ව්‍යාජ රබර් මුද්‍රා සමඟ දෙදෙනෙකු එරාවූර්හිදී අත්අඩංගුවට එරාවූර්හී රජයේ ආයතවල ව්‍යාජ රබර් මුද්‍රා 27ක් සමඟ දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී මුද්‍රණ යන්ත්‍රයක් , ලැප්ටොප් පරිඝනකයක් ඇතුළු ලිපි ලේඛන කිහිපයක්ද සොයා ගෙන ඇත. 06 May 2019
ගෝඨාගේ පෙත්සම ගැන තීන්දුවට දින නියම කිරීම 17 වැනිදා ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 33.9 ක් සාපරාධී පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගයට ගැනීමට විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝග ප්රකාශ්යට පත් කිරීමට දින නියම කිරීම සඳහා රිට් පෙත්සම් ලබන 17 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද ( 06) නියෝග කළේය. 06 May 2019
ත්රස්තවාදයට යළි හිස ඔසවන්න ඉඩ දෙන්න එපා මෙරටෙහි යළිත් ත්‍රස්තවාදය හිස එසවීමට ඉඩ ලබා නොදීම ආරක්ෂක අංශ සහ රටෙහි ප්‍රධානීන්ගේ වගකීම බව උපරිමාධිකරණයේ පැවතී පිළිගැනීමේ උළෙල අමතමින් අභියාචනාධිකරණ නව සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද (06) පැවසීය. 06 May 2019
පාස්කු ඉරිදා ප්රහාරකයන්ගේ රුපියල් කෝටි 714 ක දේපළ - මුදල් සොයාගනී පාස්කු දා රටපුරා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධ ත්රස්තවාදීන් කණ්ඩායම සතුව රුපියල් කෝටි 714 ක වැඩි මුදල් හා දේපළ ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 06 May 2019
වයඹ සරසවි නේවාසිකාගාරයක අධි තාක්ෂණික උපාංගයක් ඇතුළු උපකරණ රැසක් වයඹ සරසවිය ආරම්භයට මත්තෙන් ආරක්ෂක අංශ කළ සෝදිසියකදී සිසු නේවාසිකාගාර කාමරයක තිබී සිම්පත් භාවිතාකිරීමට හැකිවන අයුරින් සකසා තිබූ අධිතාක්ෂණික උපාංගයක් හා සිම්පත් 26ක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් බාරයට ගෙන තිබේ. 06 May 2019
පොලිස්පති ඇතුළු තුනකට 13 උසාවි එන්නැයි නියෝග නීතීවිරෝධී ක්‍රියාකාරකම් වලින් උපයාගන්නා ලද රුපියල් කෝටි 55 ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි මුදල් විශූද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ විත්ති පාර්ශවය 06 May 2019
සාක් සිනමා උලෙළ කල් යයි සාක් මහලේකම් කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන සාක් සිනමා උලෙළ දින නියමයක් නැතිව කල් දැමීමට සංවිධායකයන් තීරණය කර තිබේ. 06 May 2019
පැය 6 කට පසු පියල් නිශාන්ත සීඅයිඩීයෙන් පිටව යයි කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැය 6 ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීට සුළු මොහොතකට පෙර පිටව ගියේය. 06 May 2019
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන් 17 දෙනා තව දුරටත් මේ මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (06) නියෝග කළේය. 06 May 2019
ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් ගෝනි 10ක් නිවසකින් හමුවේ තලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබූ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි. 06 May 2019
පාර අයිනක තිබූ මල්ලකින් අත්බෝම්බ දෙකක් හමුවෙයි මීගමුව මාර්ගයේ බාදුරාගොඩ වේයන්ගොඩ හන්දිය ආසන්නයේ පාර අයිනේ දමා ගිය මල්ලක තිබී අත්බෝම්බ දෙකක් හා විවිධ වර්ගයේ ජීව උණ්ඩ 150 ක් පමණ සොයා ගත් බව පල්ලෙවෙල පොලිසිය පවසයි. 06 May 2019
තවුහිත් ජමාත් තවත් කඳවුරක් නුවරඑළියේ තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් සොයාගත් බව පොලීසිය කියයි. 06 May 2019
ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මන්නාරම තාරපුරම් හි නිවස අද (6) ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසියකට ලක්කළ බව යුද හමුදාව කියයි. 06 May 2019
පියල් නිශාන්ත සීඅයිඩීයට ප්‍රසිද්ධ මාධ්‍යයක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්කු මන්ති‍්‍ර පියල් නිශාන්ත මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 06 May 2019
චාවකච්චේරියේදී හමුදා නිල ඇඳුම් සමඟ දෙදෙනක් අත්අඩංගුවට යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී යුද හමුදාව හා පොලීසිය සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී යුද හමුදා නිලඇඳුම් හා වෝකිටෝකි කිහිපයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චාවකච්චේරි පොලීසිය පවසයි. 06 May 2019
තේ වත්තක තිබී ටී - 56 උණ්ඩ 24ක් හමුවේ පේරාදෙණිය වතුරකුඹුර සිළුමිණිසෑය විහාරය අසළ තේ වත්තක තිබි ටී - 56 උණ්ඩ 24 ක් අද (06)සොයා ගත් බව පොලිසිය කියයි. 06 May 2019
ගැටුම් ඇතිවන තැන්වල මත්පැන් අලෙවිසැල් වසා දමන්නැයි අගරදගුරුගෙන් ඉල්ලීමක් මීගමුව ඇතුළු ගැටුම් ඇතිවිය හැකි සියලූම ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (6) රජයෙන් ඉල්ලීමක් කළහ. 06 May 2019
ගණදෙවි දේවාලය නිරාවි පිල්ලයාර් කෝවිල වෙයි මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ ගණදෙවි දේවාලය නීරාවි පිල්ලයාර් කෝවිල යනුවෙන් නම්කරන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා අද (06) නියෝග කළේය. 06 May 2019
තලතාගෙන් අසාත් සාලිට චෝදනා අධිකරණයේ විනිසුරුවන් පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශයක් කිරීමට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ අධිකරණ අමාත්‍යවරිය ලෙස තමන් දැනුවත් කිරීමේ යුතුකමක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාට තිබුණේ යැයි අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 06 May 2019
වැල්ලම්පිටිය කර්මාන්ත ශාලාවකදී අත්අඩංගුවට ගත් 9 දෙනාට ඇප ෂැන්ගිලා හෝටලේහි මරාගෙන මැරුණු බෝම්බකරු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉල්හාම් අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේදී සැකපිට අත්අඩංගුවට ගත් සේවකයින් 9 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වු ඇප සහිතව මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 06 May 2019
කොටගල විදුහලක් අසළ වෙඩි බෙහෙත් පිරවූ පාර්සලයක් හැටන්, කොටගල සිරි පැරකුම් සිංහල විදුහල අසල කුණු ගොඩක තිබු වෙඩි බෙහෙත් පිරවු පාර්සලයක් අද (06) සොයා ගත්බව දිඹුල-පතන පොලීසිය පවසයි. 06 May 2019
මීගමුවේ සිදු වූ හානිවලට වන්දිගෙවන්න අගමැතිගෙන් උපදෙස් මීගමුවේ ඇතිවු නොසන්නසුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වු පුද්ගල හා පොදු දේපළවලට ඇති වු අලාභානි තක්සේරු කිරීමෙන් පසුව වන්දි ගෙවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. 06 May 2019
සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි තාවකාලිකව ඊයේ සිට (5) රාත්‍රී සිට අවහිර කර තිබූ සමාජ මාධ්‍ය යළි සුපුරුදු ලෙස ක්‍රියාත්මක බව රජය පවසයි. 06 May 2019
බුදුපිළිම කැඩීමේ නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් මාවනැල්ලේ බුදු පිළිම කැඩීම සම්බන්ධ නඩුව අද (06) මාවනැල්ල අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී සැකකරුවන් ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධාගාරගත කිරිමට මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය. 06 May 2019
කඩු-කිනිසි බාරදීමේ කාලය දීර්ඝ කෙරේ නිවෙස්වල සහ යම් යම් ස්ථානවල සගවා ඇති කඩු, කිනිසි, උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත ගෙනැවිත් බාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 06 May 2019
තවදුරටත් ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න මෙතෙක් කටයුතු කළ අයුරින් ඉවසීමෙන් හා බුද්ධිමත් ලෙස කටයුතු කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළම අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ. 06 May 2019
සමාජ මාධ්‍ය යළි අවහිර කෙරේ මීගමුව ප්‍රදේශයේ හටගත් කලහකාරී සිදුවීමක් පදනම් කරගනිමින් නැවතත් ෆෙස්බුක්, වට්සැප්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් ආදී සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට ක්‍රියාකර ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 May 2019
ආගමන විගමන පරිගණක පද්ධතිය ගැන අනතුරු ඇඟවීමක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය පෞද්ගලික ආයතනයක් මගින් සකස් කිරීම හා නඩත්තු කිරීම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුව ඇතැයි එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 05 May 2019
මීගමුවට ඇඳිරි නීතිය මීගමුව පොරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (5) සවස ඇතිවු ගැටුමකින් පසු තත්වය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය මීගමුව ප්‍රදේශයට යෙදූ බව පොලිස් මුලස්ථානය කියයි. 05 May 2019
‘සිසුන්ගේ ආරක්ෂාවට මගේ ආරක්ෂකයින් යොදවන්න’ පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමාගේ ආරක්ෂකයින්ද අනුයුක්ත කරන්නැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශවලට දැනුම් දුන් බව එම අමාත්‍යංශය සඳහන් කරයි. 05 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026