නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලට ගෞරව කර මිනිසුන් කොරෝනා වයිරසයෙන් මිය යෑම නැවැත්වීම සඳහා නිවෙස්වලට වී සිටින්නැයි බ්‍රිතාන්‍ය නායකයෝ අද (24) එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියහ.
‘‘ඔබ ගෙදර හිටියේ නැතිනම් ඔබ ගොඩාක් ආදරය කරන මිනිස්සු මැරෙන්න පුළුවන්’’ යැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන මයිකල් ගෝව් පැවැසීය.
රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
යුරෝපයේ අනෙකුත් රටවල් ඔවුන්ගේ රටවල් වසා දැමීමට එනම් රටේ කටයුතු සීමා කිරීමේ ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ගය අනුගමනය කළ අතර බ්‍රිතාත්‍ය අග්‍රාමාත්‍යවරයාට ද එම ක්‍රියාමාර්ග ගැනීමට දැඩි පීඩනයක් එල්ල විය.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු කටයුතු නවතා දමන බවත් ජනතාවට නිවසට වී සිටින්නැයි නියෝග කරන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳුඳා (23) නියෝග කළේය. යුරෝපයේ රටවල් සියල්ලම පාහේ මේ වනවිට එම ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් ඊයේ පස්වරුව වනවිට බ්‍රිතාන්‍යයේ මියගිය ගණන 335 දක්වා ඉහළ ගියේය.
මේ අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තා විය.
(ඒ.එෆ්.පී. 055)
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
නිවෙස්වලටම වී සිටින්නැයි බ්‍රිතාන්‍ය රජයෙන් මහජනතාවට නිවේදනයක්