IMG-LOGO

ඔලිම්පික් උළෙල වසරකින් කල්යයි

ටෝකියෝ (ඒ.එෆ්.පී)

මේ වසරේ ජූලි 24 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල, කොරා්නා වයිරසයේ බලපෑම හේතුවෙන්, තවත් වසරකින් කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. එහෙත් එය ‘ටෝකියෝ 2020‘ යනුවෙන්ම හැඳින්වෙන බව ටෝකියෝ ආණ්ඩුකාරයා වන යුරිකෝ කොයිකි පැවසීය.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ටෝකියෝ ඔලිම්පික් උළෙල කල්දැමීමට තමන් එකඟ වූ බව ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා පැවසීය. මෙම තීරණය ගැනීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ලෝකය පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝත්, ඇමරිකා එක්සත් ජනපදයත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට චෝදනා කරමින් සිටීයහ.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් කැනඩාව මෙන්ම ඕස්ටේ්‍රලියාවද මේ වන විටත් ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වී සිටිති. එක්සත් ජනපද ඔලිම්පික් කමිටුව කියා සිටින්නේද ඔලිම්පික් උළෙල කල්දැමීම මේ වන විට ෂතුව තිබෙන හොඳම විකල්පය බවයි.  



අදහස් (1)

ඔලිම්පික් උළෙල වසරකින් කල්යයි

ජගත් Tuesday, 24 March 2020 01:23 PM

තව වසරකින් එම තරගය පැවැත්වීමට ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරමු.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 90 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 55 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site