(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මෙතෙක් කිසිදු කොරෝනා තත්වයේ රෝගියෙකු හමුවී නොමැති බවත් එහෙත් ස්වයං-නිරෝධයේ යෙදෙන්නට 611 දෙනෙකු අද(24) සවස් වන විට යොමුකර ඇති බවත් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මිය පැවසුවාය.
හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයත් මහජන පරීක්ෂකවරුන් මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලීසිය හා ප්‍රාදේශීය සභා එක්ව කොරෝනා වසංගත තත්වයේ ව්‍යාප්තිය වැලැක්වීම සදහා සාර්ථක වැඩ පිළිවෙළක් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමිය පැවසුවාය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන මේ වන විට මනා සංවිධානාත්මක මෙම උවදුරෙන් ගැලවීම සදහා කටයුතු කළද ප්‍රදේශයේ ඇතැම් ජනතාව ඇදිරි නීතිය අවසන් වීමත් සමග එක් රොක් වී කටයුතු කිරීමට පෙළඹවීම ඉතා භයානක බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකවරිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදමූලනේ ඉන්න උදවියත් නිරෝධායනය වෙනවා ඇති ෂුවර් එකටම. මහමැතිවරණයක් එනකම්..