රජයේ වාහන මැතිවරණයට ගත්තොත් ලක්ෂයක් අයකරයි
කැබිනට් ඇමැතිවරුන්, විපක්ෂ නායක, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඊට සමාන තනතුරු දරන මන්ත්‍රීවරුන්ට රජයෙන් දී ඇති නිල වාහන මැතිවරණයේදී සිය දේශපාලන කටයුතු සඳහා යොදාගන්නේ නම්, ඒ සඳහා එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් මාසික ගාස්තුවක් අයකරගැනීමට රජය තීරණය කර ඇත.