අඩංගුවට ගෙන ඇතයි අඹගස්දෝව පොලීසිය පවසයි. 05 May 2019
මුහුණ ආවරණය වන අයුරින් පාසලට නොයෙන්නැයි දැන්වීමක් කොළඹ ප්‍රධාන මුස්ලිම් පාසැලක් වන මරදාන සහිරා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවෙහි අද (05) දිනයේ විශේෂ දැන්වීමක් ප්‍රදර්ශනයකර තිබිණි. 05 May 2019
රජය ගැන අඛණ්ඩව විශ්වාසය තබාගන්නැයි අගමැති කියයි රජය කෙරෙහි සිය විශ්වාසය අඛණ්ඩව පවත්වාගන්නා ලෙසත් ඉදිරි ආර්ථික ක්‍රියාකාරකම් යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යාමට අවශ්‍ය වාතාවරණය හැකි ඉක්මණින් ඇති කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 05 May 2019
අත්අඩංගුවට ගත් මව්ලවිවරු දෙදෙනක් රිමාන්ඩ් මුස්ලිම් අන්තවාදී සංවිධානයක සාමාජිකයන් යයි සැකපිට අත්අඩංගුවට ගෙන රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කුමාරි මල්කාන්ත මහත්මිය හමුවට ඉදිරිපත් කළ රත්නපුර සහ පැල්මඩුල්ල නගරවල මුස්ලිම් දේවස්ථානවල මවුලවීවරුන් දෙදෙනෙකු මේ මස 15 දක්වා රිමාන්ඩ් කිරීමට නියම කෙරිණි. 05 May 2019
‘ප්‍රහාරයට සම්බන්ධ දේශපාලනඥයින්ගෙනුත් ප්‍රශ්න කරන්න’ පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ ප්‍රහාරය සම්බන්ධව දේශපාලන අංශවල කිසිවෙකු සම්බන්ධ නම් ඔවුන්ගෙන්ද තරාතිරම නොබලා ප්‍රශ්න කළ යුතු බවත් එසේ නොමැතිනම් මෙම ප්රශ්නය විසඳා ගත නොහැකි බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන් වහන්සේ පවසති. 05 May 2019
දෙවැනි පාසල් වාරය තවත් සතියකින් ප්‍රමාද කරන්න රටේ පවතින වාතාවරණය තවමත් සම්පූර්ණයෙන්ම යහපත් අතට පත්ව නොමැති බැවින් දෙවන පාසැල් වාරය ආරම්භ කිරීම තවත් සතියකින් ප්‍රමණ ප්‍රමාද කිරීම කාලෝචිත බවත් නිසි පරිදි ආරක්ෂාව තහවුරුවූ පසු සියලු පාසැල් එකම දිනක ආරම්භ කිරීම වඩා සුදුසු බවත් ජනපති, අගමැති ප්රමුඛ වගකිව යුතු බලධාරීන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුව තිබෙන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති. 05 May 2019
‘මුස්ලිම් දේශපාලනඥයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නයි ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණ ඉල්ලයි‘ වර්තමානයේ රටේ ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වයට වගකිවයුත්තන් වන කැබිනට් අමාත්‍ය රිෂාද් බදුද්දීන්, බස්නාහිර හා නැගෙනහිර ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නැයි ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණ රජයෙන් ඉල්ලා සිටින බව එම පෙරමුණේ උතුරු කොළඹ ලේකම් අකුරැස්සේ අරියසාර හිමියෝ අද (05) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ. 05 May 2019
ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා හෝටලය වීඩියෝ කළ අයෙක් අල්ලයි කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවීමට දින 4කට පෙර හෝටලය තුළ හා පිටත වීඩියෝ කළ පුද්ගලයකු කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 05 May 2019
‘ත්රස්ත්රවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සියල්ලන්ට මරණ දඬුවම දියයුතුයි’ ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් ත්රස්ත්රවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට මරණ දඩුවම ලබා දිය යුතු බවත් ඒ සඳහා ලංකාවේ පවතින නිතී කඩිනමින් සංශෝධන කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. 05 May 2019
සමස්ථ මුස්ලිම් ජනතාව දෙස ත්රස්තවාදීන් ලෙස බලන්න එපා සුඵ අන්තවාදින් පිරිසක් කළ විනාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් සමාජයම දෙස සැකයෙන් බලා කටයුතු කළහොත් ඉදිරියේදි අනෙක් මුස්ලිම් තරුණයෝද මුස්ලිම් අන්තවාදයට යොමුවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි අද (05) පොල්ගහවෙල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ ටැම්පිට විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය . 05 May 2019
තමිල්නාඩු තවුහිත් ජමාත්හි කැසට්පට - සීඩී බෑගයක් සොයාගනී තමිල්නාඩු තවුහිත් ජමාත් සංවිධානයේ දේශන සහ විවාද සහිත කැසට්පට සහ සංයුක්ත තැටි(සීඩී) තොගයක් සහිත බෑගයක් වැලිගම දෙනිපිටිය සමගි මාවතේ ගඟ අසළක තිබියදී අද (5) සොයාගත් බව කොක්මාදුව විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි. 05 May 2019
වළ දැමූ සීඩී සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට හොරොව්පොතාන මුක්කර වැව ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ සීඩී තැටි හතළිස් නවයක් සහ පරිගණක තොරතුරු දත්ත ගබඩා හයක්(හාඩ් ඩිස්ක්) ,සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (05) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 05 May 2019
කොච්චිකඩේ බෝම්බකරුගේ සොහොයුරා - සොහොයුරිය අත්අඩංගුවට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාන් නමැත්තාගේ සහෝදරයෙක් සහ සහෝදරියක් අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. 05 May 2019
පොලිස් වෙඩි පහරින් බේරී ඩ්‍රෝන කැමරාව පළායයි නාරාහේන්පිට ජාවත්ත සලුසල ඉදිරිපිට ගුවනේ සැරිසැරූ ඩ්‍රෝන කැමරාවක් පොලිස් වෙඩිතැබීමක් සමඟ අතුරුදන් වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි. 05 May 2019
සහරාන්ගේ කඳවුරක් කාත්තන්කුඩියෙන් සොයාගනී ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් ලෙසට සැලකෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් සොයා ගෙන තිබේ. 05 May 2019
අගරදගුරුතුමාගේ නාමය මීළඟ නොබෙල් සාම ත්‍යාගයට යෝජනා කරයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට මීළඟ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි විවිධ ජාති සහ ආගම් වලට අයත් ආගමික නායකවරු, පුද්ගලයෝ රැසක් අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යෝජනා කරමින් සිටිති. 05 May 2019
ගාල්ලෙන් හමුදා ඇඳුම් 456 ක් සොයාගනී ගාල්ලේ කළ සෝදිසි මෙහෙයුමකදි ස්ථාන හතරක සඟවා තිබූ ආරක්ෂක හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් අත් අඩංගුවට ගෙන ඇත. 05 May 2019
කාශ්මීරයට ආ ලාංකිකයන් ගැන බුද්ධි අංශ විමර්ශනයක් පසුගිය මාස 4 ක කාලය තුළ ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශයට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව එරට බුද්ධි අංශ බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඉන්දීයවේ එන්.ඩී.ටී.වී පුවත්සේවය අද (5) වාර්තා කළේය. 05 May 2019
මුන්දලම කනමුල්ල පාලම යටින් මතුවූ ආයුධ ගබඩාව මුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු දැවැන්ත ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදා කිමිදුම්කරුවෝ පිරිසක් සමත් වූහ. 05 May 2019
යාපනයේ පාසලක විදුහල්පතිනියකට තර්ජනාත්මක ලිපියක් යාපනය චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ නිවසට එම විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් ඊයේ (4) දින අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජය ද ඇතුළත් ජාතික තව්හීත් ජමාත් සංවිධානය නමින් ලිපියක් එවා ඇති බවට යාපනය පොලීසිය පවසයි. 05 May 2019
සතියක් දරුවන් පාසල් නොයවන්න මව්පියෝ තීරණයක දෙවැනි පාසල් වාරය හෙට (6) ආරම්භ කළත් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලට දරුවන් සතියක් යන තෙක් නොඑවීමට දෙමව්පියෝ තීරණය කළහ. 05 May 2019
‘ප්‍රතිත්‍රස්ත පනත ත්රස්තවාදීන්ට සහන පැකේජයක්‘ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ත්රස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයක් බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 05 May 2019
සහරාන් හෂිම්ගේ මස්සිනා-සගයෙක් සෞදියේදී අත්අඩංගුවට පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල දැනුම්දීම මත සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. 05 May 2019
දර්ගා නගරයේ පොල්වත්තක කඩු 5ක් දර්ගානගරය අල කඳු පිටිය ප්‍රදේශයේ පොල්වත්තක තිබූ කඩු 5ක් සොයාගත් බව අලුත්ගම පොලිසිය කියයි. 05 May 2019
මන්නාරමේ කැලයකින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපථ තොගයක් තිබී මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත. 05 May 2019
වැල්ලවායේ පාලමක් යට තිබී ටී-56 ජීව උණ්ඩ 17 ක් සොයාගනී වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේම පිහිටි කිරිදිඔය හරහා ඉදිකර ඇති පාලම යට තිබී ටී 56 ජීව උණ්ඩ 17 ක් අද (5) සොයා ගෙන ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි. 05 May 2019
6 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා හෙට පාසල් ඇරඹේ දෙවැනි පාසල් වාරය හෙට (6) දින ආරම්භ කිරීමේදී 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා පමණක් පාසල් වාරය ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. 05 May 2019
වැලිපැන්න මුස්ලිම් පල්ලියක් අසළින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි වැලිපැන්න පොලිස් වසමේ හිද්‍රා මාවතේ ගලස්සගොඩ මුස්ලිම් පල්ලිය අසල ප්‍රදේශයේ පාලු ඉඩමක වල දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය කියයි. 05 May 2019
කඩු 16 ක් සමඟ පුද්ගලයෙක් බේරුවලදී අත්අඩංගුවට බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බේරුවල හා අවට ප්‍රදේශයන්හි තැන තැන සඟවා තිබූ කඩු 16 ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ. 05 May 2019
පිටකෝට්ටේ නිවසකින් ජීව උණ්ඩ 193 ක් සමඟ කතක් අත්අඩංගුවට පිටකෝට්ටේ එපිටමුල්ල දෙමහල් නිවසක් තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ කොටි සංවිධානය භාවිතා කළ බවට සැකකරන ජීව උණ්ඩ 193 සහ අරුල් 89 වර්ගයේ ආර්.පී.ජී. උණ්ඩයක් සමඟ සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි. 05 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026