IMG-LOGO

ශ්‍රී ලාංකිකයින් 7 ක් ඉතාලියේදී ස්වයං නිරෝධායනයට

(තිළිණි  ද සිල්වා)
 
කොරෝනා වයිරස ආසාදනය වී ඇත්දැයි යන්න සැක හැර දැන ගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු සිය නිවෙස් වල ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය  කියයි.
 
 මෙම ලාංකිකයින් පිරිස ස්වයං නිරෝධනයට නිරත වනවා හැරෙන්නට මොවුන් කොරෝනා ආසාදිතයින් ලෙසට එරට කිසිඳු රෝහලකින් නිසි වෛද්‍ය වාර්තා නිකුත් කර නොමැති බව ඉතාලියේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල තහවුරු කර ඇති බව අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවුසවාය.
 
 ඉතාලියේ රැදී සිටින ලාංකියින්ට අට දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය යැයිද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.
 
 ඉතාලියේ සිට ස්වයං නිරෝධානයේ නිරතවන ලාංකිකයින් 7 දෙනා එරට උතුරු පළාත් වන ලොම්බාර්ඩියා හි මිලාන්  , එමිලි රොනින්ගා ප්‍රදේශයන් හි පදංචිකරුවන් යැයිද ඔවුන් සිය පවුලේ සමාජිකයින් ගෙන් ඈත්ව සිටින බවද ඇය වැඩිදුරටත් කීවාය.
 
 මීට පෙර  ඉතාලියේ දී  කොරෝනා වයිරසය ආසාදනය වූ ලාංකිකයකු පිළිබඳ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කරුණු තහවුරු වූයේ ඉකුත් 03 වැනිදාය.
 
 



අදහස් (4)

ශ්‍රී ලාංකිකයින් 7 ක් ඉතාලියේදී ස්වයං නිරෝධායනයට

රවිඳු Tuesday, 24 March 2020 01:40 PM

ඉතාලියේදී, කොරෝනා අසාදනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් ගැන ඉතාලි රජය බලා ගනීවි. ඔය කියන සංඛ්‍යාවට වඩා අනිවාර්යයෙන්ම එය වැඩි අගයක් ගෙන ඇති. ඉතාලියේ පමණක් නොවේ, මේ වනවිට ප්‍රංශයේ , ජර්මනියේ එංගලන්තයේ ඇමරිකාව තුලත් ඕනෑතරම් ඇති. ඒවායින් අපිට ඇති වැඩේ කුමක්ද? තවම කවුරුත් මරණයට පත්වී නැහැනේ.

:       51       0

sanath ithaliya Tuesday, 24 March 2020 02:49 PM

ගොඩක් ස්තුති මහත්මයා. අපිව වටින්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු හැ‌‌මෝටම එක විදියට සලකන්නේ කළුද සුදුද කියල බලන්නේ නැහැ. වැඩක් බලාගන්න. අර ඉතාලියෙන් කොරියාවෙන් ගිය පිරිසට වඩා ඔබ කුහකයෙක්.

:       0       1

NilanthaTuesday, 24 March 2020 04:17 PM

මනුස්සයෙක්ද? පිටසක්වල ජිවියෙක්ද?

:       0       1

Prabha Tuesday, 24 March 2020 05:06 PM

සමහරුන්ට පුදුම වයිරයක් තියෙන්නේ ඉතාලියත් එක්ක. සමහර විට යන්න ගිහින් බැරිවුණු අය වෙන්න ඇති..

:       0       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 88 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 53 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site