මධූෂ්ගේ ගෝලයා රිමාන්ඩ් මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු වන ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රෙමරත්න ලබන 20 දක්වා බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය. 09 May 2019
කොච්චිකඩේ බෝම්බකරුගේ සහෝදරයන්ගෙන් රඳවා ප්‍රශ්න කෙරේ කොළඹ කොච්චිකඩේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තාගේ සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරිය රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සඳහන් කළේය. 09 May 2019
දෙවට වෙරළ වීඩියෝ කළ රුසියානු ජාතිකයා අත්අඩංගුවට ඩ්‍රෝන කැමරාවක් මගින් දෙවට වෙරළ තීරය විඩියෝ කරමින් සිටි රුසියානු ජාතිකයකු අද (9) අත්අඩංගුවට ගත්බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 09 May 2019
ආරක්ෂාවට විශ්‍රාමික හමුදා නිලධාරීන් කැඳවන්නැයි ජනපතිට ඉල්ලීමක් හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා පාසල් සහ ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශ්‍රාමික හමුදා නිලධාරීන් නැවත සේවයට කැඳවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය. 09 May 2019
මාලිගාවත්ත ළිඳකින් තවත් පිහි 16 ක් සොයා ගනී මාලිගාවත්ත ප්‍රදේශයේ ළිඳකින් තවත් පිහි 16 ක් හා කඩු දෙකක් අද (9) සොයාගත් බව පොලිසිය කියයි. 09 May 2019
අන්තවාදී දේශන සහිත කැසට්පට 14ක් සමඟ මවුලවිවරයෙක් අත්අඩංගුවට රාජගිරිය නාවල පාර නිවසකදී මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් කැසට්පට සමඟ මවුලවිවරයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 09 May 2019
වැලි ගොඩක තිබූ පුද්ගල නාශක බෝම්බයක් පුපුරවා හැරේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක් තැනීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් බව කියන වැලි ගොඩක තිබූ පුද්ගල නාශක බෝම්බයක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට අද (09) ආරක්ෂක අංශ පියවර ගත්තේය. 09 May 2019
එන්ටීජීයට සම්බන්ධ 8 ක් කුරුණෑගලින් අත්අඩංගුවට අන්තවාදී තව්හීත් ජමාත් සංවිධානයට (එන්ටීජී) කෙලින්ම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ පුද්ගලයන් 8 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. 09 May 2019
කිතුණු දේවස්ථානවල ඉරිදා දේව මෙහෙය ලබන ඉරිදා ඇරඹේ පාස්කු ඉරිදා දින එල්ල වූ ප්රහාරයන්ගෙන් පසු නවතා දමා තිබූ දේව මෙහෙයන් කොළඹ දිස්ත්‍රික්කයේ දේවස්ථානවලදී ලබන ඉරිදා සිට යළි ආරම්භ කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 09 May 2019
කතෝලික පාසල් 14 වැනිදා ඇරැඹීමට යයි දැනට වසා දමා ඇති කතෝලික පෞද්ගලික පාසල්වල දෙවැනි පාසල් වාරය ලබන 14 වැනිදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 09 May 2019
මධුෂ්ගේ ගෝලයෙක් කන්දෙණියේදී අත්අඩංගුවට මාකදුර මධුෂ්ගේ ගෝලයකු වන ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රේමරත්න ජීව අත්බොම්බයක් සමඟ කරන්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 09 May 2019
කොස්ගම පාසලක් අසළ ඇළක ටී-56 උණ්ඩ දැමූ මැගසිනයක් කොස්ගම සුමේධ මහා විද්‍යාලය ආසන්නයේ ඇළ මාර්ගයක තිබී ටී 56 ගිනි අවි සදහා යොදන ජීව උණ්ඩ දැමු මැගසිනයක් අද (09) උදෑසන සොයා ගත් බව කොස්ගම පොලිසිය පවසයි. 09 May 2019
පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා ගත් සැකකරු යළි රිමාන්ඩ් පාර්ලිමේන්තු අවසරපත්, පාර්ලිමේන්තුවේ සිතියමක්, ජීව පතරොම් දෙකක් සහ පිටුපස තට්ටුව සැකකටයුතු ලෙස වෙනස් කර නැගෙනහිර පළාතේ ලියාපදිංචි කළ කැබ් රථයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු මේ මස 23 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (9) නියෝග කළේය. 09 May 2019
අගමැති අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් බැහැ දකී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් සහ රාමඥ්ඥ නිකායේ මහා නාහිමිවරුන් බැහැ දුටුවේය. 09 May 2019
රදගුරු සම්මේලන ශාලාවට ජනපති එයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවට පැමිණ එම සම්මේලනයේ රදගුරුවරුන් හමුවිය. 09 May 2019
උමාඔය නඩුව තීන්දුවකින් තොරව අවසන් උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා ‘‘උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ‘‘ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව තීන්දුවකින් තොරව අවසන් කිරීමට මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා අද (08) තීරණය කළේය. 08 May 2019
තවුහිත් ජමාත් සංවිධානයට අයත් ටී- 56 අවි දෙකක් සොයාගනී තවුහිත් ජමාත් සංවිධානයට අයත් බවට සැකකරන ටී 56 අවි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් වාලච්චේන මීරාඔඩෙයි ප්‍රදේශයේ හා කුඹුරුමුල්ල කජුවත්ත ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය කියයි. 08 May 2019
මඩකලපු සරසවියේ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නීති රීති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. 08 May 2019
කොළඹ මහ නගර සභා ඩිපෝව අසළින් තහනම් පිහි 16 ක් සොයාගනී මරදාන ආනෝල්ඞ් රත්නායක මාවතේ කොළඹ නගර සභා ඩිපෝව ආසන්නයේ සැකකටයුතු පාර්සලක තිබී රම්බෝ වර්ගයේ නවීනතම තහනම් පිහි 16 ක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි. 08 May 2019
පොලිස් නිලධාරිනියකට බලහත්කාරකම් කළ දෙදෙනෙකු රිමාන්ඩ් සේවය නිමා කර නිවස බලා යමින් සිටි පොලිස් නිලධාරිනියකට මහ මග රැක සිට බලහත්කාරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද (08) නීතිඥයකු මගින් මහියංගන අධිකරණය වෙත භාරවීමෙන් පසුව ඔවුන් දෙදෙනා මේ මස 22 වැනිදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා නියෝග කළේය. 08 May 2019
රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත රෝගීන්ට දෙන්නැයි ඉහළින් බලපෑම් එල්ලවුණා පිළිකා රෝගීන් සඳහා ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත රෝගීන්ට නියම නොකරන විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම බෙහෙත නියම කරන ලෙසට බල කරන අවස්ථාවන්ද තිබූනේ යැයි මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08) පැවසුවාය. 08 May 2019
මීගමුවේ දෙපිලම සමාදානයට කැමතිවෙති මීගමුව ප්‍රදේශයේ දෙපිරිස් අතර ඇතිවූ ගැටුමෙන් පසු ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය සිද්ධිය සමතයකට පත්කර ගැනීමට ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 May 2019
හදිසි අවස්ථාවක දැනුම් දෙන්න අංකයක් හදිසි අවස්ථාවක හෝ සැකකටයුතු තොරතුරක් දැනුම් දීම සදහා 113 නමැති නව අංකයක් හඳුන්වා දී තිබේ. 08 May 2019
ඊබ්රාහිම්ගේ ගෝලයින්ට ඇප ලැබුණේ නිලධාරියකුගේ වරදින්ද වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි සේවකයන් 9 දෙනා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් අරඹා තිබේ. 08 May 2019
ත්‍රස්ත ප්‍රහාරයෙන් දරුවන් අහිමි වු පියාගේ පෙත්සම සළකා බැලීම කල් යයි පාස්කුදා ප්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වූ පියෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම මෙම මස 21 වැනි දින මේ සම්බන්ධ අනෙකුත් පෙත්සම් දෙක සමඟ කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය. 08 May 2019
සහරාන්ගේ සගයා නිදහස් කරන්න අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා දීමට යෑමේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (8) නියෝග කළේය. 08 May 2019
සිනමාහලේ මත්පැන්හල වැසේ සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් බලපත්‍ර ලබාදීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් නිකුත් කරන නිර්දේශ ලිපි මින් ඉදිරියට නිකුත් නොකරන බවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 08 May 2019
කංජිපානී ඉම්රාන් ඇතුළු දෙදෙනෙක් අද අධිකරණයට ඩුබායි සිට පිටුවහල් කිරිමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන කංජිපානී ඉම්රාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අද (8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. 08 May 2019
තොරතුරක් නැති ලාංකික ශ්‍රමිකයින් සොයන්න කාර්යාංශය සහය ඉල්ලයි ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව ගිය, මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව තොරතුරු සොයාගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 08 May 2019
මත්කුඩු ජාවාරම්කරුවකුට වසර 4කට පසු මරණ දඬුවම කොළඹ ආදුරුප්පුවීදීය ප්‍රදේශයේ හෙරොයින් බෙදාහරිනු ලැබූ මත්කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (08) මරණ දඬුවම නියම කළේය. 08 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026