(තරංග ගුණරත්න)
වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට සහන සැලසීම සදහා වැලිගම ප්‍රාදේශීය සභාවේ අරමුදල මගින් ලක්ෂ එකසිය විස්සක මුදලක් වෙන්කල බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැටිටගේ මහතා පවසයි.
පවතින කොරෝනා වයිරසය අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරු වැලිගම ප්‍රාදේශීය සභාව වෙත විශේෂ කැඳවීමක් කළ බවත් එහිදී ගත් තීරණයකට අනුව වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු පුරවැසියන්ට සහන සැලසීම සදහා ලක්ෂ එකසිය විස්සක මුදලක් වෙන් කළ බව සභාපතිවරයා පවසා සිටී.
තවද මේ යටතේ නගරයේ පිරිසිදු කම පවත්වා ගැනීම , ජනතාවට සහන මල්ලක් ලබාදිම, ජනතාවට පානීය ජලය ලබාදීම , සහ විශේෂයෙන්ම කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මෙහි දී සිදු කිරීම බලාපොරොත්තු බවද හෙතෙම පැවසී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් ක්‍රියාවක්.
පරක්කු වී හෝ අඩු ආදායම් ලබන ජනතාවක් සිටින බව මතක් උනාට මල් මිටක්.